අනාගතයේ සිට ඔවුහු අප දෙස ආපසු බලන විට….. 2

                          

                                    (cartoon movement වෙතින්)


මා සිතන අයුරින් ලේඛකයින්ට ස්වභාවයෙන්ම චිත්තවේගවලින් හා සමාජ නියමවලින් දුරස්ථ වීම වඩාත් පහසුවෙන් කල හැකි ය. නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීමෙහි හා නිරීක්ෂණය කිරීමෙහි යෙදෙන පුද්ගලයින් තමන් පරීක්ෂා කරන දෙයෙහි හා නිරීක්ෂණය කරන දෙයෙහි විවේචකයින් බවට පත් වෙති. ශතවර්ෂ ගණනාවක් පුරා මනෝරාජ්‍ය ගැන ලියැවුන සියල්ල දෙස බලන්න. මෝර්ගේ Utopia, කැම්පනෙල්ලාගේ City of the Sun, මොරිස්ගේ News from Nowhere, බට්ලර්ගේ Erewhon (Nowhere යන වචනය අග සිට මුලට ලිවීමකි.)  සියල්ල විද්‍යාව විසින් නිර්මාණය කරන්නා වූ, වියහැකි අනාගතය පිළිබඳව වන විවිධාකාර සැලසුම්වල  පිටපත් වන අතර, මා සිතන ආකාරයට අභ්‍යවකාශ කථා රචකයින් ද මෙම සම්ප්‍රදායටම අයත් වේ. නිසැකවම මේ සියල්ල පවත්නා සමාජ කෙරෙහි එල්ලවන විවේචන ය. මක් නිසාද යත්, සාමාන්‍ය පරිසරයෙන් හුදෙකලාව ඔබට මනෝ රාජ්‍යයක් පිළිබඳව ලිවිය නොහැකි බැවිනි.

අනාගතයේ සිට ඔවුහු අප දෙස ආපසු බලන විට….. 1

 

පහත දැක්වෙන්නේ ඉරානයේ ඉපිද, දකුණු රොඩේෂියාවේ (දැන් සිමිබාබ්වේ) හැදීවැඩී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස සාහිත්‍යය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ඩෝරිස් ලෙසිං(1919-2013)  ලේඛිකාවගේ The Prisons We Choose to Live Inside නම් කෘතියේ පළමු පරිචිඡේදයේ පරිවර්තනයකි. මෙහිදී ඇය අවධානය යොමුකරන්නේ නොදියුණු අතීතයේ සිට වර්තමානයේ දියුණු යැයි සැළකෙන අවධිය දක්වා ආ ගමනේදී මිනිසා තවමත් කොතරම් ම්ලේච්ඡ ගති සිරිත්විරිත් උරුමකරගෙන සිටින්නේද යන වගයි. 

කැඩපත ඉදිරිපිට සිට . . .

 

(cartoon movement වෙතින්)

1. දරුවෙකු මැරූ මිනිසා

එක්තරා ඈත පලාතක මෝඩ මනුෂ්‍යෙයක් හිටියා. ඔහුට දරුවන් හත්දෙනෙක් හිටියා. එක දවසක් බලාපොරොත්තු නොවුන ලෙස මේ දරුවන් අතරින් බාල දරුවෙක් මියගියා. දරුවා මියගිය බව දැනගත් පසුව මෝඩයාට අවශ්‍ය උනේ සිරුර වලලන්නේ නැතිව ගෙදර තියාගන්නයි. මෙය දැනගත් ඔහුගේ මිතුරෙක් ඔහුට අවවාද කලා. 

වෙනසක් කළා!

 


අපාචේ හංදියේ ඕවන් බක්ට මෙන් මට ද උභතෝකෝටියකට මුහුණ දෙන්නට සිදුවිය. මහ දිග කතාව පළකරද්දී ඒ අතර සුපුරුදු සාමාන්‍ය පෝස්ට් දැමීමෙන් කතාවේ කොටස් යට යන අතර ඊට අවධානය ද අඩුවෙයි. ප්‍රතිකර්මය නම් දිග කතාව සඳහාම මා සකසා තිබූ අළුත් බ්ලොග් එකකට එය මාරු කිරීමයි. එහෙත් පසුව මා තීරණය කළේ කතාවට එලෙසම තිබෙන්නට හැර අමතරව පෝස්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අළුතෙන් සැකසූ බ්ලොග් අඩවිය භාවිත කිරීමයි. එය තවමත් සින්ඩිවලට එකතු වී නැති නිසා එයට මෙතැනින් පිවිසිය හැකිය. මෙහි එන සහෘදයින් සියළුම දෙනාට වෘත්තාන්ත නම් වූ මගේ නව බ්ලොග් අඩවියට ද ගොඩවෙන ලෙස කෙරෙන ආරාධනයයි මේ. 

ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය





පසුගිය සතියේ ප්‍රවීණ සංගීතඥයෙකු හා මධුර ගී තනු නිර්මාපකයෙකු වූ ආනන්ද ගමගේ මහතා අප අතරින් නිහඬවම වෙන්වී ගොස් තිබිණ. ඒ පිළිබඳව කිසිම පුවතක් කිසිම ජනමාධ්‍යයක පළවී තිබෙන බවක් නුදුටිමි. මා ද ඒ පුවත දැකගත්තේ මා මිත්‍ර, ප්‍රවීණ ලේඛක සිඩ්නි මාකස් ඩයස් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකිනි. ඒ සටහන කිසිදු වෙනසකින් තොරව එලෙසම මෙහි උපුටා දක්වන්නේ එම පුවතින් ඔහුට දැනුන හැඟීම මට ද එලෙසම දැනුන බැවිණි.

අවිද්‍යාවේ විද්‍යාව හා විද්‍යාවේ අවිද්‍යාව

විද්‍යාවේ ඉදිරි ගමනත් සමග බිහි වූ දැනුම හා නව සොයාගැනීම්වලට එරෙහිව සමාජයේ සාම්ප්‍රදායික දැනුම හා විශ්වාස තුළින් මතු වූ ප්‍රතිරෝධය විද්‍යාවේ ආරම්භය තරම්ම පැරණිය. සමහර විට මිනිසා ගින්දර සොයා ගත් යුගය තෙක්ම දිවෙනවා විය හැකිය. ලංකාව මෙන් ආසියානුකරයේ රටවල මෙය ඉස්මතු වූයේ බටහිරින් ලැබුන දෑ අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමක් ලෙසය.

දෙවියොත් සාක්කි!

   පහත දැක්වෙන්නේ ඉන්දියානු විද්වතෙකු වූ ඒ.කේ. රාමනුජාන් විසින් රචිත කන්නඩ ජනකතා එකතුවක් වූ The Flowering Tree නම් කෘතියෙන් ගත් ජනකතා දෙකකි. ඔහු මේවා හැඳින්වූයේ කටින් කට පැවත ආ කතා (oral tales) ලෙසය.

සින්ඩරෙල්ලා සොයා!



ගොම්මනේ සිට හිමිදිරිය තෙක්
එක් නගරයක සිට තවත් නගරයකට

හරක් දැක්කීම

මෙවර මා තෝරා ගත්තේ රැල්ෆ් කොම්ප්ටන් නම් ලේඛකයාගේ The Western Trail නම් නවකතාවෙන් තෝරා ගත් කොටස් කිහිපයකි. මෙම නවකතාවට පසුබිම් වන්නේ දහනවවන සියවසේ අග භාගයේ ගව පාලනය තම ජීවිකාව කරගත් ටැක්සාස් ප්‍රාන්ත වැසියන් කණ්ඩායමක ගොපළු  ජීවිතයි. ගොපළු ජීවිත පසුබිම් කරගත් නවකතා බොහොමයක් ගැඹුරින් එම ජීවිත විවරණය කරන ඒවා නොව කව් බෝයිස් ලෙස හැඳින්වූ ගොපළු තරුණයින්ගේ වීර වික්‍රමාන්විත ක්‍රියා පසුබිම් කරගත් කතාන්තරය. එමෙන්ම මේ බොහෝ කතාවල රතු ඉන්දියානු ජාතිකයින් නිරූපනය කරනු ලබන්නේ දරුණු ම්ලේච්ඡයින් ලෙසය.

ලෝකය කැරකෙන හැටි!

 

(cartoon movement වෙතින්)

එක්තරා අවස්ථාවක යම්කිසි මිනිසුන් සංඛ්‍යාවක් අල්පෙනෙත්ති නිපදවීමෙහි නිරත වී සිටිනවා යයි සිතන්න. දවසකට පැය අට බැගින් වැඩ කරන ඔවුහු ලෝකයට අවශ්‍ය සියළුම අල්පෙනෙත්ති නිපදවති. කිසිවකු විසින් එම මිනිසුන් සංඛ්‍යාවම යොදාගෙන අල්පෙනෙත්ති නිෂ්පාදනය දෙගුණ කළ හැකි නව නිපැයුමක් හඳුන්වා දෙනු ලබයි.අල්පෙනෙත්ති මිල කොතරම් අඩු මට්ටමක තිබේද යත් මීට වඩා අඩු මිලකට කිසිවකුත් අල්පෙනෙත්ති මිල දී ගන්නේ නැත. ප්‍රඥාවන්ත ලෝකයක නම් අල්පෙනෙත්ති නිෂ්පාදනයට සම්බන්ධ සියළු දෙනා පෙර වැඩෙහි යෙදුනු පැය අට වෙනුවට පැය හතරක් වැඩ කරනු ඇති අතර සියල්ල පෙර පරිදිම සිදුවනු ඇත. එහෙත් සැබෑ ලෝකයෙහි මෙය අධෛර්යමත් බව ඇති කරන පියවරක් ලෙස සලකනු ලබන අතර මිනිස්සු සුපුරුදු ලෙස පැය අටක් වැඩ කරති. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අල්පෙනෙත්ති නිෂ්පාදනය කෙරෙද්දී සමහර සේවායෝජකයෝ බංකොලොත් වෙති. කලින් අල්පෙනෙත්ති නිෂ්පාදනයෙහි යෙදී සිටි සංඛ්‍යාවෙන් අඩකට තම රැකියා අහිමි වෙයි. අවසානයේදී පෙර සඳහන් කළ සැලැස්මෙහි තිබූ පමණටම විවේකී සමයක් මිනිසුන්ට ලැබේ. එහෙත් ඔවුන්ගෙන් අඩක්ම වැඩ නොමැතිව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව සිටින අතර අනෙක් අඩ අවශ්‍ය පමණටත් වඩා වැඩ කරති. මෙලෙස නොවැලැක්විය හැකි විවේකය සමස්ත සමාජයේ සියළුදෙනාට සතුට ගෙන දෙන දෙයක් වනු වෙනුවට දුක්ඛිත බව පතුරුවන දෙයක් වෙයි. මීටත් වඩා උමතු ක්‍රියාවක් තවත් තිබිය හැකිද? 

බර්ට්‍රන්ඩ් රසල්ගේ In Praise of Idleness and Other Essays කෘතියෙන් 

ලෝකය කියවමු

 යැස්කා මවුන්ක් (Yascha Mounk) ජර්මන් සම්භවයක් ඇති අමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකි. ඔහු ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සහය මහාචාර්වරයෙකු ලෙස සේවය කරයි. මේ ඔහු විසින් 2018 දී රචිත THE PEOPLE VS. DEMOCRACY කෘතියේ "අයිතිවාසිකම් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය" නම් වූ පළමු පරිච්ඡේදයේ මුල් පිටු කිහිපයෙහි පරිවර්තනයකි.  

(cartoon movement වෙතින්)

1989 ග්‍රීෂ්ම සෘතුව අවසානයේ නැගෙනහිර ජර්මනියේ "කම්කරු පාරාදීසයේ" පුරවැසියන් සෑම සඳුදාවකම රාත්‍රියේ  ලීප්සිග් හා ඩ්‍රෙස්ඩන් නගරවල වීදිවලට රොක් වූයේ කොමියුනිස්ට් පාලනයට විරෝධය දැක්වීමටයි. ඔවුන් නැගූ ප්‍රධාන සටන් පාඨයෙහි බලාපොරොත්තු සහගත උදාරම් බවක් ගැබ් විය. “Wir sind das Volk,” - "ජනතාව අපියි, රහස් පොලිසිය නොවේ, පක්ෂයේ ලොක්කන් නොවේ."  ජනයා හඬ නැගූහ. 

අංශක එකසිය අසූව


Federico Moramarco කවියාගේ One Hundred and Eighty Degrees නම් කවියේ පරිවර්තනයකි.



සිතාබලා ඇතිද ඔබ හරි යයි සිතන හැමදේම
වැරදි බව පෙනෙන්නට ඇති හැකියාව ගැන,
ටිකක් හෙම නෙවෙයි, සපුරාම වරදින්නට,
කිසිවක් ඒ පෙනෙන විදියටම නොතිබෙන්නට?

කැඩපත ඉදිරිපිට





කීර්තිමත් ඉන්දීය ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ කුෂ්වන්ත් සිං ගේ Big Fat Joke Book නම් කෘතියෙන් උපුටාගත් හාස්‍යෝත්පාදක කතා කිහිපයකි මේ. මෙම කතා ඉන්දියාව පසුබිම් කරගෙන රචනා වී තිබුන ද සමහර කතා විවිධ ස්වරූපයෙන් අප අසා ඇති ඒවාය. එසේ වුවද අප රටට පවා ඒවා ගැලපෙන බව නම් නිසැක ය.

කෙනෙකුට රස කෙනෙකුට වස!

                           

අමෙරිකානු කවියෙකු වූ ආතර් ගිටර්මන්ගේ What One Approves, Another Scorns හා On the Vanity of Earthly Greatness  කවිවල පරිවර්තන.

කිව් දේ කිරීම

 



1969 සැප්තැම්බර් 26 දින "නවයුගය" සඟරාවට ප්‍රවීණ ලේඛක බෙනඩික්ට් දොඩම්පේගම විසින් ලියන ලද ලිපියකිනි.






රජ තෑග්ග

 


                                                                         (cartoon movement වෙතින්)

සමාජ මාධ්‍ය තුළින් ජනගත වන පුවත් අඩවි හා අනෙකුත් තොරතුරු නියාමනය කිරීම සඳහා පනතක් ගෙන ඒමේ සූදානමක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇති බව පෙනේ. එය සිංගප්පූරුව ආදර්ශයට ගෙන සැකසීමේ සූදානමක් ගැන ද බලධාරීන්ගේ ශ්‍රී මුඛවලින් ප්‍රකාශයට පත්ව ඇත. මේ පුවත දුටු මගේ මතකයට නැගුනේ කළකට පෙර මා හට කියවන්නට ලැබුන අපූරු කතාන්දරයකි. 

දවසින් වරුවක්

 

නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අරාබි ලේඛකයා වන ඊජිප්තු ලේඛක Naguib Mahfouz ගේ Half a Day කතාවේ පරිවර්තනයකි. 

     (cartoon movement වෙතින්)

 තාත්තාගේ අතේ එල්ලීගෙන ඔහු තබන දිගු පියවර හා පෑහෙන්නට දුවමින් තාත්තාත් සමග ඉදිරියට ගමන් කළෙමි. කලු සපත්තු, කොළ පැහැති පාසැල් නිල ඇඳුම හා රතුපාට කුර්දි තොප්පිය ආදී මාගේ සියළුම ඇඳුම් අළුත්ම ඒවා විය. කෙසේ වුවද අළුත් ඇඳුම් පිළිබඳ දැනුන සතුට සපුරා විඳගන්නට නොහැකි වු කරුණ වූයේ එය උත්සව දිනයක් නොවී මා පළමුවෙන්ම පාසැල් යන දිනය වීම ය. 

මගේ එළදෙන

 


පුරාණයේ ගම්වල ගවයින් ඇතිකිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ගවයින් ඇතිකිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කුඹුරු ගොවිතැන සඳහා යොදාගැනීමයි. ඊට අමතරව අද මෙන් ප්‍රවාහනය සඳහා වාහන නොතිබූ ඒ අවධියේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ද ගවයාය. හරකුන් ඇතිකිරීම ගැමියාට එතරම් බරක් නොවූයේ සෑම ගමක් ආසන්නයේම කැලෑවක් තිබූ නිසාය. වැඩ නැති කාලයට උදෑසනම කැලයට දක්කන ගවරැල සවස් යාමයේ නැවතත් නිවස කරා දක්කාගෙන ඒම ගැමියාගේ සිරිත විය.  අද මෙන් සොර සතුරන් බහුල නොවූ ඒ යුගයේ හරකෙකු නැති වූයේ කලාතුරකිනි. මේ ඒ කාලයේ සිදුවිනැයි මා අසා තිබූ කතාවකි. 

අන්තිමේදී අපි දරුවන් ද කෑවෙමු

                         

 කැනේඩියානු ලේඛක යාන් මාර්ටල් ප්‍රකට වූ‍යේ ඔහු විසින් රචිත Life of Pi කෘතිය නිසා ය. මේ සඳහා 2002දී ඔහුට බුකර් සම්මානය හිමි වු අතර එය ඇසුරින්  සිනමා නිර්මාණයක් මෙන්ම වේදිකා නිර්මාණයක් ද බිහි විය. (හිරාන් අබේසේකරට හොඳම නළුවා සඳහා වූ ලෝරන්ස් ඔලිවියර් සම්මානය හිමිකර දුන්නේ ද එම වේදිකා නාට්‍යයයි.) We ate the children last නමින් ඔහු ලියූ කෙටිකතාවේ පරිවර්තනයයි මේ. විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපයෙන් ලියවී ඇති මෙය වත්මන් සමාජයේ හැසිරීම හා එය පාලනය කරන බල අධිකාරිය තියුණු විවේචනයකට ලක්කරයි. අප රටේ  මෑත භාගයේ ඇති වූ දේශපාලන චලනය ද මේ උපහාසාත්මක රචනය හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙහි වරදක් නැතැයි සිතමි.

පෙන්නන දේ හා පෙනෙන දේ!




සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් ගීතයක් අසන්නට, නාට්‍යයක් හෝ චිත්‍රපටයක් බලන්නට, රස විඳගන්නට කැමතිය. ඒ  අපගේ විවේක කාලය ගෙවා දැමීමේ එක විදියකි. මෙවන් නිර්මාණ අප‍ගේ ජීවිත පෝෂණය කරන ආකාරය ගැන විවිධ මතිමතාන්තර තිබේ. ඒ පිළිබඳ වාද විවාද ද නොයෙක් වේදිකාවල කෙරෙනු දැකගත හැකිය. ඒ කෙසේ වෙතත් තමන් රස විඳි නිර්මාණයක් ගැන කතාකරන්නට, ඒ නිර්මාණය තමන්ට දැනුන අයුරින්ම තවත් කෙනෙකු රස විඳිනවා දකින්නට කැමති අය ද අප අතර වෙති. ඒ අය කරන්නේ ෆේස්බුක්, බ්ලොග් අඩවි තම වේදිකා ලෙස භාවිත කරමින් තමන් රස විඳි නිර්මාණ අනෙකුත් සහෘදයින් වෙත හඳුන්වා දීමය. ලොව පුරා නිපැයෙන සිනමා නිර්මාණ පිළිබඳ කෙරෙන කතාබහ මේ අතරිනුත් වඩාත් ජනප්‍රියත්වයක් උසුලන බව පෙනීයයි. මේ කර්තව්‍යය ඉතා සිත්ගන්නාසුළු දෙයකි. ඒ, මෙම සටහන් අපගේ අවධානයට ලක්නොවූ හොඳ නිර්මාණ ගැන දැනගන්නටත් අප  නරඹා ඇති නිර්මාණයක වුව අප නොදුටු අරුත් දකින්නටත් ඉඩ සැලසෙන කවුළුවක් වන බැවිනි.