සුදුලූනු වලට වෙච්ච වැඩේ!

 



(චිත්‍රය අන්තර්ජාලයෙන්)

එක්තරා රටක හිටපු තරුණයෙකුට ඕනැ උනා හොඳ බිස්නස් එකක් කරලා තමන්ගෙ පවුල නඩත්තු කරන්න. ඔහු දහඅතේ කල්පනා කළා මොකද්ද පටන්ගන්නේ කියලා. මෙහෙම කල්පනා කරමින් ඉන්නකොට එයාට මුණගැහුනා ලෝකය පුරාම ඇවිදල හුඟක් දේවල් දැනකියාගත් කෙනෙක්. තමන් ලෝකෙ පුරාම යද්දි දැකපු දේවල් විස්තර කරන අතරෙ එක රටක් ගැන කිව්වා. ඒ රටේ ලූනු නෑ. ඉතින් ඒ රටේ මිනිස්සු කවදාවත් ලූනු දැකල තිබුනෙ නෑ.

අවුරුදු 57ක් ආපස්සට යමු!



ඉහත දැක්වෙන්නේ 1964-11-12 දින ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කළ නවයුගය සඟරාවේ පටුන දැක්වෙන පිටුව (පිටකවරය ඉරී ගොසිනි.) හා එහි විදෙස් පුවත් පිටුවෙන් උපුටාගත් පුවතක ඡායාරූපයකි. එහි අදහස වන්නේ මෙහි දැක්වෙන්නේ වසර පනස්හතකට පෙර ඉන්දියාවේ සිදුවූ සිදුවීමක් බවය. අප මෙය කියවන්නේ 2021 වසරේදීය. වසර පණස්හතකට පෙර ඉන්දියාව සිටි තැනට යාමට අපට තව වසර කීයක් ගතකිරීමට සිදුවේද?
 

රට, වහල නැතිවෙනවද? ඇරල නැතිවෙනවද?

  

(ඡායාරූපය Tumblr වෙබ් අඩවියෙනි.)


වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා කෝවිඩ් ගැන බොහෝ දේ ලියැවී ඇත. විෂය පිළිබඳ විශේෂඥයින් මෙන්ම අප වැනි අවශේෂ ජනයා ද ඊට දායක වී ඇත. පසුගිය දිනවල මාතෘකාව වී තිබුනේ රට වැසිය යුතුද, නැද්ද යන කරුණයි. රජය අකමැත්තෙන් වුවද බර වැඩි පැත්තේ පීඩනයට නතුවී නාමික රට වැසීමකට පියවර ගත්තේය. ඊලඟට මතුවූ ප්‍රශ්නය වූයේ රට වැසීමේ කාලය දික් කරන්නේ ද යන්නය. එය ද වැඩි බර පැත්තට බරවී සතියකින් දිගු වී ඇත. එහෙත් රට වැසීම ඉල්ලා සිටි අයවත් අකමැත්තෙන්  හෝ එය දුන් ඇත්තන්වත් ඉන් පලක් වෙතැයි බලාපොරොත්තු නොවීම මෙහි ඇති උත්ප්‍රාසයයි.

නුවණක්කාර අක්කාට ප්‍රශ්න පත්තරයක්!

 




1.අක්කේ, බදු වලින් නිදහස් කරත් කිරිපිටි වලින් ලාබයක් ගන්න බෑ කියන්නෙ ඇත්තද?

සිතන්නා සහ තහවුරුකරන්නා

 

රොබට් ඇන්ටන් විල්සන්ගේ Prometheus Rising කෘතියේ ආරම්භක පරිච්ඡේදයෙන්


අමෙරිකාවේ මනෝ විද්‍යාවේ පියා සේ සැලකෙන විලියම් ජේම්ස් වරක් පැවසුවේ ඔහුට හමුවූ වියපත් කාන්තාවක් පෘථිවිය රැඳී තිබෙන්නේ වීශාල කැස්බෑවෙකුගේ පිට මත බව සඳහන් කළ බවයි.

 එහෙත් මහත්මියනි, එම කැස්බෑවා රැඳී සිටින්නේ කුමක් මතද? මහාචාර්ය ජේම්ස් හැකිතාක් ආචාරශීලී ලෙස විමසා සිටියේය.

ආ, ඒක තේරුම්ගන්න ලෙහෙසියි. ඌ සිටගෙන ඉන්නේ තවත් කැස්බෑවෙකුගේ පිට මතයි.

ඡන්දය, ගැලපෙන අපේක්ෂකයා හා මස්කට්ට

 

  පහත දැක්වෙන කතාංගයට පසුබිම් වන්නේ අමෙරිකාවේ කුඩා ජනපදයක (county) ෂෙරීෆ්වරයෙකු තෝරාගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්දයකට සිය අපේක්ෂකයා තෝරාගැනීම සඳහා එම පලාතේ ප්‍රභූ පුරවැසියන් කිහිපදෙනෙකු අතර පැවැත්වෙන සාකච්ඡාවකි. ෂෙරීෆ් යනු ජනපදයක නීතිය ආරක්ෂා කරමින් සාමය පවත්වාගෙන යාම සඳහා එම පලාතේ පුරවැසියන්ගේ ඡන්දයෙන් පත්කර ගත් නිලධාරියා හැඳින්වෙන නමයි. මෙම නවකතාව මුද්‍රණය වී ඇත්තේ 1922 වර්ෂයේදීය. එයට පසුබිම් වන්නේ 19වන ශතවර්ෂයේ අගභාගයයි. එකල මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගත් ආකාරය හා අද අප ජීවත්වන 21වන ශතවර්ෂයේ මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගන්නා ආකාරය අතර වැඩි වෙනසක් නොමැති බව කතාව කියවන විට පෙනීයයි.

ගුරුවරයෙක් වූ ගුරුවරයෙකු පිළිබඳ සටහනක්

(ඡායාරූපය hechingerreport.org වෙතින්)


 මීට වසර දෙකකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ කම්පනය තවමත් සමාජය හරහා රාව, ප්‍රතිරාව දෙනු පෙනේ. චෝදනා හා ප්‍රතිචෝදනා ද එලෙසමය. ප්‍රහාරයේ "මහමොලකරු" (නො)සෙවීම මේ චෝදනා හා ප්‍රතිචෝදනා වල ප්‍රධාන මාතෘකාව වී ඇති බවද පැහැදිළිය. මෙම ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරුවෙකු සිටියේ නම් එය හෙලිදරව් කරගැනීම මෙන්ම දඬුවම් පැමිණවීම ද අත්‍යවශ්‍ය බව සැබෑය. එහෙත් එතරම්ම සැබෑවන තවත් කරුණක් තිබේ. එනම් මහමොලකරුවෙකුට ප්‍රහාරය දියත් කිරීම සඳහා අවශ්‍ය ඉස්ලාමීය අන්තවාදී අදහස්වලින් විකෘති වූ මනස් වලින් යුත් සහයකයින් පිරිසක් නිර්මාණය කරගැනීමට හැකිවූ බවය. එසේ නම් සමාජය ඉදිරියේ තවත් වගකීමක් තිබේ.

අපි තමයි හොඳටම කරේ!

 

( www.deviantart.com වෙතින් )

ඌරෙක්ගෙ හැඩයට? නගර-පාලක හඬ නැගීය.

ඌරෙක්ගෙ හැඩයට. කියූ පණිවිඩකරුවා නික්ම ගියේය.

අසුබ අවුරුද්දක අසුබ දවසක්. නගර-පාලක පසුතැවිලි විය.

මග හිටියත් තෝ නසී. ගෙදර ගියත් තෝ නසී!


(cartoonmovement.com වෙතින්)


දෙවෙනි මාත්‍රාව දීම සඳහා ඉතිරිව ඇති සීමිත ඇස්ට්රා සෙනෙකා එන්නත් ප්‍රමාණය ප්‍රමුඛතාව බිඳිමින් හොරපාරේ යන බවට වාර්තා පළවෙයි. මෙය ඇත්ත නම් කියන්නට සිදුවන්නේ "මග හිටියත් තෝ නසී. ගෙදර ගියත් තෝ නසී." කියාය. ප්‍රමුඛතාව දියයුතු අයට එය නොලැබෙනවා කියන්නේ වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමට පැතිරෙනවා කියන එකය. එසේ පැතිරෙන්නේ නිකම්ම නොව විවිධ නව වෛරස් ප්‍රභේද බිහිකරමින් බව වෙනත් රටවල අත්දැකීම් වලින් පෙනේ. එසේ බිහිවන වෛරස් ප්‍රභේද එන්නතට යටත් නොවන අවස්ථා ඇති බවද පෙනේ. එමනිසා හොර පාරෙන් ගොස් "හපන්කම" කරගත්ත අය ඔක්සිජන් ටැංකියක් ද එම පාරෙන්ම හොයාගෙන තියාගන්න එක ඇඟට ගුණය. අපට නම් ඔය එකක්වත් නැති නිසා මුඛ වැස්මේත් සබන් කෑල්ලේත් පිහිට විතරය.

පොල්තෙලින් සීනි දියකරන ලංකාවේ පෞද්ගලික අංශය

  

මෙහි දැක්වෙන්නේ මවිසින් සුපිරි වෙළඳසැලකින් මිලදී ගන්නා ලද තිරිඟු පිටි පැකට්ටුවක් හා එය විවෘත කළවිට දක්නට ලැබුන පරණ වීම නිසා කැදලි බැඳුන තිරිඟු පිටිය. එහෙත් කල් ඉකුත් වීමේ දිනය අනුව එය පැරණි වී නැත! 

මේ දිනවල සියලු මාධ්‍යවල ලංකාවේ ජනජීවිතයට අදාලව ජනප්‍රිය වී ඇති (කොරෝනා ව්‍යසනය හැරෙන්නට) මාතෘකාව වී තිබෙන්නේ ගෑස්ය. ටික කලකට පෙර එය පොල්තෙල්ය. ඊට කලකට පෙර එය සීනිය. ඊටත් පෙර එය ටයිල්ය. ඒ සියල්ලට පෙර බැඳුම්කර වංචාවය. මේ සියල්ලම හරහා හුයක් මෙන් දිවෙන සහල් මිල, කැලෑ කැපිල්ල හා පරිසර විනාශය පිළිබඳ චෝදනාය. මේ සියලුම කරුණු එකට ගොනුකරන  පොදු සාධකයක් තිබේ. එය නම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාවයි.

ලියා දන්වන වග නම්...

 

(cartoonmovement.com)


මහ පොලව, මහ පොලව,

නුඹ මෙරිගෝ රවුමේ නැගගෙන

විනාශයේ පතුළටම යයි,

මහ මුහුද උකුම උකු හොදි හැලියක් කර

පැසවා සැරව උතුරන ගුහා පිරි.

ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - අවසාන කොටස

 

දිමිත්‍රි සාටොන්ස්කි
පළමුව I හා II කොටස් කියවන්න
 (කාටූනය: istockphoto.com වෙතින්)

තමා කවුද?” අවසානයේ ඔහුගේ මුවින් එළියට පැන්නේය. ගල්ගැසී සිටි මා ඉන් මිදී වහා නැගිට සිටියේ එවිටය. මම ලෙෆ්ටිනන්ට් කර්නල් වරයෙකු බවත් ඔහුගේ කායාරක්ෂකයෙකු බවත් කියා සිටියෙමි.

වාඩි වෙනවා.” ඔහුගේ කටහඬෙහි නොපහන්බවක් බවක් පෙනෙන්නට තිබිණ.

ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - II

 

   දිමිත්‍රි සාටොන්ස්කි

මෙය කියවීමට පෙර පළමු කොටස මෙතැනින් කියවන්න                      

 

(කාටූනය istockphoto.com වෙතින්

අපගේ රාජකාරිය වූයේම කිසිවකුගේ අවධානයට ලක් නොවන සේ සිටීමයි. හුරුපුරුදු දේවල් පිටුපස සැඟවීම, පසුබිමෙහි රැඳී සිටීම, ජනයා අතරම නොපෙනී යාම ඒ සඳහා යොදාගත්  උපක්‍රමයි. පෙනෙන ලෙස සිටියදී පවා කිසිවකු අප දුටුවේ නැත. රාජ්‍ය නායකයා අප පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළේය. ඔහුගේ පය පැකිළුනොත්, වැටෙන්නට ගියහොත් හෝ සමබරතාව ගිලිහී ගියහොත්

ජනාධිපති ආරක්ෂකයෙකුගේ මතක සටහන් - හැඳින්වීම + I කොටස

 

හැඳින්වීම:

අප ස්වභාවයෙන්ම කුතුහළයෙන් යුක්ත වෙමු. නොදන්නා දේවල් පමණක් නොව දන්නා පුද්ගලයින් පිළිබඳ නොදන්නා තොරතුරු සෙවීමෙහි ද නොසංසිඳෙන පිපාසයකින් යුතු වෙමු. ජනප්‍රියත්වයේ ඉහලටම යාම නිසා ප්‍රකට වන්නන් මෙන්ම පහලටම යාම නිසා ප්‍රකට වන අය ද අපගේ මෙම පිපාසයට ගොදුරු වෙති. අපගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප පාලනය කිරීමේ වගකීම බාරගෙන ඇති දේශපාලනඥයින් ද මින් මිදෙන්නේ නැත

රිය අනතුරු නවත්වන්න නස්රුද්දින් ලංකාවට ඇවිත්!

 




(moralstories26.com වෙතින්)


අතීත කතාව:

නස්රුද්දින් වෙත නඩුවක් ඇසීම පිණිස මිනිසුන් දෙදෙනෙකු පමුණුවනු ලැබුවා. මොකක්ද, ප්‍රශ්නය? නස්රුද්දින් ඇසුවා.

මේ මිනිහා මට ගහලා මගෙ කන හපා කෑවා. එක් මිනිසෙක් කිව්වා.

ඔය මිනිහා කියන්නේ බොරු, කන හපාගත්තේ එයාමයි. අනෙක් මිනිසා උත්තර බැන්දා.

සත් සතියෙන් සති හතරක් - කෙටි නාට්‍යය

 ග්‍රීම්ගේ සුරංගනා කතාවක් ඇසුරෙන්  ශ්‍රී ලංකාවේ පසුබිමට ගැලපෙන පරිදි ලියන ලද කෙටි නාට්‍යයකි. 

( සැලකිය යුතුයි: මෙය සුරංගනා කතාවක් බවත් ශ්‍රී ලංකාවේ කොතැනකවත් සිදුවූ සිදුවීමක් නොවන බවත් සහතික කරමි.)



ස්ථානය - කලාප අධ්‍යාපන කාර්යාලය

ගුරුතුමිය:            

මම මේ මාසෙ විශ්‍රාම යනවා, මගේ අවසාන වැටුප පේ ෂීට් එකට දාලා තිබුනෙ නෑ.

අහම්බෙන් මොහොතක

             

                           (ඡායාරූපය bsnscb.com වෙතින්)


කෙලි කවට සිනා කැටි පෙණ නගන සතුටු සාමීචි දිය දහර

මතක කොදෙව්වේ රැඳුනු එක් තැනක නැවතුන මොහොතක,

හිරිවැටී ගොළු වීය සිත, සැනින් මතුවූ මතකයෙන්.

කොපමණ කලකට පෙරද අප ගියේ ඉසව්වට!

නාග වෙස්ගත් වෘක මිනිසා

 ජනපතිවරණයට සතියකට පෙර පහල වූ කුප්‍රකට නාග ධාතු කතා වස්තුව දැන් පැරණි රසාංගයකි. නමුත් එහි විවිධ ස්වරූප වරින් වර සමාජය තුළ පහළ වී භක්තිය, විශ්වාසය හා හාස්‍යය දනවමින් යටයනු පෙනේ. එනිසාම ඒ පිළිබඳව කෙරුනු කතා ද යළි යළිත් අළුත් කළ හැකිය. මෙහි පළවන්නේ 2019-12-08 දින රාවය පුවත්පතට මා සැපයූ ලිපියකි. මාතෘකාව පමණක් මදක් වෙනස් කළෙමි.


                                                         (ඡායාරූපය: deviantart.com වෙතිනි.)

                                  අමෙරිකාවේ වෘක මිනිසා හා කැළණියේ නාගරාජයා 

‘Western’ ලෙස හැඳින්වුන ගොපලු කථා රචනයෙහි ලා ජනප්‍රිය වූ ලේඛකයින් අතුරෙන් ප්‍රමුඛ තැනක් ගත්තෙකි, ලුයී ල‘අමෝ (Louis L’Amour). ඔහු විසින් ලියන ලද නවකථා හා කෙටිකථා රාශියකි. මා මෙහිදී අවධානය යොමුකරන්නේ ඔහු විසින් රචිත ‘Big Medicine’ නම් වූ කෙටිකථාව කෙරෙහිය. ඒ, ජනපතිවරණය මුවවිට තබා බුදුරදුන්ගේ ධාතූන් වහන්සේලා ද මුවින් ගෙන කැළණියට සම්ප්‍රාප්ත වූ නාගරාජයා සිහියට නගාගත්විට මෙම කෙටිකථාවෙන් අපූර්ව රසයක් විඳගත හැකි බැවිණි. මේ කෙටිකථාවට පාදක වූයේ තමා පීඩාවට පත්කල ණයබරින් ගැලවීම සඳහා රත්තරන් සොයා රතු ඉන්දියානුවන් ගහන වන මැද ජීවිතය පරදුවට තැබූ බිලී ඩන්බාර් නම් වියපත් පුද්ගලයාගේ චරිතයයි.

බිලී ඩන්බාර් රත්තරන් ගැරීම සඳහා යන්නේ අපාචේවරුන් සැරිසරන ශුෂ්ක ප්‍රදේශයකටය.  අපාචේවරු යනු නවීන ආයුධ වලින් සන්නද්ධව සිටි යුරෝපීයයන් පවා බියට පත්කිරීමට තරම් සටන් කලාවෙහි දක්ෂ වූ ඉන්දියානු ගෝත්‍රික කණ්ඩායමක් ලෙස හඳුන්වන ල‘අමෝර්, ඔහුගේ නිර්මාණ ගණනාවකම සඳහන් කරන්නේ ලෝකයේ දක්ෂම ගරිල්ලා සටන් කරුවන් වන්නේ අපාචේවරුන් බවයි.

 ඔවුන්ගෙන් සැඟවී සිටීමට ඔහු තෝරාගන්නේ කුඩා විවරයකින් ඇතුළුවිය යුතු පටු දෝනාවක් බඳු තැනකි. මෙහි සැඟවී සිටියදී අපාචේ ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගැනීමට උපායක් සොයන ඔහුගේ නෙත ගැටෙන්නේ එහිම ගුහාවක සිටින වෘකයෙකි. එතැන් සිට අප කථාවට ප්‍රවේශ වෙමු.

 එක්වරම ඔහුට අදහසක් පහළවිය. එය කෙතරම් අපූරුද යත් ඔහුගේ මුවට සිනහවක් මතුවිය. ඒක හරියන්න පුළුවන්! අඩුගානෙ උත්සාහ කරල බලන්න වටින එකක්! කොහොම හරි අපාචේකාරයින්ගෙන් ගැලවෙන්නත් එපායැ.

ඔවුන්ගේ මිථ්‍යා ඇදහිලි හා විශ්වාස පිළිබඳව ඔහුට යම් අවබෝධයක් තිබිණ. හරියන බවට ස්ථිරවම විශ්වාස කළ නොහැකි වුවද අදහස ඔලුවට ආ සැනින් එය අතනොහැරිය යුතු උපායක් බව ඔහුට දැනිණ.

 ගමන් මල්ලේ තිබූ ඇඳුමට මාරුවූ ඔහු තමා ඇඳ සිටි ඇඳුම් වූ කලිසම, කබාය හා සපත්තු පැහැදිළි ලෙස පෙනෙන සේ   එළිමහනේ තබා තොප්පිය ද ඒ අසල තැබීය.

 කෝටු කැබලි කිහිපයක් රැගෙන වෘක ලෙන අසලට ගිය ඔහු එහි දොරටුව අසල කුඩා ගිනිමැලයක් දල්වා ඉක්මනින් ආපසු පැමිණ වටපිට බැලීය. ගුහාවෙන් පිටවන විවරය අවට කිසිවෙකුත් නැත. එහෙත් ඒ දෙස යොමුව සැඟවීගත් දෙනෙත් ඇතිබව ඔහු දැන සිටියේය.

ගින්නෙන් පිටවූයේ කුඩා දුමක් වුවද එය හමාගියේ වෘක ලෙන තුළටය.  වැඩි වේලාවක් ගියේ නැත. වෘකයා ගුලෙන් එළියට පැන, ගුහාව මැද නතරවී, දත් විලිස්සා, වටපිට බලා ගුහාවෙන් එළියට පැනගත්තේය.

වහා ක්‍රියාත්මක වූ ඔහු ගින්න නිවා කෝටු කැබලි හා අඟුරු විසුරුවා හැර අතු කැබැල්ලක් ගෙන බිම හොඳින් අතුගා දැමීය. වැඩි වෙලාවක් යන්නට පෙර ඔවුන් එනු ඇත.

වෘක ලෙනට රිංගා වෘකයාගෙන් හැලී තිබූ කෙඳි ස්වල්පයක් ඇහිඳගත් ඔහු තම ඇඳුම් දමා තිබූ තැනට ගියේය. කෙඳි ස්වල්පයක් කමිසය මත දැමූ ඔහු තවත් ටිකක් කලිසම අසල තැබීය. පටු විවරය දෙස කලබලයෙන් හෙලූ බැල්මට කිසිදු ඉන්දියානුවෙකු හසු නොවූවද ඔවුන් වෘකයා දුටුබව නිසැකය. ඔවුන්ගේ විමතිය හා පටලැවිල්ල ඔහුට මැවී පෙණින.

දියපහර වෙත දිවගිය ඔහු වතුරට ආසන්න ඉවුරෙන් මැටි ගුලියක් ගෙන ආවේය. මේ කරන්නේ වැඩි හොඳටය. වැඩේ හරියටම හරියන්නට පුළුවන. මැටි ටිකකින් ඔහු රළු ලෙස මිනිස් රූප දෙකක් හදා තණපත් දෙකක් ඒවායේ හිස්වලට තබා ගැටගැසීය.

පටු විවරය දෙසට වරින්වර හොර බැලුම් හෙලමින්  කඩිමුඩියේ එවැනි රූප හයක් සාදාගත් ඔහු ගසකින්කඩාගත් කටු හා ලඟ තිබූ ගලක් අසලින් හොයාගත් පැරණි ඉත්තෑකූරු කිහිපයක් ගෙන මැටි රූප සිදුරුවන සේ ඒ හරහා ගැසීය.

ඉන්පසු ආරක්ෂාවට පටු විවරය හරහා ඉදිකරගෙන තිබූ කොට තාප්පය දෙසට හරවා ඒවා පේලියට තැබීය. අන්තිම වරටත් ඇතුළුවන විවරය දෙස ඉක්මන් බැල්මක් හෙලූ බිලීට ඉන්දියානුවෙකු ඈතින් මතුවී  ඔහු සිටි දෙසට ඇස් යොමාගෙන  සිටගෙන සිටිනු පෙණින.

ඔවුන් බෙහෙවින් පරිස්සම් වනබව දැනසිටි බිලීට ඊලඟට වෙන්නට යනදේ සිහියට නැගී ඉබේම සිනහවක් පහල විය. රයිෆලය, පතරොම්, වතුර බඳුන හා ආහාර ටිකක් එකතු කරගත් ඔහු වෘක ලෙන ඇතුලටම රිංගා ගත්තේය.

පලමුවරට ආ වෙලාවේ ඔහු දැනගත් පරිදි මෙහි පැටව් සිටියේ නැත. ගුහාවේ කෙළවර ගල බෑවුම් වී ඉඳගෙන සිටීමට හැකි පරිදි සකස් වී තිබිණ. ගිනිකූරක් දල්වා බැලූවිට දකුණුපස තවත් කුඩා ගුහාවක් වැනි ගුලක් පෙණින.

බිලී පරිස්සමින් නැවතත් ඇතුළුවන තැනට බඩගෑවේය. එතැන වැලිමත සටහන්ව තිබූ වෘක අඩි සලකුණු නොමැකෙන ලෙස ඔහුගේ අඩි සලකුණු මකා දමා ආපසු ලෙනේ ඇතුළටම පසුබැස ඉඳගත්තේ කොට බිත්තිය පෙනෙන පරිදිය.

රළුවට සාදා තිබූ බිත්තියට උඩින් හිසක් මතු උනේ තවත් පැය බාගයක් පමණ ගිය පසුය. එය ඉත්තෑකූරු කොණ්ඩයකින්, රතු හිස් පටියකින් හා තියුණු ශක්තිමත් පෙනුමකින් යුත් නායකයාගේය.

අනෙකුත් හිස් ද එකින් එක ඔහු අසලින් ඉහලට නැගින. අපාචේවරු හයදෙනෙක් තාප්පයට උඩින් පැන කුඩා බිම්කඩට පිවිසුනහ. කලබලයකින් තොරව බියට පත් ලොකු ඇස්වලින් වටපිට බැලූහ. හැම දෙයක් දෙසම හාත්පස බලනවිට ඇඳුම් හා මැටි රූප දෙසට ද දෑස් යොමුවිය. එක් ඉන්දියානුවෙක් උගුර යටින් හඬක් නගා එදෙසට ඇඟිල්ල දිගු කළේය.

ඔවුහු ලඟට විත් නැවතී දෑස් දල්වා මැටිරූප දෙස බියමුසු බැලුම් හෙලූහ. මේ මැටි රූප වලින් අදහස් වන දේ ඔවුන් හොඳින් දැන සිටියහ. එහි තේරුම නම් කට්ටඩියෙකු විසින් ඔවුන් හැමකෙනෙකුම මරාදැමීම සඳහා ගුරුකමක් කරඇති බවයි.

එක් ඉන්දියානුවෙකු ආපස්සට පැමිණ ඇඳුම් දෙස බැලුවේය. ඉන්පසුව බියපත්ව කෑගසා වෘක ලොම් දෙසට ඇඟිල්ල දිගු කළේය!

ඔවුහු බියපත් දෑසින් වටපිට බලමින් එකට එකතුවී කතා කරන්නට වූහ. ඔවුන් විශ්වාස කළ පරිදි ඔවුන් කොටුකර ගත්තේ සුදු මිනිසෙකි. අපාචේවරුන් ගැන දැනසිටි බිලී ඔවුන් ඔහුගේ උස, බර, වයස ආසන්න වශයෙන් දැනසිටි බවට සැකයක් නොවීය. පියවර අතර දුරින්, වැඩ කරඇති විදියෙන් හා බුරුල් පස් ඇති තැන්වල සටහන්ව ඇති ඔහුගේ අඩි සලකුණු වලින් ඔවුන්ට  මේ තොරතුරු දැනගත හැකිබව ඔහු දැන සිටියේය.

කොටුකර ගත්තේ සුදු මිනිසෙකු වුවත් ඔවුන්ගෙන් ගැලවී ගියේ වෘකයෙකි! ඔහුගේ ඇඳුම් බිම වැටී තිබේ. ඒවායේ වෘක ලොම් තැවරී ඇත.

සෑම ඉන්දියානුවෙකුම, වෘක රූපයෙන් මිනිස් රූපයට ද මිනිස් රූපයෙන් වෘක රූපයට ද සිතූ සැනින් වෙස් මාරු කළ හැකි වෘක මිනිසා නම් අමුතු සතා ගැන දැන සිටියහ. උන්ට මිනිසෙකු නිදියනවිට උගුරු දණ්ඩ කඩාගත හැකි අතර ලමයින්ගේ සිරුරු තුලට වෘක ලේ ඇතුළු කල හැකිය.

දවස ගෙවීගොස් ඇත. මහලු බිලී ඩන්බාර් වැඩ කරමින් සිටින අතරතුර හිරු ත්ෂිතිජයට ලඟා වී තිබූ බව ඔහුට මතකය. ඉන්දියානුවෝ නොසන්සුන් ලෙස වටපිට බැලූහ. මෙය මරණයේ ශාපය ඔවුන්ගේ හිස් මත පතිත කළ, මිනිසෙකු මෙන් පැමිණ වෘකයෙකු ලෙස පිටව ගිය, බලගතු ආත්මයක් වූ වෘක මිනිසෙකුගේ ගුහාවකි.

එක්වරම, කාන්තාරය දෙසින් වෘකයෙකු කෑගසන හඬක් නැගින.

අපාචේවරු තිගැස්සුනේ එක්වරම අකුණක් පිපිරුවාක් මෙනි. ඔවුහු එකාමෙන් ආපසු හැරුනි. ඔවුන් කොට තාප්පය ලඟට යනවිට දුවමින් සිටියහ.

හිරු නැගෙන තෙක් වෘක ගුහාවේ කට අද්දරට වැතිර රාත්‍රිය ගත කල මහලු බිලීට වෘකයා පැමිණ නොසන්සුන් ලෙස  බලා ආපසු යනු පෙණින. හිරු නැගෙත්ම ඔහු ගුහාවෙන් එළියට බඩ ගා ගත්තේය.

තණකොල කමින් සිටි බූරුවන් දෙදෙන හිස උස්සා ඔහු දෙස බැලීය. බඩු පටවන සෑදලයක් අතට ගත් ඔහු “හෙන ගහන්ඩ! මොකටද ආපසු යන්නේකියමින් එය ආපසු දැමීය.

පරණ  රයිෆලය හා අමතර ගැරුම් වට්ටිය අතට ගත් ඔහු ඉල්ලම අසලට පැමිණ වැඩ පටන් ගත්තේය. පරිස්සමින් වටපිට ඇස යොමු කරමින් සිටියද කිසිදු අපාචේ ඉන්දියානුවෙකු පෙනෙන්නට නොවීය. ඔහු සිතාගෙන සිටියාටත් වඩා හොඳින් රත්තරන් මතුවන්නට පටන් ගත්තේය. තව දවස් දෙකතුනක් මෙහෙම- එක්වරම ඔහු හිස උස්සා බැලීය.

ඉන්දියානුවෝ දෙදෙනෙක් ඔහුට මුහුණ ලා එළිමහනේ සිටගෙන සිටියහ. ආසන්නයේම සිටි එකා ඉදිරියට පැමිණ ගලක් මත යමක් තබා ඉවත්විය. ඔවුන් ආපසු යනතුරු ඇනතියාගෙන බලාසිටි බිලී ගල වෙත ගියේය. තිබුනේ මුවහම් කැබැල්ලක ඔතා තිබූ මුව ගාතයකි!

ඔහුට ඉබේම සිනහවක් පහලවිය. දැන් ඔහු බලගතු ආත්මයකි, වෘක මිනිසෙකි. මුවමස් සාමය පතා කෙරෙන පිලිගැන්වීමකි. එය පිළිගත යුතුය. අපාචේවරුන්ගේ රටට පැමිණ ඕනෑතරම් රත්තරන් ගැරීමට දැන් බාධාවක් නැතිබව ඔහුට වැටහිණ.

දින කිහිපයකට පසු වෘකයෙකු දඩයම් කළ ඔහු ඌ හමගසා හිස කොටස තබාගෙන සිරුර වලදැමීය. හිස කොටසින් තොප්පිය මත පැළඳිය හැකි සේ හිස් වැස්මක් නිමකරගෙන යන යන තැන එය හිසෙහි දමාගෙන ගියේය.

මසකට පසු බූරුවන් දෙදෙන පිටුපසින් ෆ්‍රිමොන්ට් වෙත පැමිණි ඔහුට ගේට්ටුව අසල සිඩ් බාර්ටන් තරුණයා සමග කතා කරමින් සිටින සැලී මුණගැසිණ. හා, කොහොමද! යනුවෙන් සිනහවක් පෑ සිඩ්, වෘක සම් හිස්වැස්ම දෙස ප්‍රශ්නාර්ථයක් සහිත බැල්මක් හෙලා, “ඕක මෙහෙ දාන්නැත්තං හොඳයි, වෘකයෙක් කියල කවුරුහරි රැවටෙන්න පුළුවන්.යැයි පැවසීය. මහලු බිලීට ඉබේම සිනහවක් පහලවිය. “ඔහේ හරියටම හරි! මම වෘකයෙක් තමයි. ඕන නම් අපාචේවරුන්ගෙන් අහල බලන්න!

කථාව අවසන් වන්නේ එසේය. මේ කථාව කියවූ පසු මගේ සිතෙහි පැන නැගුනේ ලුයී ල‘අමෝර් මේ වනවිට ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අසන්නට තිබුනා නේදැ‘යි දැනුන එකම එක ප්‍රශ්නයකි.

“21වන සියවසේ මුල් භාගයේ සිංහල බෞද්ධයින් අතර සිදුවූ දෙයක් 18වන සියවසේ මැද භාගයේ අමෙරිකාවේ අපාචේ ගෝත්‍රිකයන් අතර සිදුවූ  ලෙස දශක ගණනාවකට පෙර ඔබ ලිව්වේ කෙසේද?


සිකුරු තරුව පායන කං....

 


වසර ගණනාවකට වරක් පායා චමත්කාරය දනවා නැවතත් නොපෙනී යන වල්ගා තාරුකා මෙන් අප සමාජයෙන්ම මතුවී බැබලී නැවත එහිම ගිලී යන චරිත වරින් වර අපට හමුවෙයි. මේ දිනවල කිසිදු භේදයකින් තොරව සමාජයේ සියළුම දෙනාට චමත්කාරය බෙදා දෙන චරිතයක් මතුව තිබෙයි.

ඔබ නැති දවස

                                                                



පොත්ගුලේ අසුන් සැම

එකින් එක පිරී යත

ඈත මීදුමින් වැසි

කඳු මුදුන වගෙයි සිත

රතු ඉන්දියානුවාගේ අනාවැකිය

 

 ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L’Amour ගේ “Westward the Tide” නවකතාවෙන් උපුටා ගත් කොටසකි මේ. රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙකු සුදු මිනිසුන් අමතා කරන කථාවක් ලෙස මෙම කොටස ලියවී තිබේ. එසේ වුවද මෙහි දැක්වෙන කරුණු වර්තමානයේ ඕනෑම රටකට පොදු බව කියවූ පසු තේරුම් යයි. ලේඛකයා පිළිබඳව ද යමක් සටහන් කිරීම අත්‍යවශ්‍යය. Western යනුවෙන් හැඳින්වෙන, උතුරු අමෙරිකාවේ ගව පාලනයෙහි යෙදුන ජන කොටස් (cowboys) පසුබිම් කරගත් කතා විශේෂය කලක් පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ යුගයක් විය. මේවා ඇසුරෙන් නිපැයූ සිනමා නිර්මාණ ද එලෙසම ජනප්‍රිය විය. මේ නිර්මාණ බොහොමයක දැකගත හැකි වූ ලක්ෂණයක් වූයේ රතු ඉන්දියානුවන් ම්ලේච්ඡ, අමානුෂික ජන කොටසක් ලෙස නිරූපනය කිරීමයි. එහෙත් ලුයී ල‘අමෝර් තම නිර්මාණ වලදී ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙලනු නිරීක්ෂණය කළ හැකිය. සඳහන් කළයුතු තවත් විශේෂ කරුණක් නම් ල‘අමෝර් ගේ සීයා මියගියේ රතු ඉන්දියානු ප්‍රහාරයකින් වීමයි. 


                                          (රතු ඉන්දියානු ගෝත්‍රික නායක රෙඩ් ක්ලවුඩ්) 

පියවර

 

   


 නයිජීරියානු ලේඛක Samson O. O. Amali විසින් රචිත Strides නම් කවි පංතියෙහි පරිවර්තනයකි.
                                                         


පියවර

බලන්න අර දරුවා දෙස,

ලඟින්, ලඟින් පා තබමින් මවගෙ පිටුපසින් දිව යන.

කුරුල්ලෙකු ඇල්ලු අන්ධයා

 

අමෙරිකානු ලේඛක Alexander McCall Smith විසින් රචිත A Blind Man Catches a Bird නම් කතාවේ පරිවර්තනයකි.

                                                 කුරුල්ලෙකු ඇල්ලු අන්ධයා

එක තරුණයෙක් විවාහ උනේ අන්ධ සොහොයුරෙකු සිටින තරුණියක සමගයි. මෙම තරුණයාට තම මස්සිනා හොඳින් හඳුනා ගන්නට අවශ්‍ය  උනා. එම නිසා දවසක් ඔහු මස්සිනාට දඩයමේ යන්නට යෝජනා කළා.

මට ඇස් පෙනෙන්නේ නැහැ. ඒත් අපි යමු. ඔබට පුළුවන් මට උදවු කරන්න.අන්ධ මිනිසා කිව්වා.

ලේ සුවඳ

 මේ පුවත්පතක පළවූ මගේ පලමු නිර්මාණයයි. ඒ 1991-04-24 දින තරුණි පුවත්පතේය. අද මෙය නැවත කියවන විට වෙනස් කළයුතු යයි සිතෙන තැන් කොතෙකුත් පෙනුණද එය එසේම මෙහි බහාලන්නට සිත්විය.



බටහිර අහසේ මදක් මුදුණට වන්නට අඩසඳ පායා ඇත. එසේ වුවද ඉන් නික්මෙන්නේ මලානික එළියකි. කටුකැලය පුරා ඝනව වැඩුනු පඳුරු හා අතරින් පතර අහසට නැගුණු රූස්ස ගස් අන්ධකාරයේ නිමග්නව ඇත. සුදුමැලි සඳ එළිය විසින් මද හෝ ඉඩක් ඇති සෑම තැනකම වාගේ ඇඳ ඇති සෙවනැලි නිසා අඳුරු බව වඩාත් දැඩිව දැනේ. මී ගසක ගෙඩි කෑමට රොක්වූ මා වවුලන්ගේ නාදය රාත්‍රියේ නිසල බව බිඳිමින් ඈතට විහිද යයි.

Moon and the Waves

                


                         Moon and the Waves  

 I step out into the garden and let Dew-soaked moon,

Among glittering stars, pour its pale wet light over me,

ඝානා ජාතික කවියෙකු වූ Jawa Apronti විසින් රචිත Question නම් කවියේ පරිවර්තනයකි.

                                                                    ප්‍රශ්නාර්ථය



  කළු මිනිසාණනි,

යන්නෙ නැද්ද ඔබ හඳට?

කියන්නට එපා මට ඔබේ

ජුජූ තාක්ෂණය

නොසෑහෙතැයි කියා එයට.

 

                            වෙදකම, හෙදකම හා අපේකම




1992 හෝ 93 වසරය. මා රෝහල්ගතව සිටියේ fistula නමින් හඳුන්වන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. මගේ වම්පස ඇඳේ සිටියේ කකුලක තුවාලයක් තිබූ රෝගියෙකි. ඔහුගේ ගැටළුව වූයේ එය නිට්ටාවට සුව නොවීමයි. ඔහු මෙම රෝහල වෙත එවා තිබුනේ මේ අවට ප්‍රාදේශීය රෝහලකිනි. වාට්ටුවේ ගතකළ දින කිහිපය තුළ මා දුටුවේ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකු සිටින බවයි. මේ දෙදෙනම වරින් වර රෝගීන් පරීක්ෂා කිරීමට පැමිණියහ. ඉන් එක් වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කිරීම සඳහා මා මෙම වාට්ටුවට යොමුකළ වෛද්‍යවරයාය. දිනක් අනෙක් ශල්‍ය වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කිරීමට වෛද්‍ය ශිෂ්‍යයින් කණ්ඩායමක් ද සමග පැමිණි අතර මගේ අසල්වැසි රෝගියා අසල නතර විය. වෛද්‍ය වාර්තා පෙන්වමින් ඉංග්‍රීසි බසින් තම සිසුන් ඇමතූ ඔහු රෝගියාගේ කකුල කැපීමට සිදුවන බව පැහැදිළි කළේය. ඉන්පසු රෝගියා දෙසට හැරුන ඔහු, “මේ කකුල කපමු, බොරු කකුලක් දාගත්තම ඔය ඉන්නවා වගේම ඇවිදින්න පුළුවන්, බය වෙන්න දෙයක් නෑ.” යයි පවසා මගේ ඇඳ දෙසට හැරුනේය. අන්දුන් කුන්දුන් වූ

                                                     

                                  වේවැල් කෝටු, නාරං, සියඹලා අතූ.......



මේ බොහෝ ඈත අතීතයට අයත් කතාවකි. ඒ 1986 වසරයි. ගුරු පුහුණුව නිමකළ අපගේ අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වී තිබිණ. දැන් කළයුත්තේ ගුරු පුහුණු වැටුප සකස් කරගැනීමයි. එවකට නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පාසැලක සේවය කළ මා නිකවැරටිය කලාප අධ්‍යාපන  කාර්යාලයට ගියේ ඒ සඳහාය.

 

  කිරි කළ, බෝධි පූජා හා රෝග සුවකරන ෆේස්බුක් ආශිර්වාද පූජා




මන්ට හෝ පවුලේ කෙනෙකුට රෝගයක් වැළඳුන විට හෝ අද්භූත බලවේගයකින් අපල උපද්‍රව සිදුවන බව විශ්වාස කළවිට හෝ බෞද්ධ සංස්කෘතියට අනුව හැඩගැසුන අපගේ ගැමියා පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා, කිරි කලයකින් බෝධිය නාවා, හාමුදුරුවන්ගෙන් පිරිතක්, බණක් අසා සිත පහදවාගෙන යහපතක් බලාපොරොත්තු වූහ.