ගුරු සංගමයේ ඉල්ලීම මත හෙද වැඩ වර්ජනය නවතී!

 

(කාටූනය cartoonmovement වෙතින්)

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා මඩගස්කරයේ රජයේ රෝහල්වල හෙද හෙදියන් විසින් දියත් කර ඇති වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හැර දමා රජය විසින් ලබාදෙන හොඳම විසඳුම පිළිගන්නා ලෙස එරට අන්තර්ජාතික ගුරු සංගමයේ ලේකම් ලියොන් ට්‍රොට්ස්කි මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට ගරු කරමින් වහාම වැඩ වර්ජනය අත්හැර දැමීමට තීරණය කළ බව එරට හෙද සංගමයේ සභාපති ඉස්මුරුත්තාවේ නාලන්ද පූජකතුමන් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. මෙය සංගමයේ කාරක සභාව අද පැවති හදිසි රැස්වීමක දී ගත් ඒකමතික තීරණයක් බව ද උන්වහන්සේ පැවසූහ. මෙවැනි කාලෝචිත යෝජනාවක් කිරීම ගැන තම හදපිරි කෘතඥතාව අන්තර්ජාතික ගුරු සංගමය වෙත පිරිනමන බව ද උන්වහන්සේ සඳහන් කළහ. ඉදිරියට ද මෙවැනි දුරදක්නා නුවනින් කෙරෙන යෝජනා බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

Neck-Breaking- News පුවත් ඒජන්සිය


3 comments:

  1. අම්මට සිරි මරු සීන් එකක්!

    ReplyDelete
  2. අඩ්ඩෙහ්... ට්රොට්ස්කි ගෙ ලියුම මෙහෙ ස්ටාලින් දැක්කනං, මෙහෙත් නවත්තනව ස්ට්‍රයික්...

    වැඩ වර්ජන කරන්නෙ අපට ආදරේට නෙමෙයි මල්ලි...

    ReplyDelete