හඳ බේරා ගත් වඳුරෝ

 කලකට පස්සේ කාර්ය බහුල උන නිසා ලියන්න බැරි උනත් මුල්ලක තිබිලා අහුල ගත්ත එකක් වත් දාන්න ඕනෑ කියලා හිතුනා. 

(අන්තර්ජාලයෙන්)


එක්තරා පළාතක ගමකට කිට්ටුව තිබුන කැළයක වඳුරො රංචුවක් හිටියා. හොඳට හඳ පායලා තිබුන රාත්‍රියක මේ වඳුරො රංචුව සෙල්ලම් කරමින් කෙළිදෙලෙන් පසු උනා. ඒ අසලම වතුර පිරුන ළිඳකුත් තිබුනා. එහෙ මෙහෙ දුවන පනින ගමන් එක වඳුරෙක් ළිඳට එබිල බැලුවා. ඌ දැක්කා හඳ ළිඳේ පතුලේ තියනවා.

රජකාලේ රසකතා

 


ලෝකය පුරාම පෙර රජවරුන් රජ කළ සමයේ ද අද මෙන්ම රජුගේ රාජ සභාවේ කවටයකු සිටි බව ප්‍රකට ය. මේ කාලයේ මෙන්ම ඒ කාලයේ ද කවටයාගේ රාජකාරිය වූයේ රජතුමා සතුටින් තැබීම ය. මෙම කාර්යය සඳහා කෙරුනු අකට විකට වලදී සියුම් උපහාසය තුලින් රජතුමා පවා විවේචනයට ලක් කරන්නට ඔහු පසුබට නොවුන බව ද  එවන් අවස්ථාවලදී රජු කෝපයට පත් නොවුන බව ද එම යුගවලට අයත් ජන ප්‍රවාද පිරික්සීමෙන් පෙනී යයි. එසේම අදට වඩා හොඳින් එවකට සිටි කවටයින් එම කාර්යය කළ බව ද ඒ කතා වලට සවන් දීමේදී පෙනී යයි. 

රේස් බුකියට ගිය ෆේස් බුකිය!

 

(cartoon movement වෙතින්)

වාසිතය බ්ලොග් අඩවිය කරන  ඩියොන් මිතිල ප්‍රනාන්දු ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ පිළිබඳව අපූරු ලිපියක් තම බ්ලොග් අඩවියේ පළ කර තිබිණ. එම තොරතුරු ගොනුකර ගැනීම පිණිස ඔහු සෑහෙන වෙහෙසක් දරන්නට ඇත.

ප්‍රියන්ත කුමාර, ඉම්රාන් ඛාන් හා vigilante

 

 


 

vigilante යන වචනය මා ඉගෙන ගන්නේ Westerns නමින් හැඳින්වෙන අමෙරිකාවේ ගොපළු වීරයන් ගැන වූ කතා කියවීමට හා චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූ පසුව ය. යම් ප්‍රදේශයක අපරාධ වැඩිවන විට නීතිය බාර නිලධරයා වන ෂෙරීෆ් ඊට නිසි පියවර නොගන්නා විට නීතිය තම අතට ගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන සන්නද්ධ කණ්ඩායම් සඳහා එම වචනය යෙදින. ශබ්ද කෝෂය එම වචනය අර්ථ ගන්වන්නේ මෙසේ ය.
a person who tries in an unofficial way to prevent crime, or to catch and punish someone who has committed a crime, especially because they do not think that official organizations, such as the police, are controlling crime effectively. Vigilantes usually join together to form groups.
මේ වචනය ගැන යළි අවධානය යොමුවන්නේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් එරට දී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වන ශ්‍රී ලාංකිකයා පිළිබඳව නිකුත් කරන ට්විටර් පණිවුඩයේ එම ඝාතනය සිදුකිිරීමට හවුල් වූවන් හැඳින්වීමට එම වචනය භාවිත කිරීම නිසා ය.
අර්ථය එසේනම් ඔහු අදහස් කරන්නේ දඬුවමට භාජනය වූ තැනැත්තා වරදක් කර ඇති මුත් ඔහු දඬුවමට ලක්කල ආකාරය වැරදී කියන පණිවුඩය ද?
ඉස්ලාම් දහමට අපහාස කිරීම පකිස්තාන නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවන් නඩුවක සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු තම ජීවිතය පිළිබඳ ආශාව අත්හැර එසේ කළ යුතු ය.

නටවන වීණාව

 

මෙම කතාව තෝරා ගත්තේ ද මුණිදාස කුමාරතුංග මහතාගේ ශික්ෂා මාර්‍ගය පොත් මාලාවේ හතර වන පොතිනි. චාටුකාරයෝ සඳහා ලියූ හැඳින්වීමෙහි සඳහන් කරුණුවලට අමතරව මෙහි සඳහන් කළ යුතු වන්නේ අද ද අපි ජීවත්වන්නේ මෙහි එන මසුරලා, සිසිරාලා හා අධිකරණ නායකයින් විසින් පාලනය කරනු ලබන සමාජයක බවය. ගිනි පොළී කන මසුරෝ ඒ වස්තුවෙන් රිසි සේ රන්වන් කුරුල්ලන් රස විඳිති. වෙහෙස මහන්සියෙන් උඩට නගින සිසිරා ලා අනෙකුන් කටු අකුල්වලට ලා වීනා වයා නටවති. ඒ වීනා වාදනයටම නටන අධිකරණ නායකයෝ වීනා වයන්නන්ට ඕනෑ හැටියටම තීන්දු දෙති. අප ජීවත්වන වෙළඳපොල ආර්ථිකයේ හැටි සොබාව ද මෙසේම ය. 



සිසිරා බොහෝ කල් ගෙයක මෙහෙය කෙළේ ය, බර මෙහෙ කෙළේ ය, වෙහෙස නො බලා මෙහෙ කෙළේ ය, කෑම ඇඳීම පමණක් ම ලැබ මෙහෙ කෙළේ ය. හවුරුදු සයකට පසු ගෙ හිමියෝ සිසිරාට රන් දහසක් දී ඔහු නිදහස් කළ හ.

හා! සිසිරා ගේ ප්‍රීතිය! හේ නැටී ය. ගී කී ය, මහා සිනාසිණ, කුරුල්ලකු මෙන් පියා හඹන්නට ද තැත් කළ. නිදහස් බව සිසිරාට ද එ පමණ ප්‍රිය විය. මෙ සේ යන ඔහුට ඔබල වූ මිටි සිරුරු ඇති අසරණයෙක් සමු වූයේ ය.

'මට හිඟමනක් දෙන්න. මම ඔබට කැමැති වර තුනක් දෙමි.'

‘හඃ හඃ හා! මගෙන් හිඟමන් ඉල්ලන ඔබ යි මට වර දෙන්නේ! ඒ කවටකමින් කමෙක් නෑ, මෙන්න ඔබට මුදල්. මා ඉපැද මෙ තෙකට ලැබුනේ මෙ පමණ යි. ගන්න, ගන්න. හොඳට කන්න, හොඳට බොන්න. මටත් වඩා ප්‍රීත වෙන්න.’

මෙ සේ කියා සිසිරා යන්නට හැරුනේ ය.

අසරණයා ඔහුට යන්නට නුදුන්නේ ය.

‘නෑ, නෑ. එ සේ යන්නට නොදෙමි. මා දිළිඳු මුදලිනු යි, වරයෙන් නො වේ. එක් වරයක් ඉල්ලා බලන්න.’

‘මට නො වරදින තුවක්කුවක් දෙන්න.’

ආශ්චර්‍යයෙකි! සැණෙකින් සිසිරා ගේ අතෙහි තුවක්කුවෙක් පහළ විය. සතුටට පත් සිසිරා නටවන වීණාවක් ඉල්ලී ය. එය ද සැණෙකින් පහළ විය. එය වයන කල නො නටා සිටිය හැක්කෙක් නැති. ඉක්බිති සිසිරා තමා ගේ ඉල්ලීමක් නො සිස් වන්නට ද වර ලබා-ගෙන, අද්භූත වූ අසරණයාට හිස නමා නැඟී ගියේ ය.

මඳක් දුර යන විට සිසිරා හඳුනන්නෙක් සමු විය. හේ තද මසුරෙකි. මුදල් ණයට දී අයුතු පොළී ගන්නෙකි. හේ ගසෙක උන් රන්වන් කුරුල්ලකු දෙස මහත් ආශාවෙන් බලා උන්නේ ය. සිසිරා ඔහුට කවටකමක් කරන්නට සිතා, ‘කුමක් ද මේ බලා ඉන්නේ’ යි ඇසී ය.

‘අර රන්වන් කුරුල්ලා. මේ අතේ කිමෙක් ද?’

‘නො වරදින තුවක්කුවක්.’

‘හා! එසේ නම් අර කුරුල්ලා හෙළන්න.’

සිසිරා තුවක්කුව එල්ල කළා පමණෙකි, කුරුල්ලා අසල කටු පඳුරට වැටුණේ ය. මසුරා වහා එයට බඩ ගෑයේ ය.

‘දැන් තමා අයුතු පොළී ගත්තාට දඬුවම් කරන්නට කාලය.’ මෙ සේ කියා සිසිරා වීණාව ගෙන වයන්නට වන්නේ ය. කුරුල්ලා ගැනුම තබා මසුරා කරන්නට වන්නේ අනෙකකි. කෙ බඳු නැටුමෙක් ද? බලවු! බලවු! මසුරා ගේ අත යන සැටි! පය යන සැටි! හිස නැමෙන සැටි! කඳ ඇඹරෙන සැටි! මසුරා කිසි නැටුමක් නො දන්නෙකි; එහෙත් සිසිරා එ බඳු හොඳ නැටුමක් කිසි කලෙක නුදුටුයේ ය. අභාග්‍යය නම් ඒ කටු පඳුරක් වීම යි. නටත් නටත්, මසුරා ගේ පිළි ඉරී-ගියේ ය. රවුළ සිඳී ගියේ ය, කෙස් අවුල් වී ගියේ ය, සම සීරී ගියේ ය, සර්‍වාංගයෙන් ලේ ගලන්නට වන. 'අහෝ, නැවැත් වුව මැනව, නැවැත්වුව මැනැව' යි මහ-හඬ නැගූව ද සිසිරාට ඒ නො ඇසෙයි. හේ වය යි. මසුරා නට යි.

බැරි තැන මසුරා, ‘මුදල් පසුම්බිය දෙමැ’යි කියා වීණාව නවතන ලෙස ඇයැදියේ ය. සිසිරාට මුදලින් කම් නැති. එහෙත් අයුතු පොළී කොට ලත් මුදල් ගැනීම වරදෙකැයි නොසිතුනේ ය. එ හෙයින් හේ කැමැති ව වීණාව නැවැත්වී ය. මසුරා පඳුරින් මෑත් ව මුදල් පසුම්බිය දී, ‘මම කටයුතු දනිමි’ යි කියමින් නික්මුණේ ය. සිසිරා ද සිනා සෙමින් මුදල් පසුම්බිය ගෙන, කැමැති අතෙක ගියේ ය.

මසුරා ගියේ අධිකරණයට ය. හේ එහි මහ හඬින් හඬා තමා  ගේ නඩුව කී ය.

‘පින්වත් සාමි දරුවෙනි, ම ගේ පිළි බැලුව මැනැවි, ගතින් ගලන ලේ බැලුව මැනැවි. එක් සොරෙක් මට මේ ගැහැට කොට, ම ගේ මුදල් පසුම්බිය ද ගත. හේ දැන් මහ වත යෙමින් සිටියේ ය. වහා නියුක්තයන් යවා ඔහු ගත මැනැවි.’

අධිකරණ නායකයෝ සිසිරා ගෙන් වූ හ. තතු විමැසූ හ. ‘මට දුන් පසුම්බිය ය මා ගත්තේ’ ය යි කී සිසිරා ගේ බස් නො හදහා, ඔහු ජීව ශූලයෙහි හිඳුවන්නට නියම කළ හ. ‘ඔබ හැම මා හුල හිඳුවන තැනට අව මැනැවැ’ යි සිසිරා යැදියේ ය. අධිකරණ නායකයෝ ‘මැනැවැ’ යි ගිවිසිය හ.

වධකයෝ සිසිරා ගෙන, වධ බිමට ගියෝ ය. අධිකරණ නායකයෝ ද සපිරිවර ව ගිය හ. මසුරා ද ‘සතුරා නසින හැටි බලමි’ යි ගියේ ම ය. ‘ම ගේ වීණාව වයා මැරෙන්නට අවසර දුන මැනැවැ’ යි සිසිරා යැදියේ ය. මසුරා ‘එපා, එපා’ ය යි මහ හඬ නඟතුදු, අධිකරණ නායකයෝ ‘මැනැව’ යි කී හ. ‘මා බඳුව, බඳුව’ යි මසුරා බැගෑ පත් ව යැදියේ ය. සියල්ලෝ ඔහු පිස්සකු කොට-ගත් හ.

සිසිරා වීණාව වයන්නට වන්නේ ය.

අධිකරණ නායකයෝ ද වධකයෝ ද මසුරා ඇතුළු සෙසූ සියල්ලෝ ද, පළමු කොට හිසින් තාලය බලන්නට වන් හ. දෙ වැනි ව, අත් නගන්නට හෙලන්නට වන් හ. ඉක්බිති පාද ඔසවන්නට වන් හ. කදිම නැටුමෙකි.කල් යත් යත් නැටුම වේගවත් ය. පැයක් පමණ නැටූ පසු සියල්ලන් ගේ ගතින් ඩා වැගිරෙන්නට විය. කටින් සුසුම් හඬ නික්මෙන්නට විය. නවත්වන්නට කියන බස සිසිරාට නොඇසේ. හෝරාවක් පමණ නටා, ඉතා වෙහෙස වූ අධිකරණ නායකයෝ, සිසිරාට කිසි දඬුවමක් නො කරන බව කියා වීණාව නැවැත් වූ හ. සිසිරා සත්‍ය ප්‍රවෘත්තිය කීයේ ය. අධිකරණ නායකයෝ මසුරා හුල හිඳුවා සිසිරා මිදූ හ.  

 

 

ගෑස් පිපිරීම් වළක්වා ගන්නා නොවරදින මග - රාජ්‍යයට සේවය පිණිසයි.

 


ලියමින් සිටි බ්ලොග් ලිපිය ද නවතා මෙය ලියන්නට ගත්තේ කාරණයේ බරපතලකම නිසාම ය. ප්‍රමාද කිරීමෙන් නැතිවීමට ඉඩ ඇති එක් ජීවිතයක් හෝ බේරා ගැනීමේ අවස්ථාව ගිලිහී යාමට ඉඩ ඇති ය.

චාටුකාරයෝ

 

 මෙය උපුටා ගත්තේ මුණිදාස කුමාරතුංග මහතා විසින් රචිත ශික්ෂා මාර්‍ගය නම් වූ සිංහල පෙළපොත් මාලාවේ දෙ වන පොතෙනි.

මේ බ්ලොග් අඩවියේ මුල් යුගයේදීම කට්ටයයි වෙට්ටපිත්තලයයි නමින් පැරණි සිංහල පෙළපොතකින් උපුටා ගත් උපහාස කතාවක් ඉදිරිපත් කළෙමි.  (එය මෙතැනින්) මෙය ද එවැනිම කතාවකි. එය පළ කිරීමට හේතු වූ කරුණු එහි හැඳින්වීමෙහි දැක්වෙයි. එම කරුණු මීට ද අදාළ ය.

 ඊට අමතරව මෙහි සඳහන් කළ යුතු කරුණු දෙකක් වෙයි. අප පාසැල් ගිය කුඩා අවධියේ අපට වඩා ඉහල පන්තිවල සිටි අපගේ වැඩිමහලු සොයුරු සොයුරියන්ගේ සිංහල හා ඉංග්‍රීසි පෙළපොත් බැරි බැරි ගාතේ වුවද කියවීමට රුචිකත්වයක් දැක්වූයෙමු. ඒ ඒවායේ ඇතුළත් වූ විචිත්‍ර වූ කථාන්තර නිසා ය.

දියවැලක් ඔස්සේ සොයා ගිය හැටි!

             



ප්‍රවීණ පුවත්පත් කලාවේදී හා ලේඛක සිරිලාල් කොඩිකාර මහතා සිය දිවි ගමන නිමා කළ පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණ. ඒ සමගම මගේ මතකයට නැගුනේ එතුමන් ලියූ පොතක් සොයා ගොස් මා මුහුණ දුන් අපූරු අත්දැකීමකට ය. 

ආදරණීය බලුපැටියා වෙතටයි!

 ගෙදර හැදෙන සුරතල් සතෙකුගේ වියෝව කෙතරම් දැයි දැනෙන්නේ සතුන් කෙරෙහි දයාව හා අනුකම්පාව සිත්හී පහල වන කෙනෙකුට පමණි. සිත්පිත් නොමැති (නො)මිනිසෙකු විසින් අතුරුදන් කරන ලද අපගේ සුරතල් සුනඛයා පිළිබඳ මතකයෙන් ගොඩ එනු නොහැකි වූ හෙයින් යමක් ලිවීමට සිත එකඟ කරගත නොහැකි විය. (ඒ විස්තරය මෙතැනින්) එනිසා කලකට පෙර පරිවර්තනය කරන ලද කතාවක් මෙහි බහාලමි. එයද සුරතල් බල්ලෙකු ගැනය. උපුටා ගත්තේ Reader's Digest වෙබ් අඩවියෙනි. 





මරණයට අත වනන මුත්‍ර කිරීම





මිනිසා සමාජයෙහි ජීවත් වීම සඳහා යම් යම් චර්යා රටා ගොඩනගා ගෙන සිටී. මෙය පසු කලෙක රටක නීති පද්ධතියක්, ව්‍යවස්ථාවක් දක්වා ගමන් කරන්නට ඇත. මෙසේ නිල හා නොනිල වශයෙන් පනවා ගත් නීති හා සමාජ සම්මත  සමාජයට කොතෙක් දුරට හිතකර ද යන්න විවාදාපන්න වූ මාතෘකාවකි. මිනිසා වෙනුවෙන් පනවා ගත් සම්මතයක් සතෙකුට ආරෝපනය කිරීම හා ඒ අනුව ඌට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳව නම් විවාදයක් තිබිය නොහැකිය. 

අළුත් සින්ඩියක්!

සඳකඩපහන නමින් අළුතින් සින්ඩියක් ඇරඹී තිබෙන බව පෙනේ. ප්‍රචාරයක් අවශ්‍ය බව ද සඳහන් කර තිබිණ. මේ ඒ සඳහායි. මෑතක සිට සිංහලෙන් ලියැවෙන බ්ලොග් යළි ප්‍රචලිත කිරීමට උත්සාහයක් පවතින බව පෙනේ. ඒ සඳහා ලිවීමට හැකි අය ලිවීමට පෙළඹවීම මෙන්ම කියවන්නන් කියැවීමට පෙළඹවීම ද අත්‍යවශ්‍ය ය. උත්සාහය සාර්ථක වේවා! සුබ පැතුම්!  
 

එල්ලා මැරීම

 

 ලේඛකයා පිළිබඳව:



ජෝර්ජ් ඕවල් (1903 – 1950)   නම් ලේඛකයා ලොව ප්‍රකට වූයේ Animal Farm හා Nineteen Eighty-Four යන කෘති දෙක නිසා ය. එම කෘති දෙකින්ම නිදහස පිළිබඳ මිනිසාගේ ආශාව හා එය යටපත් කිරීම සඳහා මිනිසා විසින්ම ගන්නා පියවර පිළිබඳව තියුණු විවේචනයක් එල්ල කරයි. මේ කෘති දෙකම සිංහලෙන් පළ වී පාඨකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ නිර්මාණ වෙති. 1931 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද පහත දැක්වෙන නිබන්ධය (essay) ඔහුගේ මුල් කාලයේ නිර්මාණවලට අයත් ය. මෙය නිබන්ධයක් ලෙස හෝ කෙටිකථාවක් ලෙස හෝ වර්ග කිරීම ද විවාදයට තුඩු දී ඇත. වරෙක ලේඛකයා විසින්ම කතාවක් සේ හඳුන්වා ඇති මෙම නිර්මාණය තවත් තැනක ඔහු හඳුන්වා ඇත්තේ නිබන්ධයක් ලෙස ය. කෙසේ වුව ද බ්‍රිතාන්‍යයන් විසින් බුරුමය පාලනය කළ යුගය පසුබිම් කරගෙන ලියවී ඇති මෙය ලේඛකයා බුරුමයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළ කාලයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක්  සේ සැලකේ. 

මරණීය දණ්ඩනය ඡන්ද පොරොන්දුවක් වී ඇති මෙකළ කියවීමට වටිනා ලියවිල්ලක් ලෙස දකිමි. 



                              එල්ලා මැරීම

(gettyimages වෙතින්)

ඒ බුරුමයේ වැස්සෙන් තෙතබරිත වූ උදෑසනක් විය. කහ පැහැති ඇළුමිනියම් කොල මෙන් මලානික වූ ආලෝකයක් උස් තාප්ප වලට ඉහලින් සිරගෙදර මිදුලට පතිත වෙමින් තිබිණ. අපි මරණයට නියම වූ සිරකරුවන්ට වෙන්කර ඇති සිරකුටි අසල බලා සිටියෙමු.

ගුරු සංගමයේ ඉල්ලීම මත හෙද වැඩ වර්ජනය නවතී!

 

(කාටූනය cartoonmovement වෙතින්)

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා මඩගස්කරයේ රජයේ රෝහල්වල හෙද හෙදියන් විසින් දියත් කර ඇති වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හැර දමා රජය විසින් ලබාදෙන හොඳම විසඳුම පිළිගන්නා ලෙස එරට අන්තර්ජාතික ගුරු සංගමයේ ලේකම් ලියොන් ට්‍රොට්ස්කි මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලීමක් කර තිබේ.

සුදුලූනු වලට වෙච්ච වැඩේ!

 



(චිත්‍රය අන්තර්ජාලයෙන්)

එක්තරා රටක හිටපු තරුණයෙකුට ඕනැ උනා හොඳ බිස්නස් එකක් කරලා තමන්ගෙ පවුල නඩත්තු කරන්න. ඔහු දහඅතේ කල්පනා කළා මොකද්ද පටන්ගන්නේ කියලා. මෙහෙම කල්පනා කරමින් ඉන්නකොට එයාට මුණගැහුනා ලෝකය පුරාම ඇවිදල හුඟක් දේවල් දැනකියාගත් කෙනෙක්. තමන් ලෝකෙ පුරාම යද්දි දැකපු දේවල් විස්තර කරන අතරෙ එක රටක් ගැන කිව්වා. ඒ රටේ ලූනු නෑ. ඉතින් ඒ රටේ මිනිස්සු කවදාවත් ලූනු දැකල තිබුනෙ නෑ.

අවුරුදු 57ක් ආපස්සට යමු!



ඉහත දැක්වෙන්නේ 1964-11-12 දින ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කළ නවයුගය සඟරාවේ පටුන දැක්වෙන පිටුව (පිටකවරය ඉරී ගොසිනි.) හා එහි විදෙස් පුවත් පිටුවෙන් උපුටාගත් පුවතක ඡායාරූපයකි. එහි අදහස වන්නේ මෙහි දැක්වෙන්නේ වසර පනස්හතකට පෙර ඉන්දියාවේ සිදුවූ සිදුවීමක් බවය. අප මෙය කියවන්නේ 2021 වසරේදීය. වසර පණස්හතකට පෙර ඉන්දියාව සිටි තැනට යාමට අපට තව වසර කීයක් ගතකිරීමට සිදුවේද?
 

රට, වහල නැතිවෙනවද? ඇරල නැතිවෙනවද?

  

(ඡායාරූපය Tumblr වෙබ් අඩවියෙනි.)


වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා කෝවිඩ් ගැන බොහෝ දේ ලියැවී ඇත. විෂය පිළිබඳ විශේෂඥයින් මෙන්ම අප වැනි අවශේෂ ජනයා ද ඊට දායක වී ඇත. පසුගිය දිනවල මාතෘකාව වී තිබුනේ රට වැසිය යුතුද, නැද්ද යන කරුණයි. රජය අකමැත්තෙන් වුවද බර වැඩි පැත්තේ පීඩනයට නතුවී නාමික රට වැසීමකට පියවර ගත්තේය. ඊලඟට මතුවූ ප්‍රශ්නය වූයේ රට වැසීමේ කාලය දික් කරන්නේ ද යන්නය. එය ද වැඩි බර පැත්තට බරවී සතියකින් දිගු වී ඇත. එහෙත් රට වැසීම ඉල්ලා සිටි අයවත් අකමැත්තෙන්  හෝ එය දුන් ඇත්තන්වත් ඉන් පලක් වෙතැයි බලාපොරොත්තු නොවීම මෙහි ඇති උත්ප්‍රාසයයි.

නුවණක්කාර අක්කාට ප්‍රශ්න පත්තරයක්!

 




1.අක්කේ, බදු වලින් නිදහස් කරත් කිරිපිටි වලින් ලාබයක් ගන්න බෑ කියන්නෙ ඇත්තද?

සිතන්නා සහ තහවුරුකරන්නා

 

රොබට් ඇන්ටන් විල්සන්ගේ Prometheus Rising කෘතියේ ආරම්භක පරිච්ඡේදයෙන්


අමෙරිකාවේ මනෝ විද්‍යාවේ පියා සේ සැලකෙන විලියම් ජේම්ස් වරක් පැවසුවේ ඔහුට හමුවූ වියපත් කාන්තාවක් පෘථිවිය රැඳී තිබෙන්නේ වීශාල කැස්බෑවෙකුගේ පිට මත බව සඳහන් කළ බවයි.

 “එහෙත් මහත්මියනි, එම කැස්බෑවා රැඳී සිටින්නේ කුමක් මතද?” මහාචාර්ය ජේම්ස් හැකිතාක් ආචාරශීලී ලෙස විමසා සිටියේය.

“ආ, ඒක තේරුම්ගන්න ලෙහෙසියි. ඌ සිටගෙන ඉන්නේ තවත් කැස්බෑවෙකුගේ පිට මතයි.”

ඡන්දය, ගැලපෙන අපේක්ෂකයා හා මස්කට්ට

 

  පහත දැක්වෙන කතාංගයට පසුබිම් වන්නේ අමෙරිකාවේ කුඩා ජනපදයක (county) ෂෙරීෆ්වරයෙකු තෝරාගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්දයකට සිය අපේක්ෂකයා තෝරාගැනීම සඳහා එම පලාතේ ප්‍රභූ පුරවැසියන් කිහිපදෙනෙකු අතර පැවැත්වෙන සාකච්ඡාවකි. ෂෙරීෆ් යනු ජනපදයක නීතිය ආරක්ෂා කරමින් සාමය පවත්වාගෙන යාම සඳහා එම පලාතේ පුරවැසියන්ගේ ඡන්දයෙන් පත්කර ගත් නිලධාරියා හැඳින්වෙන නමයි. මෙම නවකතාව මුද්‍රණය වී ඇත්තේ 1922 වර්ෂයේදීය. එයට පසුබිම් වන්නේ 19වන ශතවර්ෂයේ අගභාගයයි. එකල මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගත් ආකාරය හා අද අප ජීවත්වන 21වන ශතවර්ෂයේ මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගන්නා ආකාරය අතර වැඩි වෙනසක් නොමැති බව කතාව කියවන විට පෙනීයයි.

ගුරුවරයෙක් වූ ගුරුවරයෙකු පිළිබඳ සටහනක්

(ඡායාරූපය hechingerreport.org වෙතින්)


 මීට වසර දෙකකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ කම්පනය තවමත් සමාජය හරහා රාව, ප්‍රතිරාව දෙනු පෙනේ. චෝදනා හා ප්‍රතිචෝදනා ද එලෙසමය. ප්‍රහාරයේ "මහමොලකරු" (නො)සෙවීම මේ චෝදනා හා ප්‍රතිචෝදනා වල ප්‍රධාන මාතෘකාව වී ඇති බවද පැහැදිළිය. මෙම ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරුවෙකු සිටියේ නම් එය හෙලිදරව් කරගැනීම මෙන්ම දඬුවම් පැමිණවීම ද අත්‍යවශ්‍ය බව සැබෑය. එහෙත් එතරම්ම සැබෑවන තවත් කරුණක් තිබේ. එනම් මහමොලකරුවෙකුට ප්‍රහාරය දියත් කිරීම සඳහා අවශ්‍ය ඉස්ලාමීය අන්තවාදී අදහස්වලින් විකෘති වූ මනස් වලින් යුත් සහයකයින් පිරිසක් නිර්මාණය කරගැනීමට හැකිවූ බවය. එසේ නම් සමාජය ඉදිරියේ තවත් වගකීමක් තිබේ.