ඒ රාත්‍රී කාලයයි. ඔහු සිටියේ හුදෙකලාව ය.
ඈතින් චක්රාකාර නගරයක තාප්ප දුටු ඔහු ඒ දෙසට පියනැගුවේය.
ඒ ආසන්නයට පැමිණෙත්ම ඔහුට ප්‍රීතියෙන් තබන පියවර හඬ, සතුටු මුවින් නැගෙන සිනා හඬ හා වීනාවලින් උස් හඬින් නැගෙන ඝෝෂාකාරී ශබ්දය අසන්නට ලැබිණ. ඔහු දොරටුවට තට්ටු කරත්ම දොරටුපාලයෝ පැමිණ ගේට්ටුව විවෘත කළහ.
ඔහුට කිරිගරුඬෙන් තැනුන නිවසක් ද එය ඉදිරිපිට වූ අලංකාර කිරිගරුඬ කුළුණු ද දකින්නට ලැබිණ. කුළුණු මල්මාලා එල්ලා හැඩකර තිබූ අතර ඇතුලතත් පිටතත් දේවදාර පන්දම්වලින් නැගුන ආලෝකයෙන් දිලුනේය. ඔහු නිවසට ඇතුළු විය.
කැල්සිඩොනි පළිඟුවලින් නිමවූ ශාලාවත් සූර්යකාන්ත පාෂාණවලින් නිමවූ ශාලාවත් පසුකරගෙන ගොස් දිගට විහිදුනු උත්සව ශාලාවට ලඟාවූ ඔහුට දම්පැහැ පිළියෙන් හැඩගැන්වුන කවිච්චියක් මත වැතිර උන් රෝස මලින් හිසෙහි ඔටුන්නක් පැළඳි, තොල් වයින්වලින් රත්පැහැ ගත් පුද්ගලයෙකු දකින්නට ලැබිණි.
පිටුපසින් ඔහු වෙත ලඟා වී උරහිසට අත තබා ඔහු මෙසේ විමසීය. "ඇයි ඔබ මේ විදිහේ ජීවිතයක් ගතකරන්නේ?"
ආපසු හැරුන තරුණයා ඔහු හඳුනාගෙන, "මම ලාදුරු රෝගියෙකුව සිටියා. ඔබයි මාව සුවකලේ. ඉතින් මා ජීවත් වියයුත්තේ වෙනත් කුමන ආකාරයකටද? යනුවෙන් පිළිතුරු දුන්නේය.
නිවසින් බැහැර වූ ඔහු නැවතත් වීදියට පිළිපන්නේය.
මද වේලාවක් ගතවෙත්ම ඔහුට දක්නට ලැබුනේ මුහුණත් පැළඳි ඇඳුමත් එක සේ වර්ණ ගැන්වූ, මුතු අල්ලා හැඩකළ පාවහන් පැළඳි අයෙකි. ඇය පසුපසින් දඩයක්කරුවෙකු මෙන් සෙමින් සෙමින් පැමිණියේ වර්ණ දෙකකින් යුතු දිගු සළුවක් පැළඳි තරුණයෙකි. කාන්තාවගේ මුහුණ දේව ප්‍රතිමාවක මෙන් පැහැපත් විය. තරුණයාගේ දෑස කාමතෘෂ්ණාවෙන් දිලුනේය.
ඉක්මන් ගමනින් පසුපසින් ගිය ඔහු තරුණයාගේ අත ස්පර්ශ කළේය. "ඇයි ඔබ මේ කාන්තාව දෙස මේ අයුරින් බලන්නේ?"
ආපසු හැරුන තරුණයා ඔහු හඳුනාගෙන මෙලෙස පැවසීය. "මා වරක් අන්ධයෙකුව සිටියා. ඔබයි මට පෙනීම ලබාදුන්නේ. වෙන කුමක් දිහා මා බලන්නද?"
ඉදිරියට දිවගිය ඔහු කාන්තාවගේ වර්ණවත් ඇඳුමට අත තබා ඇයට කතා කළේය. "මෙම පාපකාරී අයුරින් හැරෙන්නට වෙනත් විදියක් නැත්ද ඇවිදින්නට?"
ආපසු හැරුන කාන්තාව ඔහු හඳුනාගෙන, "ඔබ මගේ පාපයන්ට සමාව දානය කළා. දැන් මම ගෙවන්නේ ප්‍රසන්න, නිදහස් ජීවිතයක්." යයි සිනාසෙමින් පැවසුවාය.
ඔහු නගරයෙන් පිටතට පැමිණියේය. නගරයෙන් පිටතට පැමිණි පසු තරුණයෙකු පාර අද්දර වාඩි වී වැළපෙමින් සිටිනු ඔහුට දර්ශණය විය.
තරුණයා වෙත ගමන් කළ ඔහු තරුණයාගේ දිගු කෙස් රොදක් ස්පර්ශ කර, "ඇයි ඔබ වැළපෙන්නේ?" යනුවෙන් විමසා සිටියේය.
හිස ඔසවා බැලූ තරුණයා ඔහු හඳුනාගෙන මෙසේ පිළිතුරු දුන්නේය. මා එක් වරෙක මියගියා. ඔබ මට නැවත ජීවිතය දානය කළා. වැළපෙන්නේ නැතිව මා වෙන කුමක් කරන්නද?
* * *
ඔස්කා වයිල්ඩ් ගේ The Doer of Good නම් කතාවේ පරිවර්තනයක් වන මෙය හැඳින්වෙන්නේ ගද්‍ය කාව්‍යයක් ලෙසයි.
_-_(MeisterDrucke-1663616).jpg)
• යහපතේ අනපේක්ෂිත ප්‍රතිඵල: යමෙකුට කරන යහපතක් හෝ උදව්වක් සැමවිටම ඔවුන්ගේ ජීවිතය යහපත් අතට හරවන්නේ නැති බව මෙම කතාවෙන් පෙන්වා දෙයි.
ReplyDelete• නිදහස් කැමැත්ත: මිනිසුන්ට පැවැත්මක් සහ නිදහසක් ලබා දුන් පසු, ඔවුන් තමන්ගේම දුර්වලතා සහ ආශාවන් නිසා නැවතත් විනාශයට යොමු විය හැකි බව මෙහි නිරූපණය වේ.
• උපහාසාත්මක දෘෂ්ටිය: සාම්ප්‍රදායික ආගමික හා සදාචාරාත්මක ඉගැන්වීම් දෙස ඔස්කා වයිල්ඩ් හෙළන ගැඹුරු, උපහාසාත්මක බැල්ම මෙම කෙටි නිර්මාණය තුළ මැනවින් කැපී පෙනේ.
මට නොතේරුන නිසා ඒ-අයියගෙන් ඇහැව්වා.
යහපත කියන්නේ මොකක්ද? යහපත තීරණය කරන්නේ කවුද? මේ කතාවේ සිටින ගැලවුම්කරුට හැම දෙයක්ම දැනගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔහුටත් දැනුමේ සීමාවක් තිබුණාද?
ReplyDeleteමේ මිනිස්සුන්ට තමන් ලබා දුන් සුවය, ඇස් පෙනීම, සමාව සහ නැවත ජීවිතය ලැබුණට පස්සේ ඔවුන් මොනවා කරයිද කියලා ඔහු කලින් දැනගෙන හිටියාද?
එහෙම දැනගෙන හිටියේ නැත්නම්, ඔවුන්ගේ පසුකාලීන හැසිරීම ගැන ඔහු ප්‍රශ්න කරන්නේ ඇයි? දැනගෙන හිටියා නම්, ඒ දේවල් ලබා දුන්නේ ඇයි?
ඔහු මිනිසුන්ට යහපතක් කළේ ඔවුන්ගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන්ද? එහෙම නැත්නම් කිසිම බලාපොරොත්තුවක් නැතුවද?
එහෙම නම් මේ කතාවෙන් ඇත්තටම ප්‍රශ්න කරන්නේ මිනිසුන්ගේ හැසිරීමද? නැත්නම් යහපතක් කළ පසු ඒ වෙනුවෙන් අනෙකාගේ ජීවිතය විනිශ්චය කිරීමට අපට අයිතියක් ඇතැයි සිතන අපේම මානසිකත්වයද?ඔන්න ඔහොම තමයි මට AI කිව්වේ. හොල්මන් කතාවක් කියෙව්වටත් වඩා හොල්මන්
ඒ-ඒ අයියට, ඒ ඒ කෙසෙල් ගෙඩි කියලයි මට හිතෙන්නෙ. අහන ඒජන්ට් සහ අපේ ප්‍රොෆයිල් එක අනුව අර්ථදැක්ම ටිකක් වෙනස් වෙනවා වගෙයි නේද? ඒත් දෙකම වැරදි නැහැ, අපට වඩා උන්දලට තේරෙනවා. 🤔
Deleteමා සිතන්නේ ඔස්කා වයිල්ඩ්ටත් අවශ්‍ය වෙන්නට ඇත්තේ ඔය ප්‍රශ්න සමාජය වෙත යොමුකරන්නට විය හැකියි. අප යහපතක් කළත් එය ලබන්නා හැමවිටම ඒ හා සමානවම යහපත් වෙතැයි බලාපොරොත්තු වීම හරිද? එය දෙවියන්ගේ පාලනයෙනුත් ගිලිහෙනවා වගේ. ඔහුටත් සීමා තියනබවක් තමයි පෙනෙන්නේ. එමෙන්ම ඔහු අසන ප්‍රශ්න කොතරම් සාධාරණද? ඇයි ඔහොම සැප විඳින්නේ? ඇයි ඔහොම ඇවිදින්නේ? ඒ ප්‍රශ්නත් සාධාරණ ද කියලා හිතන්නත් පුළුවන්.
Delete👍👍👍
ReplyDelete