"නිරන්තරයෙන් වැටෙන ජල බිංදුවෙන් ගලෙහි සිදුරක් සැදෙන්නේ බලය නිසා නොව නොනවත්වා පැවතීම නිසාය." - ඕවිඩ්
මා බාල කාලේ!
කරවල කන්දොස්කිරියාව
"ආ ජුවන් අයියෙ බොහොම කාලෙකට පස්සෙ දැක්ක."
"ඔව්, රාළහාමි, මම මේ වැස්සවත් නොබලා එළිබැස්සෙ බේතක් හොයාගන්න ඕනැ වෙලයි. කොල්ල දැන් තුන් වෙලකින් බත් ඇටයක් කටේ තිබ්බෙ නැහැ."
"එහෙනම් කොල්ලට පණුගාය වෙන්ඩ ඇති. මොනවද බේත දැක්ක දුටු තැනක ඇත්නම් මටත් පුළුවන්නෙ හොයාගන්ඩ ඔත්තුවක් දෙන්න?"
රිංගන්නට කන දුන් හැටි!
නිලධාරීන් කොයි තරම් සූක්ෂම අන්දමින් අපරාධ මැඩලීමට උපක්‍රම යෙදුවත් ගණදෙවියන්ටත් වඩා හොරුන්ට නුවණ තිබෙන බැවින් අපරාධකරුවෝ මොහොතකින් පහළ වෙන කපටිකම් හේතු කොට එයින් බේරී ජය ලබන්නෝය. සමහර අවස්ථාවල කපටින්ගේ කපටිකම්වලට මුළාදෑනිහු මුළා වී පරාජය ලබති. එහෙත් ජය පරාජය ලෝක ස්වභාවයක් නිසා එය ලැජ්ජාවීමට කරුණක් නොවීය.
අද රෑ ඇය කවුරු වෙයි ද?
"අපේ වැඩේ ඉවර උනහම සල්ලි ඩ්‍රෙසිං ටේබල් එක උඩ තියන්න."
ඇය එසේ කීමෙන් පසුව ඇයට හුස්ම ගැනීමට පවා අපහසු වන තරමට ඔහු ඇගේ සිරුර මතට බර දුන්නේය. ඔහු සිටියේ බීමත්ව ය. එකම ලෙසට ඇරඹී, එකම ලෙසට පැවතී, එකම ලෙසට අවසන් වූ අයුරු බැලීමේදී සෑම රාත්‍රියකම සිටියේ එකම මිනිසා ය. සෑම මිනිසෙකුටම වෙනස් වූ නමක් තිබුන ද බරත් මුදලත් එකම විය.
ඇය ද සෑම රාත්‍රියකම එකම ගැහැණිය නොවූවාය. පසුගිය රාත්‍රියේ ඒ මිනිසා තම පිළිකුල්සහගත බරින් ඇය තෙරපාගෙන සිටියදී ඇය වේදිකාවක් මත රෝස මල්, ඔල්වරසන් හා සුළඟේ පා කර එවූ හාදු පිළිගනිමින් සිටි ඔපෙරා ගායිකාවක වූවාය. ඊට පෙරදින රාත්‍රියේ ඇය සමරු සටහනක්, ඡායාරූපයක් නැතිනම් "කොහොමද ඉතින්?" යනුවෙන් සුහද වදනක් ඇයගෙන් ලබාගන්නට නැතිනම් අඩු තරමින් ඇගේ ඇස් බැල්මකට හෝ යොමුවන්නට පොරකන ආදරයෙන් උමතු වූ රසිකයන් පිරිසක් මැද සිටි ආකර්ෂණීය නැගී එන නිළියකි.
අද රාත්‍රියෙහි ඇය රැජිණකි; ඇයගේ සියළු ආශාවන් ඉටුකරදීමට කැපවූ යටත් වැසියන්, සුදු අශ්වයින් හයදෙනෙකු බැඳ අශ්ව කරත්තයක් හා පාද තැබීමට එලූ රතු පළසක් ඇති, ඇගේ පිළිකුලට ලක්වූ ගැමියන්ගෙන් ලැබුන ආචාර සමාචාර හිමි වූ රැජිණකි. ඇය සිටින්නේ ඔවුන්ගෙන් බොහෝ දුරක ය. ඔවුන්ට කළහැක්කේ ඇය සිටින මාලිගය සිතින් මවාගැනීම පමණකි. ඇයට කළහැක්කේ ඔවුන් පෙනෙන තරම් අපිරිසිදු හා පිළිකුල් සහගත නැතැයි සිතින් මවාගැනීම පමණකි. සුඛ විහරණයෙන් මෘදු වූ ඇගේ දෑත්වලින් ඔවුන් ස්පර්ශ කළේ නැත. ඇය ස්පර්ශ කිරීමට ඔවුන්ට අවසර නොතිබිණ. සුදු පැහැති අත්වැසුම් පැළඳි අත වනමින්, සායම් තැවරූ චිත්‍රයක් මෙන් සිනාවක් මුහුණෙහි රඳවාගනිමින් ඇය ගම් හරහා සංචාරය කළාය. කෙතරම් අසිරිමත් රැජිණක් ද ඇය, දැකබලා ගන්නට තරම් වටින.
ඇය තෙරපාගෙන සිටි බර සිරුර ද කාමරය ද අතහැර ඉවතට ගියේය. ඇඳෙන් බිමට රෝල් වූ ඇය මුදල් සඟවා තබා ඊලඟ දිනයේ රාත්‍රිය එනතෙක් බලාසිටියාය.
Tammy Ruggles නම් ලේඛිකාවගේ Who Will She Be Tonight? නම් කෙටිකතාවේ පරිවර්තනයකි.
එතෙර ගතකළ කාලය මෙතෙර හැඩ කළ ලීලය
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සේවයෙහි යෙදුන විද්වතුන් ගණනාවකි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ඒ අතරින් ප්‍රමුඛ ය. මේ ඒ මහතා තම විදේශ සේවය අලලා 1966 නොවැම්බර් 26 දින නවයුගය සඟරාවට සැපයූ ලිපියකින් උපුටා ගැනුන කොටස් කිහිපයකි.
රජවරු අනාගත්ත හැටි!
අනිච්චේ දුක්ඛේ!
ලොක්කන්ගේ අධ්‍යාපනය
සාමි මන්ත්‍රී මණ්ඩලය, 1920 ජනවාරි 25වන දින - අධ්‍යාපන පනතෙහි පාසැල්වල ජ්‍යාමිතිය ඉගැන්වීමට අදාළ 52000 වැනි වගන්තිය සලකාබැලීම සඳහා සාමි මන්ත්‍රී මණ්ඩලය අද කාරක සභා අවස්ථාවෙහි රැස්විය.
නොබලා ඉන්නයි තිබුණේ!
Anna Davis විසින් ලියන ලද You shouldn’t have watched the news on TV නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ. එය ගින්නෙන් වූ විනාශයක් ගැන වුවද ඉතා පහසුවෙන් ජලයෙන් වූ විනාශයක් ගැන වන්නට ද පුළුවන.
වැඩකාර දේශප්‍රේමියාගේ අවි තරගය
රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා.
දේදුන්න දිගේ . . .!
ඉඳහිට නමුත් ලිට්සීකර්ගේ ලියමන්වලට පුවත්පත් පිටු අතර ඉඩක් ලැබෙන්නේය. අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකය ටැබ්ලොයිඩ් ප්‍රමාණයට සැකසූ පළමු පුවත්පතේ කෙටිකතා පිටුව ලිට්සීකර්ගේ පරිවර්තනයකට වෙන්ව තිබුනේ මෙසේය. මේ 2022 ජූනි 09 දින මේ බ්ලොග් එකේම පළවූ කවද හරි දවසක . . . කතාවයි.
තුවාලයට ප්‍රතිපෝෂණයක්!
තුවාලය
ආ, රංජනී. මොකද මේ පැත්තෙ?
සුදු මහත්තයලගෙ දිහා වැඩ කරලා එන ගමං මහත්තයා. මේ පැත්තෙන් එන්න හිතුනා. ඒකයැ, මහත්තයා දන්නවද අපේ මනුස්සයගෙ තුවාලෙ හොඳවෙන්නෙ නැත්තෙ කවුද ඒකට විස බැඳලලු!
රුෂ්ඩි දුටු රූබිකොන් තරණය
මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රියම ගංගාව බවට පත්ව තිබෙන්නේ රූබිකොන් ගංගාවයි. සීසර් රූබිකොන් ගංගාව තරණය කිරීම ගැන සල්මන් රුෂ්ඩි තැබූ සටහනක් මා ගෙන ආවේ 2022 මැයි 22 දින තැබූ කතන්දර තුනක් සහ තවත් එකක් නම් ලියැවිල්ලෙනි. එය නැවත මතුකරගැනීම සුදුසු යයි සිතෙන බැවින් යළි මෙසේ පළකරමි.
අහස නිල් පාටයි
"මා සිටින්නේ බිර්සීට් සිට රමල්ලා වෙත යන අතරමග සුර්දා ඊශ්රායල් හමුදා මුරපොලෙහි ය. බස්රථය කොතරම් වේලාවක් මෙතැන රඳවාගෙන සිටීදැයි කවුරුත් දන්නේ නැත. හමුදා ජීප්රථයක් පාර හරස් වන ලෙස නවතා ඇත. තවත් ජීප්රථයක සිටින හමුදා භටයින් පිරිසක් තුවක්කු අතැතිව බලා සිටිති. ඔවුන් සිටින්නේ වෙඩි තැබීමට සුදානමිනි. වාහන නැවැත්වීමට අණකරන සංඥා පුවරුව අසල ටයර් සිදුරු කළ හැකි බාධකයක් දමා තිබේ. බස් රථයේ ඉදිරි අසුනේ වාඩිවීමට මා ගත් තීරණය දැන් මට දැනෙන්නේ මෝඩකමක් ලෙස ය.
ලුණු කෑ හැටි
කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශිල්පී හා ළමා කතා රචක ඇස්. ඒ. දිසානායක මහතා ළමාපෙළ වෙනුවෙන් ඊට අපූරු කතාවක් ගෙතුවේ මෙහෙමය. මෙය උපුටාගත්තේ 1964 ඔක්තෝබර් 26 දින නවයුගය සඟරාවෙනි. අපේ පරම්පරාවේ අයට නම් ඔන්න බබෝ, පඬිතුමා,යෝධයා වැනි අපූරු ළමාකතා ඇස්. ඒ. දිසානායක නමත් සමග මතක්වෙනවාට සැක නැත. මේ සඟරාව නිකුත් වූ දින වනවිට ලිට්සීකර් එය කියවාගන්නට තරම් වැඩී නොසිටියත් තාත්තා ඒ සඟරා පරිස්සම් කළ නිසා අදටත් කියවා රසවිඳීමට වාසනාව ලැබී තිබෙන බව ද මෙහි සටහන් කළ යුතුය.
වැරදි පැත්තෙ ගාපු බටර්
මේ Paulo Coelho ගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් තවත් කතා තුනකි.
1. අපි හැමතිස්සෙම හිතන්න කැමතියි අපි කොයි දේ කළත් වරදිනවා කියලා. අපිට හරියන්න තරම් වාසනාවක් නෑ තියලා තමයි හිතෙන්නේ. මේ ඒ වාගේ සිතුවිල්ලක් ගැන ලියැවුන කතාවක්.
යුද පෙරමුණට ගිය කවියා
සිග්ෆ්‍රීඩ් සසූන් (Siegfried Sassoon) පළමු ලෝක යුද්ධයේ දී යුුද පෙරමුණෙහි සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. සටන් පෙරමුණෙහි ඔහු දැක්වූ එඩිතරබව හා දක්ෂතාව නිසා ඔහුට කපිතාන් තනතුර දක්වා උසස් වීමට හැකි විය. අද ඔහුු ලොව ප්‍රකට වී ඇත්තේ ශ්‍රේෂ්ඨ කවියෙකු වශයෙනි. ඔහුගේ බොහෝ කවි යුද පෙරමුණෙහි සෙබලුන් අත්විඳි කෘෘරත්වය විස්තර කරන අතර යුද්ධයට වගකිවයුත්තන්ගේ ව්‍යාජ දේශප්‍රේමිත්වය උපහාසයට ලක් කරයි.






.png)









