නුවණක්කාර අක්කාට ප්‍රශ්න පත්තරයක්!

 




1.අක්කේ, බදු වලින් නිදහස් කරත් කිරිපිටි වලින් ලාබයක් ගන්න බෑ කියන්නෙ ඇත්තද?

2. බදු නිදහස නිසා කිලෝ එකකට අඩුවෙන මුදල රු. 37ක් උනාම ලාබය රු. 3 ක් ලු, ඒ ලාබය මදිද අක්කේ?

3. ලංකාවේ රූපවාහිනී නාලිකා කීයක් තියනවද? ඒ එක චැනල් එකක දවසකට කීයක් කිරි දැන්වීම් දානවද? ඒ සඳහා යන වියදම කීයද? චැනල් ඔක්කොම වෙනුවෙන් දවසකට කීයක් වියදම් කරනවද?

4. ලංකාවේ ගුවන්විදුලි සේවා කීයක් තියනවද? ඒ එක සේවයක දවසකට කීයක් කිරි දැන්වීම් දානවද?

     ඒ සඳහා යන වියදම කීයද?  FM චැනල් ඔක්කොම වෙනුවෙන් දවසකට කීයක් වියදම් කරනවද?

5. අපි කඩේ යනකොට අක්කේ ඉස්සරහ දොර ලෑලි වල අලවලා දිලිසි දිලිසි තියන දැන්වීම් කොල වලට කීයක් විතර වියදම් වෙනවා ඇද්ද?

6. අක්කේ ඔය එක එක ක්‍රීඩා දියුණු කරන්ඩ ක්‍රීඩා සංගම් වලට, තරග සංවිධානය කරන්න වැය කරන මුදල කීයද?

7. 3-5 වෙනකං ප්‍රශ්න වලට උත්තර හැටියට එන සම්පූර්ණ මුදල ලක්ෂ කීයක් විතර වෙයිද? ඒ මුදල අක්කගෙ කිරිපිටි සමාගම දරාගන්නවද නැත්නම් කිරිපිටි පැකට්ටුවේ මිලට එකතු කරනවද?

8. ඔය ඌරු තෙල්, අර තෙල්, මේ තෙල් දාන කතා කොච්චර කිව්වත් අපට ඔය පිටි ටිකක් දිය කරගෙන තමයි අක්කේ බොන්න තියෙන්නේ! ලීටරේට රු. 260 ගානෙ දිල කිරි බොන්න කොහෙ තියන සල්ලිද? ඒ හින්ද අර කියපු දැන්වීම් එකක්වත් නොදැම්මත් අපි ඕව අරන් බොනවනෙ අක්කේ! එහෙව් එකේ ඕව ඔක්කොම නවත්තලා ඒ වියදම ඉතිරි කර ගත්තොත් කිරිපිටි පැකට්ටුවක මිල කීයකින් අඩු කරන්න පුළුවන්ද?

9. ඒ ඉතිරි කර ගන්න වියදම අර ලාබය රු. 3 ට එකතු කරහම ලාබය කීයක් වෙයිද? පැකට්ටුවක මිල තව ටිකක් 

   කරන්නත් බැරි වෙයිද?

10. අක්ක මේ ප්‍රශ්න ටික අයිය එක්කත් කතා කරල උත්තර ටික හොයලා ඒ හැටියට කරන්න පුළුවන්ද කියල

     කියනවද? 

පසුව ලියමි:

අනේ අක්කෙ තව එකම එකක් අමතක උනා. තරහ නැතිව මේ ගැනත් හිතල බලන්න. ඔය කිරිපිටි අහුරන පැකට්ටුව හරි ලස්සනයි අක්කෙ, මූණ බලන්න පුළුවන් තරමට දිලිසෙනවා. ඒ උනාට කිරි ටික ඉවර උනහම ඒක කුණු ටැට්ටරේට තමයි. එහෙව් එකේ ඒකත් අයින් කරන ලාබෙට ඇසුරුමක් දාගත්තනං ඒ ලාබෙත් අක්කටයි අපටයිනෙ. අයියත් එක්ක කතා කරන වෙලාවට ඒ ගැනත් කියල බලන්න! 

No comments:

Post a Comment