"නිරන්තරයෙන් වැටෙන ජල බිංදුවෙන් ගලෙහි සිදුරක් සැදෙන්නේ බලය නිසා නොව නොනවත්වා පැවතීම නිසාය." - ඕවිඩ්
අවජාතක
වීරයෝ සහ දුෂ්ටයෝ
ස්පාඤ්ඤ ලේඛක EM Arisa විසින් රචිත Good Guys and Bad Guys නම් වූ මෙම ලිපියෙන් වත්මන් සමාජයේ විචාරශීලී බව සැහැල්ලු හා උපහාසාත්මක ස්වරයකින් ප්‍රශ්න කරනු ලබයි. ඉතා සරල කරුණු මත හොඳ නරක නිශ්චය කරන අපගේ නිගමන කොතරම් දුරට නිවැරදි ද යන ප්‍රශ්නය අප සිත් තුළට ඇතුළු කරයි.
ණය ප්‍රතිව්‍යුහගත කළ හැටි!
ජාතියේ පහන් ටැඹ යට අඳුරු හෙවනැලි
විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.
අතිගරු (නැති) බෑනා = මාමා වහන්සේ!
මාමාත් බෑනාත් අතර බොහෝ වෙනස්කම් තිබෙන බව බහුතරයකගේ මතයයි. බෑනා මෙතෙක් සැලකුනේ උපායශීලිත්වය අතින් මාමාගේ අහලකින්වත් තියන්නට බැරි පරාජිත චරිතයක් ලෙසයි. බෑනා රටේ නායකයා වූ සැටිත් පත්වී ගත් පළමු පියවරත් නිසා දෙදෙනා අතර සිතා සිටි තරම් ලොකු වෙනසක් නැති බවටත් මතයක් දැන් දැන් මතුවීගෙන එන බව පෙනේ. කෙසේ වුවත් මේ මතක් කරන්නට සැරසෙන්නේ බෑනාට එපා වූ දෙයක් මාමාට ඕනෑ වූ සැටිය.
මරාසාද්
රොස් වෙලා ඔවුන්ගේ හොද්ද ;
හොඳ හොදි ඉල්ලා මොර දෙනවා ඔවුන්
ගැහැනියකට රුස්සන්නෙ නෑ ඇගේ අඟුටුමිටි සැමියා ;
ඈ සොයනවා නවරියන් සැමියකු
මිනිසෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ ;
ඔහු පතනවා පුෂ්ටිමත් බිරියක්
හෝඩි පොතින් රෙද්ද උස්සා පෙන්නීම
ඒ යහපාලන ආණ්ඩුව රට පාලනය කළ සමයයි. කාටත් මතක ඇති ලෙස සමාජ මාධ්‍ය තුළින් රජය හා එහි තනතුරු දැරූවන් නිර්දය විවේචනයකට ලක් වෙමින් පැවතිණ. මගේ ගෞරවාදරයට ලක් වූ සම්මාන දිනූ ලේඛිකාවක් ද්වේශ සහගත, අසභ්‍ය යයි සම්මත භාෂා විලාසයට බෙහෙවින් ආසන්න වූ වචන භාවිත කරමින් රජය විවේචනය කරන සටහනක් තම ෆේස්බුක් ගිනුම තුළ හුවමාරු කරගෙන තිබිණ. එවන් භාෂා විලාසයකින් හෙබි විවේචනයක් පළකිරීම ඇය වන් අයෙකුට තරම් නොවන බව මා සඳහන් කළවිට ඇය එයට දැක්වූ ප්‍රතිචාරය වූයේ "ඔබ රනිල්ට ද සජිත්ට ද?" යනුවෙන් මගෙන් පෙරලා ප්‍රශ්න කිරීමයි. (ඇය එවකට උග්‍ර රාජපක්ෂවාදිනියක් වූවාය.)
කවද හරි දවසක...
කතන්දර තුනක් සහ තවත් එකක්!
1. මායා මාවත
හොයමු, හොයමු ඩොලර් හොයමු!
මේ දවස්වල අඳුරේ පහස විඳිමින් නිවෙස්වල ද මහපාරේ පෝලිම්වල ලගිමින් ද අප අහස පොලව ගැට ගහන්නට දඟලන්නේ මේ කොහේවත් නැති රටක තියන ඩොලරයක් අපේ රටට කළ වින්නැහිය ගැන ය. ඒ වගේම ඩොලර් ටිකක් හොයාගත්තොත් ටික දවසකට හරි ගොඩ යන්න පුළුවන් බවත් පේන්න තිබේ. මෙහෙම කල්පනා කර කර ඉන්න අපට අඳුරු අහසේ දිස්වන රිදී රේඛාවක් මෙන් බලාපොරොත්තුවක් ඇති කරන සැලසුමක් ගැන ජන මාධ්‍ය හරහා දැනගැනීමට ලැබුණි. මේ සැලසුමේ කොපිරයිට් අයිතිය ඒ සැලැස්ම ඉදිරිපත් කළ අයට හිමි වුවත් අදාළ හිමිකරු මෙම සංකල්පය යතාර්ථයක් බවට පත්කරන්නට එතරම් උනන්දුවක් නොගන්නා බව පෙනෙන හෙයින් එම අදහස පෝෂණය කරන්නට අපට පුළුවන් හැටියට අදහසක් දෙකක් ඉදිරිපත් කිරීමේ වරදක් ඇතැයි නොසිතමි.
අපිත් රාබු අලය උගුල්ලමු!
නැවත වරක් මතක් කරමි
නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං විසින් රචිත Prisons we choose to live inside නම් කෘතියේ When in future they look back on us නමින් යුත් පළමු පරිච්ඡේදයෙන් උපුටා ගත් ඡේදයකි මේ.
ඔන්න ඔහොමයි මැරුවේ!
මේක නම් හරිම අබිරහසක්! ඇත්තටම මිනිහෙක් වෙඩි තියලා මරලා දාලා තියනවා. කරපු මිනිහෙක් ගැන හිතා ගන්නත් බෑ. ඉතින් අර ශ්‍රේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක රහස් පරීක්ෂක ගෙන්වනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.
අප ආ මඟ මඟ සලකුණු
රට යහමගට ගැනීම සඳහා අරගලයක් දියත්ව ඇති මේ මොහොතේ වසර 74ක ශාපයක් ගැන ද අනේක වූ ලියවිළි හා සටන් පාඨ දැකගත හැකි ය. එය එසේම දැයි සිතා බැලීමට පහත දැක්වෙන උපුටන උපකාරී වෙතැයි සිතමි.
සෞභාග්‍යයේ දිනපොත
1. අද මල්ලි කතා කළා. අඳේට දීල තියන කුඹුරෙන් මේ සැරේ අපේ කොටස කිලෝ හයසීයලු. අපි පස්දෙනාට බෙදුනම එක්කෙනෙකුට කිලෝ එකසිය විස්සයි. කාපංකො අවුරුද්දක්! වෙනදා කන්න දෙකම වැඩ කලාම පස්දෙනාටම අවුරුද්දම කන්න ඇති. පහුගිය කාලේ එකදිගට ලොක්ඩවුන් කරලා කනබොන දේවලුත් හිඟ උන වෙලාවේ අපි විහිලුවට වගේ කිව්වේ වී තියනවා, පොල්ගස් ටිකක් තියනවා, පොලුයි බතුයි කාලා හරි කාලා ඉන්නවා කියලා. දැං පේන විදියට පොල් විතරක් කාලා ඉන්න වෙයි වගේ. පොඩි කාලේ හොරෙන් පොල් කනකොට අම්මා බනිනවා, පොල් කාලා කිරිපණුගාය හදාගනිං කියලා. ඒ උනාට මේවට වග කියන්න ඕන අයට නං කිරිපණුගායක් තරම්වත් දැනෙන බවක් පේන්නෙ නෑ.
මුට්ටිය දමා ඔලුව බේරාගැනීම
ඊයේ අපිට පැය 13ක පවර් කට් එකක් තිබුනා. අද කොහොම වෙයිද දන්නෑ. ඊට ඉස්සර මේක දාන්නේ. අතීතයේ අනාගත්ත රජවරු හිටියා වගේම විපක්ෂ නායකයින්ගේ ප්‍රතිචාර අනුව පෙනෙන්නේ අනාගතයේ ද අනාගන්නා රජවරු පහල වීමට නියමිත බවයි. මේ ඒ ගැන පහන් සංවේගය උපදවා ගැනීම පිණිසයි.
මනෝලෝක රූපවාහිනියෙන් ලෝකය පෙන්නීම
ක්‍රීඩා පිටියක සෙල්ලම් කරන ලමුන් පිරිසක් දෙස බලා සිටින අප්‍රිකානු කොලු ගැටවුන් දෙදෙනෙකි. ඔවුන් පසෙකින් රූපවාහිනියකි. එහි ඇති විශේෂත්වය නම් ඇත්තේ එහි රාමුව පමණක් වීමයි. මදය නැත. එහි කුහරය තුලින් ද ළමුන් සෙල්ලම් කරනු දැකගත හැකිය. ළමයින් අතරින් කිහිපදෙනෙකු තෝරාගන්නා කොලුවන් දෙදෙනා රූපවාහිනී යන්ත්‍රයේ පොත්ත ද කර තබාගෙන් පෙරහැරින් යන්නේ කාට හෝ එය විකුණා ගැනීමටය. රූපවාහිනී රාමුව කරතබාගෙන තැනින් තැනට යන ඔවුන් අවසානයේ නතර වන්නේ හමුදා මුරපොළක ය.
අනාගත්ත රජ්ජුරුවන්ගේ විත්ති
ඉලක්කයට වෙඩි තබන්නා
ජූනියේ දිගු සන්ධ්‍ය ආලෝකය රාත්‍රියෙහි ගිලී ගියේය. නගරයේ වීදි මතත් ලිෆී ගංගාවේ අඳුරු ජලකඳ මතත් වලාකුළු කැටි තුලින් පෙරී ආ මලානික සඳඑළිය විසින් හිමිදිරිය උදාවන්නට ආසන්නයේ නැගෙන දීප්තිය බඳුව තවරා තිබූ සුදුමැලි ආලෝකය හැරෙන්නට ඩබ්ලින් නගරයම අඳුරින් වැසී තිබුනි. වට කරනු ලැබූ උසාවි සංකීර්ණය අවට බර අවි ගිගුම් දුන්නේය. නගරය පුරාම හුදෙකලා ගොවිපළවල බල්ලන් බුරන්නාක් මෙන් අතරින් පතර හඬ නැගූ මැෂින් තුවක්කු හා රයිෆල් රාත්‍රියේ නිශ්චලබව බිඳ දැමීය. සමූහාණ්ඩුවාදීහු හා නිදහස් රාජ්‍යවාදීහු සිවිල් යුද්ධයක නිරතව සිටියහ.
අපි මෙහෙමයි ණය ගෙවන්නෙ!
අග්‍රා නගරයේ හිටියා දුප්පත් ලියන්නෙක්. ඔහු අනිත් අයට අවශ්‍ය දේවල් ලියලා දීලා නැතිනම් පොත් වලින් කොපි කරලා දීලා යන්තමට ජීවත්වෙන්න තරම් ගානක් හොයාගත්තා. හැබැයි ජීවිතය කොයිතරම් දුෂ්කර උනත් ඔහුත් ඔහුගේ බිරිඳත් දරුවන් බඩගින්නේ නොතියා තමනුත් බඩගින්නේ නොඉඳ දවස ගෙවාගන්න සමත් උනා. මේ ලියන්නා තමන් එක තඹ කාසියක් තරම්වත් ණයට ගෙන නැති එක ගැන හරි ආඩම්බර උනා. "අපි කවදාවත් ණයකාරයාගේ සාක්කුවට වැටෙන්න හොඳ නෑ. එහෙම උනොත් අපි විනාශයි." ඔහු නිතරම තම බිරිඳට කිව්වා.



_0.jpg)






