විනිශ්චය - xvi

                                        පරිච්ඡේදය 10 - දෙවන කොටස


ඩියැක් ෆොස්ටර් ඔහුගේ කැරකෙන පුටුවේ වාඩිවි බූට් සපත්තු  පැළඳි දෙපා මේසය මත තබාගෙන සිටියේය. "මේච්චර කලින් ආවේ?" බක් විමසීය. "මට අහන්න ලැබුනා ඔබ මැක්ග්‍රාත් එක්ක ගැටුමක් වෙලා වෙඩි වැදිලා පිහි ඇනුමකටත් ලක්වෙලා කියලා. මට හිතුනා ඇවිත් රාජකාරි බාරගත්තොත් හොඳයි කියලා." 

ඩියැක්ගේ අහංකාර පරවශ බව බක්ට නොදැනෙන්නට හේතුවක් නොවී ය. පළමුව, පුටුවෙහි වාඩිවී මේසය මත දෙපා තබාගෙන සිටිනවා දකින්නට බක් කැමති නැති බව සහය ෂෙරිෆ්වරයා දැන සිටියේය. දෙවනුව, ඔහු කාර්යාලයට ඇතුල්වන විට ඩියැක් නැගී සිටිනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඩියැක් ඔහු විසින් බඳවාගත්තෙකු වූ අතර ඔහු අස්කිරීමේ බලය ද බක් සතුව තිබිණ. 

විනිශ්චය - xv

මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවෙයි. 

විනිශ්චය

 ලිට්සීකර් විසින් පරිවර්තනය කරනු ලබන විනිශ්චය නවකතාව කියවන සුලුතරයක් වූ සහෘද පිරීස වෙතයි. මේ දිනවල ලිට්සීකර් ගිලන්ව සිටින බැවින් එය ඉදිරිපත් කිරීම අතපසු වී ඇති බව ද සුව වූ පසු ඉතිරිය පළකරන බව දන්වමි.

විනිශ්චය xiv

                                                        පරිච්ඡේදය 9 

(රූපය Copilot AI වෙතින්)

    සිරගෙදරට ආ බක් කළ පළමු කාර්යය වූයේ සිරකරුවන් රඳවන කුටි වෙතට නොන්ඩි ගසමින් ගොස් රිවෝල්වරය හා පිහිය අහුලා ගැනීමයි. ඔහුගේ කකුලත් අතත් දෙකම වේදනා ගෙනදුන් අතර ඔහු සිටියේ කෝපසහගත සිතකිනි. "ජේසු තුමන්ගේ නාමෙට මගේ අතට මොකද වෙන්නේ? මොකක්වත් ප්‍රතිකාරයක් කරන්නැද්ද?" යනුවෙන් මැක්ග්‍රාත් කෙඳිරිලි හඬින් පවසද්දී කෝපය පිටවන දෙනෙතින් ඔහු දෙස ඔරවා බැලූ බක්ගේ පිළිතුර එළියට පැන්නේ ගෙරවිලි හඬකිනි. "මට ඕනැ විදියට කරන්න දෙනවනං උඹව එල්ලන්නෙ ඔය ඉන්න විදියටමයි. මගේ කකුල? මගේ අත? ඒවට කොහොමද දැනෙන්නෙ කියලා තමුසෙට හිතෙන්නෙ නැද්ද?"

විනිශ්චය - XIII

        මේ දක්වා:

     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවෙයි.