මගේ එළදෙන

 


පුරාණයේ ගම්වල ගවයින් ඇතිකිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ගවයින් ඇතිකිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කුඹුරු ගොවිතැන සඳහා යොදාගැනීමයි. ඊට අමතරව අද මෙන් ප්‍රවාහනය සඳහා වාහන නොතිබූ ඒ අවධියේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ද ගවයාය. හරකුන් ඇතිකිරීම ගැමියාට එතරම් බරක් නොවූයේ සෑම ගමක් ආසන්නයේම කැලෑවක් තිබූ නිසාය. වැඩ නැති කාලයට උදෑසනම කැලයට දක්කන ගවරැල සවස් යාමයේ නැවතත් නිවස කරා දක්කාගෙන ඒම ගැමියාගේ සිරිත විය.  අද මෙන් සොර සතුරන් බහුල නොවූ ඒ යුගයේ හරකෙකු නැති වූයේ කලාතුරකිනි. මේ ඒ කාලයේ සිදුවිනැයි මා අසා තිබූ කතාවකි. 

අන්තිමේදී අපි දරුවන් කෑවෙමු

                         

 කැනේඩියානු ලේඛක යාන් මාර්ටල් ලෝ ප්‍රකට වූ‍යේ ඔහු විසින් රචිත Life of Pi කෘතිය නිසා ය. මේ සඳහා 2002දී ඔහුට බුකර් සම්මානය හිමි වු අතර එය ඇසුරින්  සිනමා නිර්මාණයක් මෙන්ම වේදිකා නිර්මාණයක් ද බිහි විය. (හිරාන් අබේසේකරට හොඳම නළුවා සඳහා වූ ලෝරන්ස් ඔලිවියර් සම්මානය හිමිකර දුන්නේ ද එම වේදිකා නාට්‍යයයි.) We ate the children last නමින් ඔහු ලියූ කෙටිකතාවේ පරිවර්තනයයි මේ. විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපයෙන් ලියවී ඇති මෙය වත්මන් සමාජයේ හැසිරීම හා එය පාලනය කරන බල අධිකාරිය තියුණු විවේචනයකට ලක්කරයි. අප රටේ  මෑත භාගයේ ඇති වූ දේශපාලන චලනය ද මේ උපහාසාත්මක රචනය හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙහි වරදක් නැතැයි සිතමි.

පෙන්නන දේ හා පෙනෙන දේ!




සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් ගීතයක් අසන්නට, නාට්‍යයක් හෝ චිත්‍රපටයක් බලන්නට, රස විඳගන්නට කැමතිය. ඒ  අපගේ විවේක කාලය ගෙවා දැමීමේ එක විදියකි. මෙවන් නිර්මාණ අප‍ගේ ජීවිත පෝෂණය කරන ආකාරය ගැන විවිධ මතිමතාන්තර තිබේ. ඒ පිළිබඳ වාද විවාද ද නොයෙක් වේදිකාවල කෙරෙනු දැකගත හැකිය. ඒ කෙසේ වෙතත් තමන් රස විඳි නිර්මාණයක් ගැන කතාකරන්නට, ඒ නිර්මාණය තමන්ට දැනුන අයුරින්ම තවත් කෙනෙකු රස විඳිනවා දකින්නට කැමති අය ද අප අතර වෙති. ඒ අය කරන්නේ ෆේස්බුක්, බ්ලොග් අඩවි තම වේදිකා ලෙස භාවිත කරමින් තමන් රස විඳි නිර්මාණ අනෙකුත් සහෘදයින් වෙත හඳුන්වා දීමය. ලොව පුරා නිපැයෙන සිනමා නිර්මාණ පිළිබඳ කෙරෙන කතාබහ මේ අතරිනුත් වඩාත් ජනප්‍රියත්වයක් උසුලන බව පෙනීයයි. මේ කර්තව්‍යය ඉතා සිත්ගන්නාසුළු දෙයකි. ඒ, මෙම සටහන් අපගේ අවධානයට ලක්නොවූ හොඳ නිර්මාණ ගැන දැනගන්නටත් අප  නරඹා ඇති නිර්මාණයක වුව අප නොදුටු අරුත් දකින්නටත් ඉඩ සැලසෙන කවුළුවක් වන බැවිනි. 

අවජාතක

    කලු අමෙරිකානු කවියෙකු වූ ලැංග්ස්ටන් හියුස් ගේ Cross නම් වූ කවියේ පරිවර්තනයකි. මීට පෙර ද මා ලැංග්ස්ටන් හියුස්ගේ කෙටි කතාවක් ගැලවීම නමින් පරිවර්තනය කළෙමි.  කලු අමෙරිකානු කවියෙකු ලෙස ඔහු වර්ණභේදවාදී සමාජයක කලු ජාතිකයන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් සිය නිර්මාණ වලට පාදක කරගත්තේය.
එමෙන්ම මෙම කවියට ඔහු යොදාගන්නා Cross නම් වූ මාතෘකාව පිළිබඳව ද යමක් කිවයුතු වෙයි. cross නම් වූ ඉංග්‍රීසි වදන අරුත් ගණනාවක් මතු කරයි. ඉන් දෙමුහුන් නැත්නම් කළවම් වීම, කෝපය හා කුරුසිය යන ඇඟවීම් මෙම කවියට අදාළ කරගත හැකි වේ යයි සිතමි. ජේසුතුමන් කර තබාගෙන ගිය එමෙන්ම ඇණගැසුම් කෑ කුරුසිය සිහිපත් තරගත් විට පාපය, අන් අයගේ පාප ක්‍රියා වෙනුවෙන් දුක් ඉසිලීම හා පරිත්‍යාගය යන අරුත් මතුකර ගතහැකිය. මා මෙහි මාතෘකාව ලෙස යොදාගත් "අවජාතක" නම් වදනෙහි මේ අරුත් සියල්ල ගැබ් නොවන බව පැහැදිළි වුවත් ඒ අරුත් සියල්ල ගැබ්වන සිංහල වදනක් සිතාගත නොහැකි විය.

වීරයෝ සහ දුෂ්ටයෝ

 ස්පාඤ්ඤ ලේඛක EM Arisa විසින් රචිත Good Guys and Bad Guys නම් වූ මෙම ලිපියෙන් වත්මන් සමාජයේ විචාරශීලී බව සැහැල්ලු හා උපහාසාත්මක ස්වරයකින් ප්‍රශ්න කරනු ලබයි. ඉතා සරල කරුණු මත හොඳ නරක නිශ්චය කරන අපගේ නිගමන කොතරම් දුරට නිවැරදි ද යන ප්‍රශ්නය අප සිත් තුළට ඇතුළු කරයි.

ණය ප්‍රතිව්‍යුහගත කළ හැටි!

 



අවුරුදු සිය ගණනකට පෙර එක්තරා නගරයක වාසය කළ මිනිසෙකුට කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න සිතුනා. ඔහු එම නගරයේම සිටි මසුරු මුදල් ණය දෙන්නෙකුගෙන් මුදලක් ණයට ගත්තා. ඒත් ඔහුගේ ව්‍යාපාරය එතරම් සාර්ථක වුනේ නැති නිසා පාඩු ලබන්නට සිදුඋනා. ගත්ත ණය මුදල ආපසු ගෙවා ගන්න විදියකුත් නැතිව ගියා.

ජාතියේ පහන් ටැඹ යට අඳුරු හෙවනැලි

 

(cartoon movement වෙතින්)

විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.

අතිගරු (නැති) බෑනා = මාමා වහන්සේ!

 

(cartoon movement වෙතින්)

මාමාත් බෑනාත් අතර බොහෝ වෙනස්කම් තිබෙන බව බහුතරයකගේ මතයයි. බෑනා මෙතෙක් සැලකුනේ උපායශීලිත්වය අතින් මාමාගේ අහලකින්වත් තියන්නට බැරි පරාජිත චරිතයක් ලෙසයි. බෑනා රටේ නායකයා වූ සැටිත් පත්වී ගත් පළමු පියවරත් නිසා දෙදෙනා අතර සිතා සිටි තරම් ලොකු වෙනසක් නැති බවටත් මතයක් දැන් දැන් මතුවීගෙන එන බව පෙනේ. කෙසේ වුවත් මේ මතක් කරන්නට සැරසෙන්නේ බෑනාට එපා වූ දෙයක් මාමාට ඕනෑ වූ සැටිය.

මරාසාද්



 රොස් වෙලා ඔවුන්ගේ හොද්ද ;

හොඳ හොදි ඉල්ලා මොර දෙනවා ඔවුන්

ගැහැනියකට රුස්සන්නෙ නෑ ඇගේ අඟුටුමිටි සැමියා ;

ඈ සොයනවා නවරියන් සැමියකු

මිනිසෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ ;

ඔහු පතනවා පුෂ්ටිමත් බිරියක් 

හෝඩි පොතින් රෙද්ද උස්සා පෙන්නීම

 



(cartoon movement වෙතින්)

ඒ යහපාලන ආණ්ඩුව රට පාලනය කළ සමයයි. කාටත් මතක ඇති ලෙස සමාජ මාධ්‍ය තුළින් රජය හා එහි තනතුරු දැරූවන් නිර්දය විවේචනයකට ලක් වෙමින් පැවතිණ. මගේ ගෞරවාදරයට ලක් වූ සම්මාන දිනූ ලේඛිකාවක් ද්වේශ සහගත, අසභ්‍ය යයි සම්මත භාෂා විලාසයට බෙහෙවින් ආසන්න වූ වචන භාවිත කරමින් රජය විවේචනය කරන සටහනක් තම ෆේස්බුක් ගිනුම තුළ හුවමාරු කරගෙන තිබිණ. එවන් භාෂා විලාසයකින් හෙබි විවේචනයක් පළකිරීම ඇය වන් අයෙකුට තරම් නොවන බව මා සඳහන් කළවිට ඇය එයට දැක්වූ ප්‍රතිචාරය වූයේ "ඔබ රනිල්ට ද සජිත්ට ද?" යනුවෙන් මගෙන් පෙරලා ප්‍රශ්න කිරීමයි. (ඇය එවකට උග්‍ර රාජපක්ෂවාදිනියක් වූවාය.)

කවද හරි දවසක...


රට පොළවටම සමතලා වී ජනතාවට වැලේ වැල් නැතිව ගොස් ඇති මේ වකවානුවේ ඔවුන් දේශපාලකයින් ගැන සිතන්නේ කුමක්දැයි කීමට අමුතුවෙන් වචන නාස්ති කළයුතු නොවේ. ඒ බැව් මැනවින් දන්නා දේශපාලකයින් ද මේ දිනවල ජනතාවට සම්මුඛ නොවී සිටීමට වග බලාගෙන සිටිති. වැරදීමකින් හෝ ජනතාව අතරට ඔවුන්ගේ වෛරයට හා ද්වේෂයට පාත්‍ර වන දේශපාලකයෙක් පැමිණිය හොත් ඔවුන් කිරීමට බලාපොරොත්තු වන්නේ යයි කියැවෙන දේ සමාජ මාධ්‍ය හරහා දැක බලාගත හැකිය. එවන් දේශපාලකයෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට ජාතික වීරවරයෙකුට ලැබෙන පිළිගැනීමක් සමාජ මාධ්‍ය හරහා ලැබෙනු ද අප අත්වින්දෙමු. මෙය ද එවන් තේමාවක් පදනම් කරගෙන ප්‍රකට ලේඛක ගේබ්‍රියෙල් ගර්සියා මර්කේස් විසින් රචිත One of These Days නම් වූ  කෙටිකතාවේ පරිවර්තනයකි. 

කතන්දර තුනක් සහ තවත් එකක්!

කියවන්නට පමණක් ම නොවේ!

(cartoon movement වෙතින්)


 1. මායා මාවත

එක්තරා මිනිසෙක් රටක් හරහා ගමන් කරන අතරතුර විශාල, පොහොසත්කමින් පිරුන අලංකාර නගරයකට පැමිණුනා. තමන්ගේ මගපෙන්වන්නා දෙසට හැරුන මගියා මෙහෙම කිව්වා. “මේ පලාතෙ නම් හොඳ ධාර්මික මිනිස්සු වගෙයි ඉන්නෙ, මුලු නගරයටම එක පුංචි ආරක්ෂකයෙක් විතරයි ඉන්නෙ."

හොයමු, හොයමු ඩොලර් හොයමු!

(cartoon movement වෙතින්)


 මේ දවස්වල  අඳුරේ පහස විඳිමින් නිවෙස්වල ද මහපාරේ පෝලිම්වල ලගිමින් ද අප අහස පොලව ගැට ගහන්නට දඟලන්නේ මේ කොහේවත් නැති රටක තියන ඩොලරයක් අපේ රටට කළ වින්නැහිය ගැන ය. ඒ වගේම ඩොලර් ටිකක් හොයාගත්තොත් ටික දවසකට හරි ගොඩ යන්න පුළුවන් බවත් පේන්න තිබේ.  මෙහෙම කල්පනා කර කර ඉන්න අපට අඳුරු අහසේ දිස්වන රිදී රේඛාවක් මෙන් බලාපොරොත්තුවක් ඇති කරන සැලසුමක් ගැන ජන මාධ්‍ය හරහා දැනගැනීමට ලැබුණි. මේ  සැලසුමේ කොපිරයිට් අයිතිය ඒ සැලැස්ම ඉදිරිපත් කළ අයට හිමි වුවත් අදාළ හිමිකරු මෙම සංකල්පය යතාර්ථයක් බවට පත්කරන්නට එතරම් උනන්දුවක් නොගන්නා බව පෙනෙන හෙයින් එම අදහස පෝෂණය කරන්නට අපට පුළුවන් හැටියට අදහසක් දෙකක් ඉදිරිපත් කිරීමේ වරදක් ඇතැයි නොසිතමි.

අපිත් රාබු අලය උගුල්ලමු!

 

අපි මේ පාඩම කියවා රාබු අලය උගුල්ලන හැටි ඉගෙන ගත්තේ ඉහළ බාලාංශයේ හිටපු කාලයේ මව්බස පොතෙන් ය. ඒත් දැන් ඉන්න හුඟදෙනෙක් ඉහළ බාලාංශයේ ඉඳලා නැති නිසාදෝ රාබු අලය උගුල්ලන හැටි නොදන්න බව පේනවා ය. මේක කියවාවත් ඉගෙන ගෙන රාබු අලය උගුල්ලා ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙසේ දක්වා සිටිමි. 

නැවත වරක් මතක් කරමි


(cartoon movement වෙතින්)


 නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං විසින් රචිත Prisons we choose to live inside නම් කෘතියේ When in future they look back on us නමින් යුත් පළමු පරිච්ඡේදයෙන් උපුටා ගත් ඡේදයකි මේ.

බ්‍රසල්ස්හි දී බ්‍රිතාන්‍ය හා ඉතාලි පාපන්දු ක්‍රීඩාලෝලීන් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාවේ බලා සිටියවුන් හා විස්තර විචාරකයින් දිගින් දිගටම අවධාරණය කළ පරිදි ඔවුන් ක්‍රියා කළේ සතුන් ලෙස ය. බ්‍රිතාන්‍ය කලහකාරීහු තමන් විසින් මරා දමන ලද මිනිසුන්ගේ මලසිරුරු මතට මූත්‍ර කරනු පෙනිණ. මට සිතෙන ආකාරයට ‘සත්ත්ව’ යන වචනය මෙතැනට ගැළපෙන්නේ නැත. මෙය සත්ත්ව චර්යාවක් දැයි මා හරියටම නොදන්නා නමුදු සැබැවින්ම එය මානව චර්යාවකි. අපගේ ඉතිහාසය කිනම් අවස්ථාවක දී සත්ත්වයින්ගේ ඉතිහාසය ලෙස නොව මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ලෙස ලියැවෙන්නට පටන් ගත්තේද යන්න තීරණය වන දිනය අනුව, සමහරවිට අවුරුදු දහස් ගණනක් නැතිනම් බොහෝවිට වන්නට ඉඩ ඇති පරිදි අවුරුදු දසලක්ෂ ගණනක් පැවතී ඇති ම්ලේච්ඡත්වයට ආපසු ගමන් කළ පසු දක්නට ලැබෙන මානව චර්යාවකි."

ඔන්න ඔහොමයි මැරුවේ!



මේක නම් හරිම අබිරහසක්! ඇත්තටම මිනිහෙක් වෙඩි තියලා මරලා දාලා තියනවා. කරපු මිනිහෙක් ගැන හිතා ගන්නත් බෑ. ඉතින් අර ශ්‍රේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක රහස් පරීක්ෂක ගෙන්වනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. 

අප ආ මඟ මඟ සලකුණු

 

(cartoon movement වෙතින්)


රට යහමගට ගැනීම සඳහා අරගලයක් දියත්ව ඇති මේ මොහොතේ වසර 74ක ශාපයක් ගැන ද අනේක වූ ලියවිළි හා සටන් පාඨ දැකගත හැකි ය. එය එසේම දැයි සිතා බැලීමට පහත දැක්වෙන උපුටන උපකාරී වෙතැයි සිතමි.

සෞභාග්‍යයේ දිනපොත

(cartoon movement වෙතින්)


 1. අද මල්ලි කතා කළා. අඳේට දීල තියන කුඹුරෙන් මේ සැරේ අපේ කොටස කිලෝ හයසීයලු. අපි පස්දෙනාට බෙදුනම එක්කෙනෙකුට කිලෝ එකසිය විස්සයි. කාපංකො අවුරුද්දක්! වෙනදා කන්න දෙකම වැඩ කලාම පස්දෙනාටම අවුරුද්දම කන්න ඇති. පහුගිය කාලේ එකදිගට ලොක්ඩවුන් කරලා කනබොන දේවලුත් හිඟ උන වෙලාවේ අපි විහිලුවට වගේ කිව්වේ වී තියනවා, පොල්ගස් ටිකක් තියනවා, පොලුයි බතුයි කාලා හරි කාලා ඉන්නවා කියලා. දැං පේන විදියට පොල් විතරක් කාලා ඉන්න වෙයි වගේ. පොඩි කාලේ හොරෙන් පොල් කනකොට අම්මා බනිනවා, පොල් කාලා කිරිපණුගාය හදාගනිං කියලා. ඒ උනාට මේවට වග කියන්න ඕන අයට නං කිරිපණුගායක් තරම්වත් දැනෙන බවක් පේන්නෙ නෑ.

මුට්ටිය දමා ඔලුව බේරාගැනීම

 ඊයේ අපිට පැය 13ක පවර් කට් එකක් තිබුනා. අද කොහොම වෙයිද දන්නෑ. ඊට ඉස්සර මේක දාන්නේ. අතීතයේ අනාගත්ත රජවරු හිටියා වගේම විපක්ෂ නායකයින්ගේ ප්‍රතිචාර අනුව පෙනෙන්නේ අනාගතයේ ද අනාගන්නා රජවරු පහල වීමට නියමිත බවයි. මේ ඒ ගැන පහන් සංවේගය උපදවා ගැනීම පිණිසයි.

මනෝලෝක රූපවාහිනියෙන් ලෝකය පෙන්නීම

 




ක්‍රීඩා පිටියක සෙල්ලම් කරන ලමුන් පිරිසක් දෙස බලා සිටින අප්‍රිකානු කොලු ගැටවුන් දෙදෙනෙකි. ඔවුන් පසෙකින් රූපවාහිනියකි. එහි ඇති විශේෂත්වය නම් ඇත්තේ එහි රාමුව පමණක් වීමයි. මදය නැත. එහි කුහරය තුලින් ද ළමුන් සෙල්ලම් කරනු දැකගත හැකිය. ළමයින් අතරින් කිහිපදෙනෙකු තෝරාගන්නා කොලුවන් දෙදෙනා රූපවාහිනී යන්ත්‍රයේ පොත්ත ද කර තබාගෙන් පෙරහැරින් යන්නේ කාට හෝ එය විකුණා ගැනීමටය.  රූපවාහිනී රාමුව කරතබාගෙන තැනින් තැනට යන ඔවුන් අවසානයේ නතර වන්නේ හමුදා මුරපොළක ය.

අනාගත්ත රජ්ජුරුවන්ගේ විත්ති


මේ හැටේ දශකයේ අග භාගයේ නවයුගය සඟරාවේ පළ වූ ළමා කතාවකි. චිත්‍ර ශිල්පියා ඔන්න බබෝ, යෝධයා පඬිතුමා වැනි එවකට ප්‍රකට චිත්‍රකතා ඇඳි ඇස්. ඒ. දිසානායක සූරීන් ය. "අද අපේ රටට මොකද වෙලා තියෙන්නෙ!" කියලා විස්සෝප වන උදවියට මේ කතාව කියවා වෙලා තියන හරිය තේරුම් ගත හැකිය. එමෙන්ම ඇස්. ඒ. දිසානායක සූරීන් හුදෙක් ළමා කතා නිර්මාණකරුවෙක් පමණක් නොව අනාගතය දැකීමට හැකියාවක් තිබූ බහුශ්‍රැතයෙකු බව ද පෙනේ. මෙය මෙසේ පළකිරීම මගේ සහෘද බ්ලොග් රචකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීමක් ද වෙයි.  














 

ඉලක්කයට වෙඩි තබන්නා


ලියම් ඔ‘ෆ්ලැහාටි විසින් ලියන ලද The Sniper නම් වූ මෙම කෙටිකතාවට පසුබිම් වන්නේ අයර්ලන්ත සිවිල් යුද්ධයයි. නිදහසින් පසු අයර්ලන්තයේ පාලනය කෙසේ වියයුතු ද යන කරුණ මත නිදහස් රාජ්‍යවාදීන් (Free staters) හා සමූහාණ්ඩුවාදීන් (Republicans) ලෙස බෙදී කරන ලද සිවිල් යුද්ධයෙන් නිදහස් අරගලයේදී අහිමි වූ ජීවිත සංඛ්‍යාවට ද වඩා ජීවිත සංඛ්‍යාවක් විනාශ වූ අතර එය විසින් ඇති කරන ලද බෙදීම් හා වේදනාකාරී හැඟීම් පරම්පරා ගණනාවක් යනතුරු අයර්ලන්ත සමාජය පීඩාවට පත් කළේය.  


 ජූනියේ දිගු සන්ධ්‍ය ආලෝකය රාත්‍රියෙහි ගිලී ගියේය. නගරයේ වීදි මතත් ලිෆී ගංගාවේ අඳුරු ජලකඳ මතත් වලාකුළු කැටි තුලින් පෙරී ආ මලානික සඳඑළිය විසින් හිමිදිරිය උදාවන්නට ආසන්නයේ නැගෙන දීප්තිය බඳුව තවරා තිබූ සුදුමැලි ආලෝකය හැරෙන්නට ඩබ්ලින් නගරයම අඳුරින් වැසී තිබුනි. වට කරනු ලැබූ උසාවි සංකීර්ණය අවට බර අවි ගිගුම් දුන්නේය. නගරය පුරාම හුදෙකලා ගොවිපළවල බල්ලන් බුරන්නාක් මෙන් අතරින් පතර හඬ නැගූ මැෂින් තුවක්කු හා රයිෆල් රාත්‍රියේ නිශ්චලබව බිඳ දැමීය. සමූහාණ්ඩුවාදීහු හා නිදහස් රාජ්‍යවාදීහු සිවිල් යුද්ධයක නිරතව සිටියහ. 

අපි මෙහෙමයි ණය ගෙවන්නෙ!

 


අග්‍රා නගරයේ හිටියා දුප්පත් ලියන්නෙක්. ඔහු අනිත් අයට අවශ්‍ය දේවල් ලියලා දීලා නැතිනම් පොත් වලින් කොපි කරලා දීලා යන්තමට ජීවත්වෙන්න තරම් ගානක් හොයාගත්තා. හැබැයි ජීවිතය කොයිතරම් දුෂ්කර උනත් ඔහුත් ඔහුගේ බිරිඳත් දරුවන් බඩගින්නේ නොතියා තමනුත් බඩගින්නේ නොඉඳ දවස ගෙවාගන්න සමත් උනා. මේ ලියන්නා තමන් එක තඹ කාසියක් තරම්වත් ණයට ගෙන නැති එක ගැන හරි ආඩම්බර උනා. "අපි කවදාවත් ණයකාරයාගේ සාක්කුවට වැටෙන්න හොඳ නෑ. එහෙම උනොත් අපි විනාශයි." ඔහු නිතරම තම බිරිඳට කිව්වා.

හඳ බේරා ගත් වඳුරෝ

 කලකට පස්සේ කාර්ය බහුල උන නිසා ලියන්න බැරි උනත් මුල්ලක තිබිලා අහුල ගත්ත එකක් වත් දාන්න ඕනෑ කියලා හිතුනා. 

(අන්තර්ජාලයෙන්)


එක්තරා පළාතක ගමකට කිට්ටුව තිබුන කැළයක වඳුරො රංචුවක් හිටියා. හොඳට හඳ පායලා තිබුන රාත්රියක මේ වඳුරො රංචුව සෙල්ලම් කරමින් කෙළිදෙලෙන් පසු උනා. ඒ අසලම වතුර පිරුන ළිඳකුත් තිබුනා. එහෙ මෙහෙ දුවන පනින ගමන් එක වඳුරෙක් ළිඳට එබිල බැලුවා. ඌ දැක්කා හඳ ළිඳේ පතුලේ තියනවා.