නාග වෙස්ගත් වෘක මිනිසා

 ජනපතිවරණයට සතියකට පෙර පහල වූ කුප්‍රකට නාග ධාතු කතා වස්තුව දැන් පැරණි රසාංගයකි. නමුත් එහි විවිධ ස්වරූප වරින් වර සමාජය තුළ පහළ වී භක්තිය, විශ්වාසය හා හාස්‍යය දනවමින් යටයනු පෙනේ. එනිසාම ඒ පිළිබඳව කෙරුනු කතා ද යළි යළිත් අළුත් කළ හැකිය. මෙහි පළවන්නේ 2019-12-08 දින රාවය පුවත්පතට මා සැපයූ ලිපියකි. මාතෘකාව පමණක් මදක් වෙනස් කළෙමි.


                                                         (ඡායාරූපය: deviantart.com වෙතිනි.)

                                  අමෙරිකාවේ වෘක මිනිසා හා කැළණියේ නාගරාජයා 

‘Western’ ලෙස හැඳින්වුන ගොපලු කථා රචනයෙහි ලා ජනප්‍රිය වූ ලේඛකයින් අතුරෙන් ප්‍රමුඛ තැනක් ගත්තෙකි, ලුයී ල‘අමෝ (Louis L’Amour). ඔහු විසින් ලියන ලද නවකථා හා කෙටිකථා රාශියකි. මා මෙහිදී අවධානය යොමුකරන්නේ ඔහු විසින් රචිත ‘Big Medicine’ නම් වූ කෙටිකථාව කෙරෙහිය. ඒ, ජනපතිවරණය මුවවිට තබා බුදුරදුන්ගේ ධාතූන් වහන්සේලා ද මුවින් ගෙන කැළණියට සම්ප්‍රාප්ත වූ නාගරාජයා සිහියට නගාගත්විට මෙම කෙටිකථාවෙන් අපූර්ව රසයක් විඳගත හැකි බැවිණි. මේ කෙටිකථාවට පාදක වූයේ තමා පීඩාවට පත්කල ණයබරින් ගැලවීම සඳහා රත්තරන් සොයා රතු ඉන්දියානුවන් ගහන වන මැද ජීවිතය පරදුවට තැබූ බිලී ඩන්බාර් නම් වියපත් පුද්ගලයාගේ චරිතයයි.

බිලී ඩන්බාර් රත්තරන් ගැරීම සඳහා යන්නේ අපාචේවරුන් සැරිසරන ශුෂ්ක ප්‍රදේශයකටය.  අපාචේවරු යනු නවීන ආයුධ වලින් සන්නද්ධව සිටි යුරෝපීයයන් පවා බියට පත්කිරීමට තරම් සටන් කලාවෙහි දක්ෂ වූ ඉන්දියානු ගෝත්‍රික කණ්ඩායමක් ලෙස හඳුන්වන ල‘අමෝර්, ඔහුගේ නිර්මාණ ගණනාවකම සඳහන් කරන්නේ ලෝකයේ දක්ෂම ගරිල්ලා සටන් කරුවන් වන්නේ අපාචේවරුන් බවයි.

 ඔවුන්ගෙන් සැඟවී සිටීමට ඔහු තෝරාගන්නේ කුඩා විවරයකින් ඇතුළුවිය යුතු පටු දෝනාවක් බඳු තැනකි. මෙහි සැඟවී සිටියදී අපාචේ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගැනීමට උපායක් සොයන ඔහුගේ නෙත ගැටෙන්නේ එහිම ගුහාවක සිටින වෘකයෙකි. එතැන් සිට අප කථාවට ප්‍රවේශ වෙමු.

 එක්වරම ඔහුට අදහසක් පහළවිය. එය කෙතරම් අපූරුද යත් ඔහුගේ මුවට සිනහවක් මතුවිය. ඒක හරියන්න පුළුවන්! අඩුගානෙ උත්සාහ කරල බලන්න වටින එකක්! කොහොම හරි අපාචේකාරයින්ගෙන් ගැලවෙන්නත් එපායැ.

ඔවුන්ගේ මිථ්‍යා ඇදහිලි හා විශ්වාස පිළිබඳව ඔහුට යම් අවබෝධයක් තිබිණ. හරියන බවට ස්ථිරවම විශ්වාස කළ නොහැකි වුවද අදහස ඔලුවට ආ සැනින් එය අතනොහැරිය යුතු උපායක් බව ඔහුට දැනිණ.

 ගමන් මල්ලේ තිබූ ඇඳුමට මාරුවූ ඔහු තමා ඇඳ සිටි ඇඳුම් වූ කලිසම, කබාය හා සපත්තු පැහැදිළි ලෙස පෙනෙන සේ   එළිමහනේ තබා තොප්පිය ද ඒ අසල තැබීය.

 කෝටු කැබලි කිහිපයක් රැගෙන වෘක ලෙන අසලට ගිය ඔහු එහි දොරටුව අසල කුඩා ගිනිමැලයක් දල්වා ඉක්මනින් ආපසු පැමිණ වටපිට බැලීය. ගුහාවෙන් පිටවන විවරය අවට කිසිවෙකුත් නැත. එහෙත් ඒ දෙස යොමුව සැඟවීගත් දෙනෙත් ඇතිබව ඔහු දැන සිටියේය.

ගින්නෙන් පිටවූයේ කුඩා දුමක් වුවද එය හමාගියේ වෘක ලෙන තුළටය.  වැඩි වේලාවක් ගියේ නැත. වෘකයා ගුලෙන් එළියට පැන, ගුහාව මැද නතරවී, දත් විලිස්සා, වටපිට බලා ගුහාවෙන් එළියට පැනගත්තේය.

වහා ක්‍රියාත්මක වූ ඔහු ගින්න නිවා කෝටු කැබලි හා අඟුරු විසුරුවා හැර අතු කැබැල්ලක් ගෙන බිම හොඳින් අතුගා දැමීය. වැඩි වෙලාවක් යන්නට පෙර ඔවුන් එනු ඇත.

වෘක ලෙනට රිංගා වෘකයාගෙන් හැලී තිබූ කෙඳි ස්වල්පයක් ඇහිඳගත් ඔහු තම ඇඳුම් දමා තිබූ තැනට ගියේය. කෙඳි ස්වල්පයක් කමිසය මත දැමූ ඔහු තවත් ටිකක් කලිසම අසල තැබීය. පටු විවරය දෙස කලබලයෙන් හෙලූ බැල්මට කිසිදු ඉන්දියානුවෙකු හසු නොවූවද ඔවුන් වෘකයා දුටුබව නිසැකය. ඔවුන්ගේ විමතිය හා පටලැවිල්ල ඔහුට මැවී පෙණින.

දියපහර වෙත දිවගිය ඔහු වතුරට ආසන්න ඉවුරෙන් මැටි ගුලියක් ගෙන ආවේය. මේ කරන්නේ වැඩි හොඳටය. වැඩේ හරියටම හරියන්නට පුළුවන. මැටි ටිකකින් ඔහු රළු ලෙස මිනිස් රූප දෙකක් හදා තණපත් දෙකක් ඒවායේ හිස්වලට තබා ගැටගැසීය.

පටු විවරය දෙසට වරින්වර හොර බැලුම් හෙලමින්  කඩිමුඩියේ එවැනි රූප හයක් සාදාගත් ඔහු ගසකින්කඩාගත් කටු හා ලඟ තිබූ ගලක් අසලින් හොයාගත් පැරණි ඉත්තෑකූරු කිහිපයක් ගෙන මැටි රූප සිදුරුවන සේ ඒ හරහා ගැසීය.

ඉන්පසු ආරක්ෂාවට පටු විවරය හරහා ඉදිකරගෙන තිබූ කොට තාප්පය දෙසට හරවා ඒවා පේලියට තැබීය. අන්තිම වරටත් ඇතුළුවන විවරය දෙස ඉක්මන් බැල්මක් හෙලූ බිලීට ඉන්දියානුවෙකු ඈතින් මතුවී  ඔහු සිටි දෙසට ඇස් යොමාගෙන  සිටගෙන සිටිනු පෙණින.

ඔවුන් බෙහෙවින් පරිස්සම් වනබව දැනසිටි බිලීට ඊලඟට වෙන්නට යනදේ සිහියට නැගී ඉබේම සිනහවක් පහල විය. රයිෆලය, පතරොම්, වතුර බඳුන හා ආහාර ටිකක් එකතු කරගත් ඔහු වෘක ලෙන ඇතුලටම රිංගා ගත්තේය.

පලමුවරට ආ වෙලාවේ ඔහු දැනගත් පරිදි මෙහි පැටව් සිටියේ නැත. ගුහාවේ කෙළවර ගල බෑවුම් වී ඉඳගෙන සිටීමට හැකි පරිදි සකස් වී තිබිණ. ගිනිකූරක් දල්වා බැලූවිට දකුණුපස තවත් කුඩා ගුහාවක් වැනි ගුලක් පෙණින.

බිලී පරිස්සමින් නැවතත් ඇතුළුවන තැනට බඩගෑවේය. එතැන වැලිමත සටහන්ව තිබූ වෘක අඩි සලකුණු නොමැකෙන ලෙස ඔහුගේ අඩි සලකුණු මකා දමා ආපසු ලෙනේ ඇතුළටම පසුබැස ඉඳගත්තේ කොට බිත්තිය පෙනෙන පරිදිය.

රළුවට සාදා තිබූ බිත්තියට උඩින් හිසක් මතු උනේ තවත් පැය බාගයක් පමණ ගිය පසුය. එය ඉත්තෑකූරු කොණ්ඩයකින්, රතු හිස් පටියකින් හා තියුණු ශක්තිමත් පෙනුමකින් යුත් නායකයාගේය.

අනෙකුත් හිස් ද එකින් එක ඔහු අසලින් ඉහලට නැගින. අපාචේවරු හයදෙනෙක් තාප්පයට උඩින් පැන කුඩා බිම්කඩට පිවිසුනහ. කලබලයකින් තොරව බියට පත් ලොකු ඇස්වලින් වටපිට බැලූහ. හැම දෙයක් දෙසම හාත්පස බලනවිට ඇඳුම් හා මැටි රූප දෙසට ද දෑස් යොමුවිය. එක් ඉන්දියානුවෙක් උගුර යටින් හඬක් නගා එදෙසට ඇඟිල්ල දිගු කළේය.

ඔවුහු ලඟට විත් නැවතී දෑස් දල්වා මැටිරූප දෙස බියමුසු බැලුම් හෙලූහ. මේ මැටි රූප වලින් අදහස් වන දේ ඔවුන් හොඳින් දැන සිටියහ. එහි තේරුම නම් කට්ටඩියෙකු විසින් ඔවුන් හැමකෙනෙකුම මරාදැමීම සඳහා ගුරුකමක් කරඇති බවයි.

එක් ඉන්දියානුවෙකු ආපස්සට පැමිණ ඇඳුම් දෙස බැලුවේය. ඉන්පසුව බියපත්ව කෑගසා වෘක ලොම් දෙසට ඇඟිල්ල දිගු කළේය!

ඔවුහු බියපත් දෑසින් වටපිට බලමින් එකට එකතුවී කතා කරන්නට වූහ. ඔවුන් විශ්වාස කළ පරිදි ඔවුන් කොටුකර ගත්තේ සුදු මිනිසෙකි. අපාචේවරුන් ගැන දැනසිටි බිලී ඔවුන් ඔහුගේ උස, බර, වයස ආසන්න වශයෙන් දැනසිටි බවට සැකයක් නොවීය. පියවර අතර දුරින්, වැඩ කරඇති විදියෙන් හා බුරුල් පස් ඇති තැන්වල සටහන්ව ඇති ඔහුගේ අඩි සලකුණු වලින් ඔවුන්ට  මේ තොරතුරු දැනගත හැකිබව ඔහු දැන සිටියේය.

කොටුකර ගත්තේ සුදු මිනිසෙකු වුවත් ඔවුන්ගෙන් ගැලවී ගියේ වෘකයෙකි! ඔහුගේ ඇඳුම් බිම වැටී තිබේ. ඒවායේ වෘක ලොම් තැවරී ඇත.

සෑම ඉන්දියානුවෙකුම, වෘක රූපයෙන් මිනිස් රූපයට ද මිනිස් රූපයෙන් වෘක රූපයට ද සිතූ සැනින් වෙස් මාරු කළ හැකි වෘක මිනිසා නම් අමුතු සතා ගැන දැන සිටියහ. උන්ට මිනිසෙකු නිදියනවිට උගුරු දණ්ඩ කඩාගත හැකි අතර ලමයින්ගේ සිරුරු තුලට වෘක ලේ ඇතුළු කල හැකිය.

දවස ගෙවීගොස් ඇත. මහලු බිලී ඩන්බාර් වැඩ කරමින් සිටින අතරතුර හිරු ත්ෂිතිජයට ලඟා වී තිබූ බව ඔහුට මතකය. ඉන්දියානුවෝ නොසන්සුන් ලෙස වටපිට බැලූහ. මෙය මරණයේ ශාපය ඔවුන්ගේ හිස් මත පතිත කළ, මිනිසෙකු මෙන් පැමිණ වෘකයෙකු ලෙස පිටව ගිය, බලගතු ආත්මයක් වූ වෘක මිනිසෙකුගේ ගුහාවකි.

එක්වරම, කාන්තාරය දෙසින් වෘකයෙකු කෑගසන හඬක් නැගින.

අපාචේවරු තිගැස්සුනේ එක්වරම අකුණක් පිපිරුවාක් මෙනි. ඔවුහු එකාමෙන් ආපසු හැරුනි. ඔවුන් කොට තාප්පය ලඟට යනවිට දුවමින් සිටියහ.

හිරු නැගෙන තෙක් වෘක ගුහාවේ කට අද්දරට වැතිර රාත්‍රිය ගත කල මහලු බිලීට වෘකයා පැමිණ නොසන්සුන් ලෙස  බලා ආපසු යනු පෙණින. හිරු නැගෙත්ම ඔහු ගුහාවෙන් එළියට බඩ ගා ගත්තේය.

තණකොල කමින් සිටි බූරුවන් දෙදෙන හිස උස්සා ඔහු දෙස බැලීය. බඩු පටවන සෑදලයක් අතට ගත් ඔහු “හෙන ගහන්ඩ! මොකටද ආපසු යන්නේ” කියමින් එය ආපසු දැමීය.

පරණ  රයිෆලය හා අමතර ගැරුම් වට්ටිය අතට ගත් ඔහු ඉල්ලම අසලට පැමිණ වැඩ පටන් ගත්තේය. පරිස්සමින් වටපිට ඇස යොමු කරමින් සිටියද කිසිදු අපාචේ ඉන්දියානුවෙකු පෙනෙන්නට නොවීය. ඔහු සිතාගෙන සිටියාටත් වඩා හොඳින් රත්තරන් මතුවන්නට පටන් ගත්තේය. “තව දවස් දෙකතුනක් මෙහෙම”- එක්වරම ඔහු හිස උස්සා බැලීය.

ඉන්දියානුවෝ දෙදෙනෙක් ඔහුට මුහුණ ලා එළිමහනේ සිටගෙන සිටියහ. ආසන්නයේම සිටි එකා ඉදිරියට පැමිණ ගලක් මත යමක් තබා ඉවත්විය. ඔවුන් ආපසු යනතුරු ඇනතියාගෙන බලාසිටි බිලී ගල වෙත ගියේය. තිබුනේ මුවහම් කැබැල්ලක ඔතා තිබූ මුව ගාතයකි!

ඔහුට ඉබේම සිනහවක් පහලවිය. දැන් ඔහු බලගතු ආත්මයකි, වෘක මිනිසෙකි. මුවමස් සාමය පතා කෙරෙන පිලිගැන්වීමකි. එය පිළිගත යුතුය. අපාචේවරුන්ගේ රටට පැමිණ ඕනෑතරම් රත්තරන් ගැරීමට දැන් බාධාවක් නැතිබව ඔහුට වැටහිණ.

දින කිහිපයකට පසු වෘකයෙකු දඩයම් කළ ඔහු ඌ හමගසා හිස කොටස තබාගෙන සිරුර වලදැමීය. හිස කොටසින් තොප්පිය මත පැළඳිය හැකි සේ හිස් වැස්මක් නිමකරගෙන යන යන තැන එය හිසෙහි දමාගෙන ගියේය.

මසකට පසු බූරුවන් දෙදෙන පිටුපසින් ෆ්‍රිමොන්ට් වෙත පැමිණි ඔහුට ගේට්ටුව අසල සිඩ් බාර්ටන් තරුණයා සමග කතා කරමින් සිටින සැලී මුණගැසිණ. හා, කොහොමද! යනුවෙන් සිනහවක් පෑ සිඩ්, වෘක සම් හිස්වැස්ම දෙස ප්‍රශ්නාර්ථයක් සහිත බැල්මක් හෙලා, “ඕක මෙහෙ දාන්නැත්තං හොඳයි, වෘකයෙක් කියල කවුරුහරි රැවටෙන්න පුළුවන්.” යැයි පැවසීය. මහලු බිලීට ඉබේම සිනහවක් පහලවිය. “ඔහේ හරියටම හරි! මම වෘකයෙක් තමයි. ඕන නම් අපාචේවරුන්ගෙන් අහල බලන්න!”

කථාව අවසන් වන්නේ එසේය. මේ කථාව කියවූ පසු මගේ සිතෙහි පැන නැගුනේ ලුයී ල‘අමෝර් මේ වනවිට ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අසන්නට තිබුනා නේදැ‘යි දැනුන එකම එක ප්‍රශ්නයකි.

“21වන සියවසේ මුල් භාගයේ සිංහල බෞද්ධයින් අතර සිදුවූ දෙයක් 18වන සියවසේ මැද භාගයේ අමෙරිකාවේ අපාචේ ගෝත්‍රිකයන් අතර සිදුවූ  ලෙස දශක ගණනාවකට පෙර ඔබ ලිව්වේ කෙසේද?”


සිකුරු තරුව පායන කං....

 


වසර ගණනාවකට වරක් පායා චමත්කාරය දනවා නැවතත් නොපෙනී යන වල්ගා තාරුකා මෙන් අප සමාජයෙන්ම මතුවී බැබලී නැවත එහිම ගිලී යන චරිත වරින් වර අපට හමුවෙයි. මේ දිනවල කිසිදු භේදයකින් තොරව සමාජයේ සියළුම දෙනාට චමත්කාරය බෙදා දෙන චරිතයක් මතුව තිබෙයි.

ඔබ නැති දවස

                                                                



පොත්ගුලේ අසුන් සැම

එකින් එක පිරී යත

ඈත මීදුමින් වැසි

කඳු මුදුන වගෙයි සිත

රතු ඉන්දියානුවාගේ අනාවැකිය

 

 ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L’Amour ගේ “Westward the Tide” නවකතාවෙන් උපුටා ගත් කොටසකි මේ. රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙකු සුදු මිනිසුන් අමතා කරන කථාවක් ලෙස මෙම කොටස ලියවී තිබේ. එසේ වුවද මෙහි දැක්වෙන කරුණු වර්තමානයේ ඕනෑම රටකට පොදු බව කියවූ පසු තේරුම් යයි. ලේඛකයා පිළිබඳව ද යමක් සටහන් කිරීම අත්‍යවශ්‍යය. Western යනුවෙන් හැඳින්වෙන, උතුරු අමෙරිකාවේ ගව පාලනයෙහි යෙදුන ජන කොටස් (cowboys) පසුබිම් කරගත් කතා විශේෂය කලක් පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ යුගයක් විය. මේවා ඇසුරෙන් නිපැයූ සිනමා නිර්මාණ ද එලෙසම ජනප්‍රිය විය. මේ නිර්මාණ බොහොමයක දැකගත හැකි වූ ලක්ෂණයක් වූයේ රතු ඉන්දියානුවන් ම්ලේච්ඡ, අමානුෂික ජන කොටසක් ලෙස නිරූපනය කිරීමයි. එහෙත් ලුයී ල‘අමෝර් තම නිර්මාණ වලදී ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙලනු නිරීක්ෂණය කළ හැකිය. සඳහන් කළයුතු තවත් විශේෂ කරුණක් නම් ල‘අමෝර් ගේ සීයා මියගියේ රතු ඉන්දියානු ප්‍රහාරයකින් වීමයි. 


                                          (රතු ඉන්දියානු ගෝත්‍රික නායක රෙඩ් ක්ලවුඩ්) 

පියවර

 

   


 නයිජීරියානු ලේඛක Samson O. O. Amali විසින් රචිත Strides නම් කවි පංතියෙහි පරිවර්තනයකි.
                                                         


පියවර

බලන්න අර දරුවා දෙස,

ලඟින්, ලඟින් පා තබමින් මවගෙ පිටුපසින් දිව යන.

කුරුල්ලෙකු ඇල්ලු අන්ධයා

 

අමෙරිකානු ලේඛක Alexander McCall Smith විසින් රචිත A Blind Man Catches a Bird නම් කතාවේ පරිවර්තනයකි.

                                                 කුරුල්ලෙකු ඇල්ලු අන්ධයා

එක තරුණයෙක් විවාහ උනේ අන්ධ සොහොයුරෙකු සිටින තරුණියක සමගයි. මෙම තරුණයාට තම මස්සිනා හොඳින් හඳුනා ගන්නට අවශ්‍ය  උනා. එම නිසා දවසක් ඔහු මස්සිනාට දඩයමේ යන්නට යෝජනා කළා.

“මට ඇස් පෙනෙන්නේ නැහැ. ඒත් අපි යමු. ඔබට පුළුවන් මට උදවු කරන්න.” අන්ධ මිනිසා කිව්වා.

ලේ සුවඳ

 මේ පුවත්පතක පළවූ මගේ පලමු නිර්මාණයයි. ඒ 1991-04-24 දින තරුණි පුවත්පතේය. අද මෙය නැවත කියවන විට වෙනස් කළයුතු යයි සිතෙන තැන් කොතෙකුත් පෙනුණද එය එසේම මෙහි බහාලන්නට සිත්විය.



බටහිර අහසේ මදක් මුදුණට වන්නට අඩසඳ පායා ඇත. එසේ වුවද ඉන් නික්මෙන්නේ මලානික එළියකි. කටුකැලය පුරා ඝනව වැඩුනු පඳුරු හා අතරින් පතර අහසට නැගුණු රූස්ස ගස් අන්ධකාරයේ නිමග්නව ඇත. සුදුමැලි සඳ එළිය විසින් මද හෝ ඉඩක් ඇති සෑම තැනකම වාගේ ඇඳ ඇති සෙවනැලි නිසා අඳුරු බව වඩාත් දැඩිව දැනේ. මී ගසක ගෙඩි කෑමට රොක්වූ මා වවුලන්ගේ නාදය රාත්‍රියේ නිසල බව බිඳිමින් ඈතට විහිද යයි.

Moon and the Waves

                


                         Moon and the Waves  

 I step out into the garden and let Dew-soaked moon,

Among glittering stars, pour its pale wet light over me,

ඝානා ජාතික කවියෙකු වූ Jawa Apronti විසින් රචිත Question නම් කවියේ පරිවර්තනයකි.

                                                                    ප්‍රශ්නාර්ථය



  කළු මිනිසාණනි,

යන්නෙ නැද්ද ඔබ හඳට?

කියන්නට එපා මට ඔබේ

ජුජූ තාක්ෂණය

නොසෑහෙතැයි කියා එයට.

 

                            වෙදකම, හෙදකම හා අපේකම




ඒ 1992 හෝ 93 වසරය. මා රෝහල්ගතව සිටියේ fistula නමින් හඳුන්වන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. මගේ වම්පස ඇඳේ සිටියේ කකුලක තුවාලයක් තිබූ රෝගියෙකි. ඔහුගේ ගැටළුව වූයේ එය නිට්ටාවට සුව නොවීමයි. ඔහු මෙම රෝහල වෙත එවා තිබුනේ මේ අවට ප්‍රාදේශීය රෝහලකිනි. වාට්ටුවේ ගතකළ දින කිහිපය තුළ මා දුටුවේ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකු සිටින බවයි. මේ දෙදෙනම වරින් වර රෝගීන් පරීක්ෂා කිරීමට පැමිණියහ. ඉන් එක් වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කිරීම සඳහා මා මෙම වාට්ටුවට යොමුකළ වෛද්‍යවරයාය. දිනක් අනෙක් ශල්‍ය වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කිරීමට වෛද්‍ය ශිෂ්‍යයින් කණ්ඩායමක් ද සමග පැමිණි අතර මගේ අසල්වැසි රෝගියා අසල නතර විය. වෛද්‍ය වාර්තා පෙන්වමින් ඉංග්‍රීසි බසින් තම සිසුන් ඇමතූ ඔහු රෝගියාගේ කකුල කැපීමට සිදුවන බව පැහැදිළි කළේය. ඉන්පසු රෝගියා දෙසට හැරුන ඔහු, “මේ කකුල කපමු, බොරු කකුලක් දාගත්තම ඔය ඉන්නවා වගේම ඇවිදින්න පුළුවන්, බය වෙන්න දෙයක් නෑ.” යයි පවසා මගේ ඇඳ දෙසට හැරුනේය. අන්දුන් කුන්දුන් වූ

                                                     

                                  වේවැල් කෝටු, නාරං, සියඹලා අතූ.......



මේ බොහෝ ඈත අතීතයට අයත් කතාවකි. ඒ 1986 වසරයි. ගුරු පුහුණුව නිමකළ අපගේ අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වී තිබිණ. දැන් කළයුත්තේ ගුරු පුහුණු වැටුප සකස් කරගැනීමයි. එවකට නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පාසැලක සේවය කළ මා නිකවැරටිය කලාප අධ්‍යාපන  කාර්යාලයට ගියේ ඒ සඳහාය.

 

  කිරි කළ, බෝධි පූජා හා රෝග සුවකරන ෆේස්බුක් ආශිර්වාද පූජා




තමන්ට හෝ පවුලේ කෙනෙකුට රෝගයක් වැළඳුන විට හෝ අද්භූත බලවේගයකින් අපල උපද්‍රව සිදුවන බව විශ්වාස කළවිට හෝ බෞද්ධ සංස්කෘතියට අනුව හැඩගැසුන අපගේ ගැමියා පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා, කිරි කලයකින් බෝධිය නාවා, හාමුදුරුවන්ගෙන් පිරිතක්, බණක් අසා සිත පහදවාගෙන යහපතක් බලාපොරොත්තු වූහ.

සිංගප්පූරුවක් වන්නේ කෙසේද?

 

                                   

                                              ( 2020-11-22 'රාවය' පුවත්පතේ පළවිය.)

                                                          සිංගප්පූරුව වගේ වෙමුද?

“මනුෂ්‍ය ස්වභාවය දහයෙන් නවයක්ම හුරු කිරීම මත ද දහයෙන් එකක් පමණක් ජාන මත ද රඳා පවතී. හුරු කිරීම මත රඳා පවතින කොටස අධ්‍යාපනයෙන් හැඩගැසිය හැකි අතර ජානමය කොටස ද කාලයගේ ඇවෑමෙන් විද්‍යාවට අනුගත වීමට ඇති ඉඩකඩ බොහෝය.” බර්ට්‍රන්ඩ් රසල් (Has Man a Future?) 


    

රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කරගත් විට ඊට හේතුසාධක වූ කරුණු සොයාබැලීමත් එම රට විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති අනුකරණය කිරීමට යොමුවීමත් මෑත යුගයේ ලොව පුරා දක්නට ලැබුන ප්‍රවනතාවකි. එසේ ලොව පුරා අවධානයට ලක්වූ, විශේෂයෙන් ආසියානු කලාපයේ අවධානයට ලක්වූ රටකි, සිංගප්පූරුව.

ගැලවීම

 මේ, "The Big Sea" නමින් ලියැවුන ලැංග්ස්ටන් හියුස්ගේ ස්වයං- ලිඛිත චරිතාපදානයේ "Salvation" නම් වන තුන්වන පරිච්ඡෙදයේ පරිවර්තනයකි. මෙහි විශේෂත්වය නම් එය කෙටිකතාවක් සේ ගෙන රසවිඳිය හැකි පූර්ණ නිර්මාණයක් වීමයි. බොහෝදෙන මෙය ආගම හා ඇදහිලි ගැන කෙරෙන විවේචනාත්මක බැල්මක් ලෙස දකින්නට කැමති වුවද මගේ කියවීම ඊට මදක් වෙනස් වෙයි. මා සිතන්නේ සංකේතාත්මකව ගතයුතු ආගමික සංකල්ප ආශ්චර්යාත්මක සිදුවීම් ලෙස ගෙන අන්ධ භක්තියෙන් ඇදහීම ආගමට මෙන්ම මිනිස් චර්යාවනට ද ඇති කරන බලපෑම මින් ඉස්මතු කෙරෙන බවයි. රීඩ් නැන්දා විසින් ලැංග්ස්ටන් ගේ ලමා සිතට ඇතුළු කරන ජේසුතුමන් පැමිණීම, බැටළු පැටවුන් ගලවා ගැනීම, ආලෝකයක් දැකීම හා ආත්මයේ ඇතිවන වෙනස උදාහරණ වෙයි. කුඩා ලැංග්ස්ටන්ගේ සිතෙහි ඇතිවන ප්‍රතිචාරය කතාවේ අවසන් වැකියෙන් සනිටුහන් වෙයි. සිනමාකරුවකු සමීප රූප, මධ්‍යම රූප හා දුර රූප සම්මිශ්‍රණයෙන් අර්ථ ගොඩනගන්නාක් මෙන් පූජකවරයා, රීඩ් නැන්දා, බැතිමතුන් සමූහය වරින්වර ඉදිරියෙහි හා පසුබිමෙහි තබමින් කතුවරයා අරුත් දනවන ආකාරය අපූරුය. (ඡායාරූපය centerforfiction.org වෙබ් අඩවියෙනි)


ගැලවීම

මා පාපයෙන් ගලවා ගනු ලැබූයේ මට වයස දහතුනක් වෙද්දි. ඇත්තටම ඒක ගලවා ගැනීමක්ම නෙමෙයි. ඒක උනේ මෙහෙමයි.

 මෙය කීර්තිමත් ඊශ්රායල් ජාතික කවියෙකු වන Yehuda Amichai විසින් රචිත Diameter of a Bomb නම් කවියේ පරිවර්තනයකි.


                   බෝම්බයේ විෂ්කම්භය

                 



තිහයි සෙන්ටිමීටර බෝම්බයේ විෂ්කම්හය
මීටර හතක් විතරයි බලපාන වපසරිය

 

                       


                             බය හා කෝපය තුළ සැඟවගත් කොරෝනා 

                                භීෂණයෙන් මිදෙන මග

මුලින් කොරෝනා වී පසුව කොවිඩ් 19 වු වෛරසය සමස්ත ලෝකයට මෙන්ම ශ්‍රී ලංකාවට ද විසඳා ගැනීමට ප්‍රශ්න ගණනාවක් ඉතිරි කරමින් තවමත් ලෝකය පුරා පැතිරයමින් පවතී.  කොවිඩ් 19 වෛරසය විසින් වෛද්‍ය විද්‍යාවට එල්ල කරන ලද අභියෝග යම් දිනෙක මිනිසා විසින් ජයගනු ඇත. එහෙත් මිනිසාගේ චර්යා රටාවට  කොවිඩ් 19 විසින් කරන ලද අභියෝග ජය ගැනීමට මිනිසාට හැකිවේද? 

කට්ටයයි වෙට්ටපිත්තලයයි

 

මේ අප පාසල් යන අවධියේ කියවූ සිංහල පොතක තිබූ පාඩමකි. එදාටත් වඩා අදට එය කොතරම් ගැලපෙන්නේ දැයි සිතුන බැවින් ඉදිරිපත් කරමි. එදා පෙළපොත් රචකයින් භුක්ති විඳි නිදහස පිළිබඳ අවබෝධයක් ද මෙයින් ලැබේ. මෙම කතාවම අද සිංහල පොතකට ඇතුල් කලහොත් කුමන ප්‍රතිචාරයක් ලැබේද යන්න සිතාබැලීම ද වටී. (මෙහි ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය හා පද බෙදීම එහි තිබූ ආකාරයටම තබා ඇති බව සලකන්න.)

                                

                                             කට්ටයයි වෙට්ටපිත්තලයයි



“අපි මොන මගඩියකින් හරි සල්ලි ටිකක් හොයමු” යි දිනක් කට්ටයා සිය මිතුරු වෙට්ටපිත්තලයාට යෝජනා කෙළේ ය. එක්තරා ගමකට ගිය ඔහු ගොන් බානක් හොරා ගෙන කැලෑවෙක සඟවා තුබූ හ. නැති වූ ගොන් බාන සොයා ගම පුරා ඇවිදින අයිති කරු මුණ ගැසුණු කට්ටයා

 

 බෙනඩික්ට් දොඩම්පෙගම විසින් කලකට පෙර ‘නවයුගය’ සඟරාවට ලියන ලද ලිපියකින් උපුටාගත් කතාවකි, මේ. මෙම ලේඛකයා පිළිබඳව ද යමක් පැවසීම අත්‍යවශ්‍යය. ප්‍රවීණ ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ ඔහු අප මතකයේ රැඳෙන්නේ ඔහු විසින් සිංහල සිනමාවට කරන ලද සේවය නිසාය. විශේෂයෙන් රසිකයන්ගේ රසවින්දනය ඉහල නැංවීම සඳහා සිනමා සාහිත්‍යය වෙනුවෙන් කරන ලද සේවය නිසාය. 

                                                   බොරු කාරයා සොයා ගත් හැටි


හොඳ උගතෙක් එක් ගමකට පැමිණියේ ය. ගමේ මිනිසුන්ගේ අදහස් උදහස්, ස්වභාවය, ඉගෙනීමට ඔහුට උවමනා විය.