ලොක්කන්ගේ අධ්‍යාපනය

                       
                                          (cartoon movement වෙතින්)

සාමි මන්ත්‍රී මණ්ඩලය, 1920 ජනවාරි 25වන දින - අධ්‍යාපන පනතෙහි පාසැල්වල ජ්‍යාමිතිය ඉගැන්වීමට අදාළ 52000 වැනි වගන්තිය සලකාබැලීම සඳහා සාමි මන්ත්‍රී මණ්ඩලය අද කාරක සභා අවස්ථාවෙහි රැස්විය.

නොබලා ඉන්නයි තිබුණේ!

Anna Davis  විසින් ලියන ලද You shouldn’t have watched the news on TV නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ. එය ගින්නෙන් වූ විනාශයක් ගැන වුවද ඉතා පහසුවෙන් ජලයෙන් වූ විනාශයක් ගැන වන්නට ද පුළුවන. 

වැඩකාර දේශ‍‍ප්‍රේමියාගේ අවි තරගය

 


රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා. 

දේදුන්න දිගේ . . .!

 ඉඳහිට නමුත් ලිට්සීකර්ගේ ලියමන්වලට පුවත්පත් පිටු අතර ඉඩක් ලැබෙන්නේය. අනිද්දා පුවත්පතේ දේදුන්න අතිරේකය ටැබ්ලොයිඩ් ප්‍රමාණයට සැකසූ පළමු පුවත්පතේ කෙටිකතා පිටුව ලිට්සීකර්ගේ පරිවර්තනයකට වෙන්ව තිබුනේ මෙසේය. මේ 2022 ජූනි 09 දින මේ බ්ලොග් එකේම පළවූ කවද හරි දවසක . . . කතාවයි.

තුවාලයට ප්‍රතිපෝෂණයක්!

 

(cartoon movement වෙතින්)


මා පෙර ලියූ ලිපිය මා බලාපොරොත්තු වූ අතට නොව වෙනත් අතකට ගසාගෙන යන බව පෙනෙන්නට ඇති බැවින් ඊට ඌණපූර්ණයක් ලියන්නට සිත්විය. වඩාත්ම එයට හේතුවූයේ ඉන් වීරරත්නට ( සැබෑ අනන්‍යතාව සඟවනු වස් යොදාගත් ආරූඬ නාමයකි.) යම් අසාධාරණ චෝදනාවකට මුහුණ දෙන්නට සිදුවී ඇති බවක් පෙනෙන නිසා ය. 

තුවාලය

                           

ආ, රංජනී. මොකද මේ පැත්තෙ?

සුදු මහත්තයලගෙ දිහා වැඩ කරලා එන ගමං මහත්තයා. මේ පැත්තෙන් එන්න හිතුනා. ඒකයැ, මහත්තයා දන්නවද අපේ මනුස්සයගෙ තුවාලෙ හොඳවෙන්නෙ නැත්තෙ කවුද ඒකට විස බැඳලලු!

රුෂ්ඩි දුටු රූබිකොන් තරණය

 

(කාටූන් ශිල්පියෙකු දුටු නෙතන්යාහු - Cartoon Movement වෙතින්)

මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රියම ගංගාව බවට පත්ව තිබෙන්නේ රූබිකොන් ගංගාවයි. සීසර් රූබිකොන් ගංගාව තරණය කිරීම ගැන සල්මන් රුෂ්ඩි තැබූ සටහනක් මා ගෙන ආවේ 2022 මැයි 22 දින තැබූ කතන්දර තුනක් සහ තවත් එකක් නම් ලියැවිල්ලෙනි. එය නැවත මතුකරගැනීම සුදුසු යයි සිතෙන බැවින් යළි මෙසේ පළකරමි.

බල්ලන්ට බත්!

 


අයියෝ. . . ! 

ඇයි රංජනී?

මහත්තයා බල්ලට බත් දීල තියෙන්නේ කෙහෙල් කොලේකනේ. 

ඉතින්? 

අහස නිල් පාටයි

 

    "මා සිටින්නේ බිර්සීට් සිට රමල්ලා වෙත යන අතරමග සුර්දා ඊශ්රායල් හමුදා මුරපොලෙහි ය. බස්රථය කොතරම් වේලාවක් මෙතැන රඳවාගෙන සිටීදැයි කවුරුත් දන්නේ නැත. හමුදා ජීප්රථයක් පාර හරස් වන ලෙස නවතා ඇත. තවත් ජීප්රථයක සිටින හමුදා භටයින් පිරිසක් තුවක්කු අතැතිව බලා සිටිති. ඔවුන් සිටින්නේ වෙඩි තැබීමට සුදානමිනි. වාහන නැවැත්වීමට අණකරන සංඥා පුවරුව අසල ටයර් සිදුරු කළ හැකි බාධකයක් දමා තිබේ. බස් රථයේ ඉදිරි අසුනේ වාඩිවීමට මා ගත් තීරණය දැන් මට දැනෙන්නේ මෝඩකමක් ලෙස ය. 

ලුණු කෑ හැටි

 

කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශිල්පී හා ළමා කතා රචක ඇස්. ඒ. දිසානායක මහතා ළමාපෙළ වෙනුවෙන් ඊට අපූරු කතාවක් ගෙතුවේ මෙහෙමය. මෙය උපුටාගත්තේ 1964 ඔක්තෝබර් 26 දින නවයුගය සඟරාවෙනි. අපේ පරම්පරාවේ අයට නම් ඔන්න බබෝ, පඬිතුමා,යෝධයා වැනි අපූරු ළමාකතා ඇස්. ඒ. දිසානායක නමත් සමග මතක්වෙනවාට සැක නැත. මේ සඟරාව නිකුත් වූ දින වනවිට ලිට්සීකර් එය කියවාගන්නට තරම් වැඩී නොසිටියත් තාත්තා ඒ සඟරා පරිස්සම් කළ නිසා  අදටත් කියවා රසවිඳීමට වාසනාව ලැබී තිබෙන බව ද මෙහි සටහන් කළ යුතුය. 

වැරදි පැත්තෙ ගාපු බටර්

     මේ Paulo Coelho ගේ  Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් තවත් කතා තුනකි.     

       

1. අපි හැමතිස්සෙම හිතන්න කැමතියි අපි කොයි දේ කළත් වරදිනවා කියලා. අපිට හරියන්න තරම් වාසනාවක් නෑ තියලා තමයි හිතෙන්නේ. මේ ඒ වාගේ සිතුවිල්ලක් ගැන ලියැවුන කතාවක්. 

යුද පෙරමුණට ගිය කවියා

 සිග්ෆ්‍රීඩ් සසූන් (Siegfried Sassoon) පළමු ලෝක යුද්ධයේ දී යුුද පෙරමුණෙහි සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. සටන් පෙරමුණෙහි ඔහු දැක්වූ එඩිතරබව හා දක්ෂතාව නිසා ඔහුට කපිතාන් තනතුර දක්වා උසස් වීමට හැකි විය. අද ඔහුු ලොව ප්‍රකට වී ඇත්තේ ශ්‍රේෂ්ඨ කවියෙකු වශයෙනි. ඔහුගේ බොහෝ කවි යුද පෙරමුණෙහි සෙබලුන් අත්විඳි කෘෘරත්වය විස්තර කරන අතර යුද්ධයට වගකිවයුත්තන්ගේ ව්‍යාජ දේශප්‍රේමිත්වය උපහාසයට ලක් කරයි.

තෙල් ගෙනාපු හැටි

 මේ මං අහලා තිබුන නස්රුද්දීන්ගේ කතාවක්. අහම්බෙන් මතක් උන නිසා ලියලා දාන්න ඕනැ කියලා හිතුවා. 



එක දවසක් නස්රුද්දීන් තම අහල පහල හිතමිත්‍රයන්ට, නෑදෑයන්ට සංග්‍රයක් කරන්න ඕනැ කියලා හිතලා ඒ ගොල්ලන්ට කෑමකට ආරාධනා කළා. බිරිඳ කෑම සූදානම් කරන කල් ඔහු ගෙදරට ආපු නෑදෑ හිතමිත්‍රයන් එක්ක සතුටු සාමීචියේ යෙදිලා හිටියා. එතැනට ආපු නස්රුද්දින්ගේ බිරිඳ නස්රුද්දීන්ට කිව්වා "කෑම උයන්න තෙල් මදි කඩේට ගිහිල්ලා තෙල් ටිකක් ගෙනල්ලා දෙන්න." කියලා.

යුද්ධය නිමාවන තැන

 


හෝමර්ගේ ඔඩිසි වීර කාව්‍යය සිනමා කෘතියක් ලෙස තිරය මත දිගහැරෙන්නට යනවිට අප බලාපොරොත්තු වන්නේ එකැස් යෝධයින්, ඔළු හයක් ඇති යක්ෂයින් යක්ෂණියන් හා තම අපරිමිත බලයෙන් ස්වභාව ධර්මය මෙන්ම මිනිසුන්ගේ ඉරණම ද පාලනය කරන බලවත් දෙවි දේවතාවන් හා මේ සියළු දේ මැඩගෙන ජයගන්නා වීරවරයින්ගේ වික්‍රමාන්විත ක්‍රියා රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි. මා ද මේ වීර කාව්‍යය තිරය මත මැවූ නවතම චිත්‍රපටය බලන්නට වාඩිවෙන විට බලාපොරොත්තු වූයේ ද එවැනි සිනමා නිර්මාණයකි. එහෙත් Uberto Pasoliniගේ The Return නම් වූ නිර්මාණය මේ සියල්ල බැහැර කරමින් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හා ඒ නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රතිවිපාක තම නිර්මාණයට පාදක කරගනී. එක් වෙබ් අඩවියක් සඳහන් කරන ආකාරයට මෙය මේ වීර කාව්‍යය පදනම් කරගෙන නිපදවුනු තිස්තුන්වන නිර්මාණයයි.  

අනාගතයේ සිට ඔවුහු අප දෙස ආපසු බලන විට….. 2

                          

                                    (cartoon movement වෙතින්)


මා සිතන අයුරින් ලේඛකයින්ට ස්වභාවයෙන්ම චිත්තවේගවලින් හා සමාජ නියමවලින් දුරස්ථ වීම වඩාත් පහසුවෙන් කල හැකි ය. නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීමෙහි හා නිරීක්ෂණය කිරීමෙහි යෙදෙන පුද්ගලයින් තමන් පරීක්ෂා කරන දෙයෙහි හා නිරීක්ෂණය කරන දෙයෙහි විවේචකයින් බවට පත් වෙති. ශතවර්ෂ ගණනාවක් පුරා මනෝරාජ්‍ය ගැන ලියැවුන සියල්ල දෙස බලන්න. මෝර්ගේ Utopia, කැම්පනෙල්ලාගේ City of the Sun, මොරිස්ගේ News from Nowhere, බට්ලර්ගේ Erewhon (Nowhere යන වචනය අග සිට මුලට ලිවීමකි.)  සියල්ල විද්‍යාව විසින් නිර්මාණය කරන්නා වූ, වියහැකි අනාගතය පිළිබඳව වන විවිධාකාර සැලසුම්වල  පිටපත් වන අතර, මා සිතන ආකාරයට අභ්‍යවකාශ කථා රචකයින් ද මෙම සම්ප්‍රදායටම අයත් වේ. නිසැකවම මේ සියල්ල පවත්නා සමාජ කෙරෙහි එල්ලවන විවේචන ය. මක් නිසාද යත්, සාමාන්‍ය පරිසරයෙන් හුදෙකලාව ඔබට මනෝ රාජ්‍යයක් පිළිබඳව ලිවිය නොහැකි බැවිනි.

අනාගතයේ සිට ඔවුහු අප දෙස ආපසු බලන විට….. 1

 

පහත දැක්වෙන්නේ ඉරානයේ ඉපිද, දකුණු රොඩේෂියාවේ (දැන් සිමිබාබ්වේ) හැදීවැඩී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස සාහිත්‍යය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ඩෝරිස් ලෙසිං(1919-2013)  ලේඛිකාවගේ The Prisons We Choose to Live Inside නම් කෘතියේ පළමු පරිචිඡේදයේ පරිවර්තනයකි. මෙහිදී ඇය අවධානය යොමුකරන්නේ නොදියුණු අතීතයේ සිට වර්තමානයේ දියුණු යැයි සැළකෙන අවධිය දක්වා ආ ගමනේදී මිනිසා තවමත් කොතරම් ම්ලේච්ඡ ගති සිරිත්විරිත් උරුමකරගෙන සිටින්නේද යන වගයි. 

කැඩපත ඉදිරිපිට සිට . . .

 

(cartoon movement වෙතින්)

1. දරුවෙකු මැරූ මිනිසා

එක්තරා ඈත පලාතක මෝඩ මනුෂ්‍යෙයක් හිටියා. ඔහුට දරුවන් හත්දෙනෙක් හිටියා. එක දවසක් බලාපොරොත්තු නොවුන ලෙස මේ දරුවන් අතරින් බාල දරුවෙක් මියගියා. දරුවා මියගිය බව දැනගත් පසුව මෝඩයාට අවශ්‍ය උනේ සිරුර වලලන්නේ නැතිව ගෙදර තියාගන්නයි. මෙය දැනගත් ඔහුගේ මිතුරෙක් ඔහුට අවවාද කලා. 

වෙනසක් කළා!

 


අපාචේ හංදියේ ඕවන් බක්ට මෙන් මට ද උභතෝකෝටියකට මුහුණ දෙන්නට සිදුවිය. මහ දිග කතාව පළකරද්දී ඒ අතර සුපුරුදු සාමාන්‍ය පෝස්ට් දැමීමෙන් කතාවේ කොටස් යට යන අතර ඊට අවධානය ද අඩුවෙයි. ප්‍රතිකර්මය නම් දිග කතාව සඳහාම මා සකසා තිබූ අළුත් බ්ලොග් එකකට එය මාරු කිරීමයි. එහෙත් පසුව මා තීරණය කළේ කතාවට එලෙසම තිබෙන්නට හැර අමතරව පෝස්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අළුතෙන් සැකසූ බ්ලොග් අඩවිය භාවිත කිරීමයි. එය තවමත් සින්ඩිවලට එකතු වී නැති නිසා එයට මෙතැනින් පිවිසිය හැකිය. මෙහි එන සහෘදයින් සියළුම දෙනාට වෘත්තාන්ත නම් වූ මගේ නව බ්ලොග් අඩවියට ද ගොඩවෙන ලෙස කෙරෙන ආරාධනයයි මේ. 

ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය





පසුගිය සතියේ ප්‍රවීණ සංගීතඥයෙකු හා මධුර ගී තනු නිර්මාපකයෙකු වූ ආනන්ද ගමගේ මහතා අප අතරින් නිහඬවම වෙන්වී ගොස් තිබිණ. ඒ පිළිබඳව කිසිම පුවතක් කිසිම ජනමාධ්‍යයක පළවී තිබෙන බවක් නුදුටිමි. මා ද ඒ පුවත දැකගත්තේ මා මිත්‍ර, ප්‍රවීණ ලේඛක සිඩ්නි මාකස් ඩයස් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකිනි. ඒ සටහන කිසිදු වෙනසකින් තොරව එලෙසම මෙහි උපුටා දක්වන්නේ එම පුවතින් ඔහුට දැනුන හැඟීම මට ද එලෙසම දැනුන බැවිණි.