ලෝකය කියවමු

 යැස්කා මවුන්ක් (Yascha Mounk) ජර්මන් සම්භවයක් ඇති අමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකි. ඔහු ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සහය මහාචාර්වරයෙකු ලෙස සේවය කරයි. මේ ඔහු විසින් 2018 දී රචිත THE PEOPLE VS. DEMOCRACY කෘතියේ "අයිතිවාසිකම් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය" නම් වූ පළමු පරිච්ඡේදයේ මුල් පිටු කිහිපයෙහි පරිවර්තනයකි.  

(cartoon movement වෙතින්)

1989 ග්‍රීෂ්ම සෘතුව අවසානයේ නැගෙනහිර ජර්මනියේ "කම්කරු පාරාදීසයේ" පුරවැසියන් සෑම සඳුදාවකම රාත්‍රියේ  ලීප්සිග් හා ඩ්‍රෙස්ඩන් නගරවල වීදිවලට රොක් වූයේ කොමියුනිස්ට් පාලනයට විරෝධය දැක්වීමටයි. ඔවුන් නැගූ ප්‍රධාන සටන් පාඨයෙහි බලාපොරොත්තු සහගත උදාරම් බවක් ගැබ් විය. “Wir sind das Volk,” - "ජනතාව අපියි, රහස් පොලිසිය නොවේ, පක්ෂයේ ලොක්කන් නොවේ."  ජනයා හඬ නැගූහ. 

අංශක එකසිය අසූව


Federico Moramarco කවියාගේ One Hundred and Eighty Degrees නම් කවියේ පරිවර්තනයකි.



සිතාබලා ඇතිද ඔබ හරි යයි සිතන හැමදේම
වැරදි බව පෙනෙන්නට ඇති හැකියාව ගැන,
ටිකක් හෙම නෙවෙයි, සපුරාම වරදින්නට,
කිසිවක් ඒ පෙනෙන විදියටම නොතිබෙන්නට?

කැඩපත ඉදිරිපිට





කීර්තිමත් ඉන්දීය ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ කුෂ්වන්ත් සිං ගේ Big Fat Joke Book නම් කෘතියෙන් උපුටාගත් හාස්‍යෝත්පාදක කතා කිහිපයකි මේ. මෙම කතා ඉන්දියාව පසුබිම් කරගෙන රචනා වී තිබුන ද සමහර කතා විවිධ ස්වරූපයෙන් අප අසා ඇති ඒවාය. එසේ වුවද අප රටට පවා ඒවා ගැලපෙන බව නම් නිසැක ය.

කෙනෙකුට රස කෙනෙකුට වස!

                           

අමෙරිකානු කවියෙකු වූ ආතර් ගිටර්මන්ගේ What One Approves, Another Scorns හා On the Vanity of Earthly Greatness  කවිවල පරිවර්තන.

කිව් දේ කිරීම

 



1969 සැප්තැම්බර් 26 දින "නවයුගය" සඟරාවට ප්‍රවීණ ලේඛක බෙනඩික්ට් දොඩම්පේගම විසින් ලියන ලද ලිපියකිනි.






රජ තෑග්ග

 


                                                                         (cartoon movement වෙතින්)

සමාජ මාධ්‍ය තුළින් ජනගත වන පුවත් අඩවි හා අනෙකුත් තොරතුරු නියාමනය කිරීම සඳහා පනතක් ගෙන ඒමේ සූදානමක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇති බව පෙනේ. එය සිංගප්පූරුව ආදර්ශයට ගෙන සැකසීමේ සූදානමක් ගැන ද බලධාරීන්ගේ ශ්‍රී මුඛවලින් ප්‍රකාශයට පත්ව ඇත. මේ පුවත දුටු මගේ මතකයට නැගුනේ කළකට පෙර මා හට කියවන්නට ලැබුන අපූරු කතාන්දරයකි. 

දවසින් වරුවක්

 

නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අරාබි ලේඛකයා වන ඊජිප්තු ලේඛක Naguib Mahfouz ගේ Half a Day කතාවේ පරිවර්තනයකි. 

     (cartoon movement වෙතින්)

 තාත්තාගේ අතේ එල්ලීගෙන ඔහු තබන දිගු පියවර හා පෑහෙන්නට දුවමින් තාත්තාත් සමග ඉදිරියට ගමන් කළෙමි. කලු සපත්තු, කොළ පැහැති පාසැල් නිල ඇඳුම හා රතුපාට කුර්දි තොප්පිය ආදී මාගේ සියළුම ඇඳුම් අළුත්ම ඒවා විය. කෙසේ වුවද අළුත් ඇඳුම් පිළිබඳ දැනුන සතුට සපුරා විඳගන්නට නොහැකි වු කරුණ වූයේ එය උත්සව දිනයක් නොවී මා පළමුවෙන්ම පාසැල් යන දිනය වීම ය. 

මගේ එළදෙන

 


පුරාණයේ ගම්වල ගවයින් ඇතිකිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ගවයින් ඇතිකිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කුඹුරු ගොවිතැන සඳහා යොදාගැනීමයි. ඊට අමතරව අද මෙන් ප්‍රවාහනය සඳහා වාහන නොතිබූ ඒ අවධියේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ද ගවයාය. හරකුන් ඇතිකිරීම ගැමියාට එතරම් බරක් නොවූයේ සෑම ගමක් ආසන්නයේම කැලෑවක් තිබූ නිසාය. වැඩ නැති කාලයට උදෑසනම කැලයට දක්කන ගවරැල සවස් යාමයේ නැවතත් නිවස කරා දක්කාගෙන ඒම ගැමියාගේ සිරිත විය.  අද මෙන් සොර සතුරන් බහුල නොවූ ඒ යුගයේ හරකෙකු නැති වූයේ කලාතුරකිනි. මේ ඒ කාලයේ සිදුවිනැයි මා අසා තිබූ කතාවකි. 

අන්තිමේදී අපි දරුවන් ද කෑවෙමු

                         

 කැනේඩියානු ලේඛක යාන් මාර්ටල් ප්‍රකට වූ‍යේ ඔහු විසින් රචිත Life of Pi කෘතිය නිසා ය. මේ සඳහා 2002දී ඔහුට බුකර් සම්මානය හිමි වු අතර එය ඇසුරින්  සිනමා නිර්මාණයක් මෙන්ම වේදිකා නිර්මාණයක් ද බිහි විය. (හිරාන් අබේසේකරට හොඳම නළුවා සඳහා වූ ලෝරන්ස් ඔලිවියර් සම්මානය හිමිකර දුන්නේ ද එම වේදිකා නාට්‍යයයි.) We ate the children last නමින් ඔහු ලියූ කෙටිකතාවේ පරිවර්තනයයි මේ. විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපයෙන් ලියවී ඇති මෙය වත්මන් සමාජයේ හැසිරීම හා එය පාලනය කරන බල අධිකාරිය තියුණු විවේචනයකට ලක්කරයි. අප රටේ  මෑත භාගයේ ඇති වූ දේශපාලන චලනය ද මේ උපහාසාත්මක රචනය හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙහි වරදක් නැතැයි සිතමි.

පෙන්නන දේ හා පෙනෙන දේ!




සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් ගීතයක් අසන්නට, නාට්‍යයක් හෝ චිත්‍රපටයක් බලන්නට, රස විඳගන්නට කැමතිය. ඒ  අපගේ විවේක කාලය ගෙවා දැමීමේ එක විදියකි. මෙවන් නිර්මාණ අප‍ගේ ජීවිත පෝෂණය කරන ආකාරය ගැන විවිධ මතිමතාන්තර තිබේ. ඒ පිළිබඳ වාද විවාද ද නොයෙක් වේදිකාවල කෙරෙනු දැකගත හැකිය. ඒ කෙසේ වෙතත් තමන් රස විඳි නිර්මාණයක් ගැන කතාකරන්නට, ඒ නිර්මාණය තමන්ට දැනුන අයුරින්ම තවත් කෙනෙකු රස විඳිනවා දකින්නට කැමති අය ද අප අතර වෙති. ඒ අය කරන්නේ ෆේස්බුක්, බ්ලොග් අඩවි තම වේදිකා ලෙස භාවිත කරමින් තමන් රස විඳි නිර්මාණ අනෙකුත් සහෘදයින් වෙත හඳුන්වා දීමය. ලොව පුරා නිපැයෙන සිනමා නිර්මාණ පිළිබඳ කෙරෙන කතාබහ මේ අතරිනුත් වඩාත් ජනප්‍රියත්වයක් උසුලන බව පෙනීයයි. මේ කර්තව්‍යය ඉතා සිත්ගන්නාසුළු දෙයකි. ඒ, මෙම සටහන් අපගේ අවධානයට ලක්නොවූ හොඳ නිර්මාණ ගැන දැනගන්නටත් අප  නරඹා ඇති නිර්මාණයක වුව අප නොදුටු අරුත් දකින්නටත් ඉඩ සැලසෙන කවුළුවක් වන බැවිනි. 

අවජාතක

    කලු අමෙරිකානු කවියෙකු වූ ලැංග්ස්ටන් හියුස් ගේ Cross නම් වූ කවියේ පරිවර්තනයකි. මීට පෙර ද මා ලැංග්ස්ටන් හියුස්ගේ කෙටි කතාවක් ගැලවීම නමින් පරිවර්තනය කළෙමි.  කලු අමෙරිකානු කවියෙකු ලෙස ඔහු වර්ණභේදවාදී සමාජයක කලු ජාතිකයන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් සිය නිර්මාණ වලට පාදක කරගත්තේය.
එමෙන්ම මෙම කවියට ඔහු යොදාගන්නා Cross නම් වූ මාතෘකාව පිළිබඳව ද යමක් කිවයුතු වෙයි. cross නම් වූ ඉංග්‍රීසි වදන අරුත් ගණනාවක් මතු කරයි. ඉන් දෙමුහුන් නැත්නම් කළවම් වීම, කෝපය හා කුරුසිය යන ඇඟවීම් මෙම කවියට අදාළ කරගත හැකි වේ යයි සිතමි. ජේසුතුමන් කර තබාගෙන ගිය එමෙන්ම ඇණගැසුම් කෑ කුරුසිය සිහිපත් තරගත් විට පාපය, අන් අයගේ පාප ක්‍රියා වෙනුවෙන් දුක් ඉසිලීම හා පරිත්‍යාගය යන අරුත් මතුකර ගතහැකිය. මා මෙහි මාතෘකාව ලෙස යොදාගත් "අවජාතක" නම් වදනෙහි මේ අරුත් සියල්ල ගැබ් නොවන බව පැහැදිළි වුවත් ඒ අරුත් සියල්ල ගැබ්වන සිංහල වදනක් සිතාගත නොහැකි විය.

වීරයෝ සහ දුෂ්ටයෝ

 ස්පාඤ්ඤ ලේඛක EM Arisa විසින් රචිත Good Guys and Bad Guys නම් වූ මෙම ලිපියෙන් වත්මන් සමාජයේ විචාරශීලී බව සැහැල්ලු හා උපහාසාත්මක ස්වරයකින් ප්‍රශ්න කරනු ලබයි. ඉතා සරල කරුණු මත හොඳ නරක නිශ්චය කරන අපගේ නිගමන කොතරම් දුරට නිවැරදි ද යන ප්‍රශ්නය අප සිත් තුළට ඇතුළු කරයි.

ණය ප්‍රතිව්‍යුහගත කළ හැටි!

 



අවුරුදු සිය ගණනකට පෙර එක්තරා නගරයක වාසය කළ මිනිසෙකුට කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න සිතුනා. ඔහු එම නගරයේම සිටි මසුරු මුදල් ණය දෙන්නෙකුගෙන් මුදලක් ණයට ගත්තා. ඒත් ඔහුගේ ව්‍යාපාරය එතරම් සාර්ථක වුනේ නැති නිසා පාඩු ලබන්නට සිදුඋනා. ගත්ත ණය මුදල ආපසු ගෙවා ගන්න විදියකුත් නැතිව ගියා.

ජාතියේ පහන් ටැඹ යට අඳුරු හෙවනැලි

 

(cartoon movement වෙතින්)

විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.

අතිගරු (නැති) බෑනා = මාමා වහන්සේ!

 

(cartoon movement වෙතින්)

මාමාත් බෑනාත් අතර බොහෝ වෙනස්කම් තිබෙන බව බහුතරයකගේ මතයයි. බෑනා මෙතෙක් සැලකුනේ උපායශීලිත්වය අතින් මාමාගේ අහලකින්වත් තියන්නට බැරි පරාජිත චරිතයක් ලෙසයි. බෑනා රටේ නායකයා වූ සැටිත් පත්වී ගත් පළමු පියවරත් නිසා දෙදෙනා අතර සිතා සිටි තරම් ලොකු වෙනසක් නැති බවටත් මතයක් දැන් දැන් මතුවීගෙන එන බව පෙනේ. කෙසේ වුවත් මේ මතක් කරන්නට සැරසෙන්නේ බෑනාට එපා වූ දෙයක් මාමාට ඕනෑ වූ සැටිය.

මරාසාද්



 රොස් වෙලා ඔවුන්ගේ හොද්ද ;

හොඳ හොදි ඉල්ලා මොර දෙනවා ඔවුන්

ගැහැනියකට රුස්සන්නෙ නෑ ඇගේ අඟුටුමිටි සැමියා ;

ඈ සොයනවා නවරියන් සැමියකු

මිනිසෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ ;

ඔහු පතනවා පුෂ්ටිමත් බිරියක් 

හෝඩි පොතින් රෙද්ද උස්සා පෙන්නීම

 



(cartoon movement වෙතින්)

ඒ යහපාලන ආණ්ඩුව රට පාලනය කළ සමයයි. කාටත් මතක ඇති ලෙස සමාජ මාධ්‍ය තුළින් රජය හා එහි තනතුරු දැරූවන් නිර්දය විවේචනයකට ලක් වෙමින් පැවතිණ. මගේ ගෞරවාදරයට ලක් වූ සම්මාන දිනූ ලේඛිකාවක් ද්වේශ සහගත, අසභ්‍ය යයි සම්මත භාෂා විලාසයට බෙහෙවින් ආසන්න වූ වචන භාවිත කරමින් රජය විවේචනය කරන සටහනක් තම ෆේස්බුක් ගිනුම තුළ හුවමාරු කරගෙන තිබිණ. එවන් භාෂා විලාසයකින් හෙබි විවේචනයක් පළකිරීම ඇය වන් අයෙකුට තරම් නොවන බව මා සඳහන් කළවිට ඇය එයට දැක්වූ ප්‍රතිචාරය වූයේ "ඔබ රනිල්ට ද සජිත්ට ද?" යනුවෙන් මගෙන් පෙරලා ප්‍රශ්න කිරීමයි. (ඇය එවකට උග්‍ර රාජපක්ෂවාදිනියක් වූවාය.)

කවද හරි දවසක...


රට පොළවටම සමතලා වී ජනතාවට වැලේ වැල් නැතිව ගොස් ඇති මේ වකවානුවේ ඔවුන් දේශපාලකයින් ගැන සිතන්නේ කුමක්දැයි කීමට අමුතුවෙන් වචන නාස්ති කළයුතු නොවේ. ඒ බැව් මැනවින් දන්නා දේශපාලකයින් ද මේ දිනවල ජනතාවට සම්මුඛ නොවී සිටීමට වග බලාගෙන සිටිති. වැරදීමකින් හෝ ජනතාව අතරට ඔවුන්ගේ වෛරයට හා ද්වේෂයට පාත්‍ර වන දේශපාලකයෙක් පැමිණිය හොත් ඔවුන් කිරීමට බලාපොරොත්තු වන්නේ යයි කියැවෙන දේ සමාජ මාධ්‍ය හරහා දැක බලාගත හැකිය. එවන් දේශපාලකයෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට ජාතික වීරවරයෙකුට ලැබෙන පිළිගැනීමක් සමාජ මාධ්‍ය හරහා ලැබෙනු ද අප අත්වින්දෙමු. මෙය ද එවන් තේමාවක් පදනම් කරගෙන ප්‍රකට ලේඛක ගේබ්‍රියෙල් ගර්සියා මර්කේස් විසින් රචිත One of These Days නම් වූ  කෙටිකතාවේ පරිවර්තනයකි. 

කතන්දර තුනක් සහ තවත් එකක්!

කියවන්නට පමණක් ම නොවේ!

(cartoon movement වෙතින්)


 1. මායා මාවත

එක්තරා මිනිසෙක් රටක් හරහා ගමන් කරන අතරතුර විශාල, පොහොසත්කමින් පිරුන අලංකාර නගරයකට පැමිණුනා. තමන්ගේ මගපෙන්වන්නා දෙසට හැරුන මගියා මෙහෙම කිව්වා. “මේ පලාතෙ නම් හොඳ ධාර්මික මිනිස්සු වගෙයි ඉන්නෙ, මුලු නගරයටම එක පුංචි ආරක්ෂකයෙක් විතරයි ඉන්නෙ."

හොයමු, හොයමු ඩොලර් හොයමු!

(cartoon movement වෙතින්)


 මේ දවස්වල  අඳුරේ පහස විඳිමින් නිවෙස්වල ද මහපාරේ පෝලිම්වල ලගිමින් ද අප අහස පොලව ගැට ගහන්නට දඟලන්නේ මේ කොහේවත් නැති රටක තියන ඩොලරයක් අපේ රටට කළ වින්නැහිය ගැන ය. ඒ වගේම ඩොලර් ටිකක් හොයාගත්තොත් ටික දවසකට හරි ගොඩ යන්න පුළුවන් බවත් පේන්න තිබේ.  මෙහෙම කල්පනා කර කර ඉන්න අපට අඳුරු අහසේ දිස්වන රිදී රේඛාවක් මෙන් බලාපොරොත්තුවක් ඇති කරන සැලසුමක් ගැන ජන මාධ්‍ය හරහා දැනගැනීමට ලැබුණි. මේ  සැලසුමේ කොපිරයිට් අයිතිය ඒ සැලැස්ම ඉදිරිපත් කළ අයට හිමි වුවත් අදාළ හිමිකරු මෙම සංකල්පය යතාර්ථයක් බවට පත්කරන්නට එතරම් උනන්දුවක් නොගන්නා බව පෙනෙන හෙයින් එම අදහස පෝෂණය කරන්නට අපට පුළුවන් හැටියට අදහසක් දෙකක් ඉදිරිපත් කිරීමේ වරදක් ඇතැයි නොසිතමි.